හිතන්නේ බලන්නේ නැතිව ඉක්මනට වැඩි කර ගත්ත බර ඉක්මනටම අඩුකර ගන්නේ මෙහෙමයි

June 23, 2017
12,816
How to Lose Weight Fast
අපේ තියෙන වැරදි ආහාර රටාව සහ ජීවන රටාවේ තියෙන වැරදි නිසා ගොඩ දෙනෙක් ස්ථුල භාවයට පත් වෙලා, බර වැඩි වෙලා, ඒ වගේම ගොඩ දෙනෙක් ඒක මානසික වදයක් කර ගෙන සහ එයින් මිදෙන්න ගොඩක් උත්සහ කරනවා. කෙටි ක්‍රම හොයනවා. ඉක්මනින් බර අඩු කර ගන්න කියලා ගොඩක් දෙනෙක් භාවිතා කරන විවිධ ක්‍රම නම් කිසි සේත්ම අනුමත කරන්න බැහැ. ඒ නිසා නිවැරදි ආහාර රටාවකට පුරුදු වීම සහ ක්‍රමානුකුලව ව්‍යායාම කිරීමත් ගොඩක් වැදගත්. තමන්ගේ උසට හා වයසට සරිලන ලෙස බර පවත්වාගෙන යාම ගොඩක් වැදගත්. ඒ අතර මේ ආහාර වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කර ගත්තොත් බලන්නකෝ ඔයාට ලැබෙන වාසි මොනවද කියලා.

1. තම්බා ගත් එළවළු

විශේෂයෙන් රාත්‍රී ආහාර වේලට තම්බා ගත් එළවලු කන්න. හැබැයි අනවශ්‍ය විදියට තම්බන්නත් එපා. හුමාලයෙන් තම්බනවා නම් තමයි ගොඩක් හොඳ. විශේෂයෙන් කෙදි බහුල එළවලු වර්ග එකතු කර ගන්න. එමගින් ඔබව වැඩි වෙලාවක් බඩගිනි නොවී තබා ගනීවි. තවද රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස අඩු වැඩි වීමත් මේ මගින් පාලනය කරනවා. ඒ වගේම ආහාර ජීර්ණ පද්දතියේ නිසි ක්‍රියාකාරිත්වයටත් හේතු වෙනවා.

2. බිත්තර

ඔයාගේ ශරීරයේ බර පාලනයට ප්‍රෝටීන් වැඩියෙන් අඩංගු ආහාර උදැසන අහාර වේලට එකතු කර ගන්න. බර පාලනයට එයින් මහත් රුකුලක් ලැබෙනවා. කැලරි 350ක් පමණ ආහාරයට ප්‍රෝටීන් ග්‍රෑම් 35 ක් පමණ ලැබෙන ලෙස බිත්තර එකතු කර ගැනීමෙන් දවස පුරාම ප්‍රබෝදයක් ලැබෙනවා වගේම ඔයාට වරින් වර කෙටි ආහාර ගැනීමටත් ඕන වෙන එකක් නෑ. ප්‍රධාන ආහාර වේලට අමතරව ගන්න කෙටි ආහාර අපේ බර වැඩි වීමට වගේම ස්ථුලභාවයට හේතු වෙනවා.

3. බෝංචි

බෝංචි වගේම ගොඩක් එළවලු වර්ග අපට අවශ්‍ය ප්‍රෝටීන් වලින් සමන්විත වෙනවා. ඒ වගේම ඒවායේ ඇති කෙදි සහිත බව නිසා හෙමින් හෙමින් දිරවීමට ලක් වෙනවා. වාසිය වෙන්නෙත් ඔයාටමයි. ගොඩක් වෙලාවක් යනකන් බඩගින්නක් දැනෙන එකක් නැහැ. එවිට ඔයා අනවශ්‍ය ලෙස අධික තෙල් හා සීනි සහිත කෙටි ආහාර ගන්න එක ගොඩක් අඩු වෙයි. ප්‍රධාන ආහාර වේලකදී උනත් පිෂ්ටය වැඩි ආහාර නොගෙන ඉදිවී.

4. සුප් වර්ග

ප්‍රධාන කෑම වේලට පෙර සුප් කෝප්පයක් පානය කරන්න පුලුවන්නම් එක ගොඩක් හොඳයි. නිවැරදි ලෙස අඩු මේද මට්ටමක් සහ ශරීරයට අහිතකර රසකාරක නැතිව හදපු එලවලු හෝ මාංශමය සුප් එකකින් කුසෙන් හරි අඩක් පමණ පුරවා ගත හැකියි. ඒ නිසා පසුව ඔබ ආහාරයට ගන්නා පිෂ්ටය හා මේදය අඩංගු ආහාර සෑහෙන්න අඩු කර ගන්න පුළුවන්.

5. රට කජු, අලිගැට පේර

දිනකට ස්වල්ප වශයෙන් මේ දේවල් ආහාරයට ගන්න පුලුවන්නම් ඔයාගේ ශරීරයේ බර අඩු කර ගැනීමේ සැලැස්මට වාසියක් වෙනවා. අනෙක මේවගේ අඩංගු වෙන්නේ හිතකර මේදයයි. ඒ නිසා සුළු වශයෙන් මේවා ආහාරයට එකතු කර ගන්න.

7. යෝගට්.

අපි කවුරු උනත් කන්න කැමති දෙයක්නේ යෝගට් කියන්නේ. යෝගට් ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට හේතු වෙනවා වගේම එයින් ඔයාට නිතර නිතර බඩගිනි වෙන එකකුත් නැහැ.

මේ දෙවල් කරන්න අමාරු දේවල් නෙවෙයිනේ. පොඩ්ඩක් කම්මැලිකම අඩු කරලා මේ කියපු දේවල් කරලා බලන්න. ඒ වගේම දවසකට අඩුම ගානේ විනාඩි 45ක් වත් ව්‍යායාම කරන්න. තමන්ගේ වයසටත් උසටත් ගැලපෙන ශරීර ස්කන්ධයක් පවත්වා ගැනීම ගොඩක් වැදගත් වෙනවා කියන එක ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 326 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:55 AM
Script:/article/326/how-to-lose-weight-fast.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:55 AM
Script:/article/326/how-to-lose-weight-fast.html