පොඩ්ඩාට පැම්පස් භාවිතය කොතරම් දුරට සුදුසුද?

November 27, 2019
15,527
How adequate diapers for your child?
දරුවෝ කියන්නේ අපිට තියෙන වටිනාම සම්පත. දරුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඕනෑම අම්මා තාත්තා කෙනෙක් පෙළඹෙන්නේ ඒ නිසයි. ඒත් අපි දුර දිග නොබලා කරන සමහර වැරදි දරුවන්ට හානි කරන්න හේතු වෙනවා. බටහිර රටවල අලුත උපන් බිලිඳකු බැලීමට පැමිණිමේදී ත්‍යාග වශයෙන් පැම්පස් රැගෙන ආවාද ලාංකාවේ දරුවෙකු බැලීමට පැමිණෙන බොහෝ අය දරුවාට පෑම්පස් භාවිතය සුදුසු නැති බව පවසනවා. ඒ අනුව බොහෝ මවුවරුන් අලුත උපන් දරුවන්ට පෑම්පස් භාවිතා කිරීමට බිය වෙනවා. අද හැඩකාරී අපි ඔයාට පොඩ්ඩාට පැම්පස් භාවිතය කොතරම් දුරට සුදුසුද යන්න මේ ලිපියෙන් කියලා දෙනවා.

අලුත උපන් නීරෝගී බිළිඳකු දවසකට පහළොස් වතාවක් පමණ මුත්‍රා පිටකිරීමත් තුන් වතාවක් පමණ මලපහ කිරීමත් සාමාන්‍යයෙන් දැකගත හැක. එම සෑම අවස්ථාවකම ඒවා ඉවත් කල යුතුය. විශේෂයෙන් රාත්‍රී කාලයේ දී දරුවා මුත්‍රා කිරීම මවගේ මෙන්ම දරුවාගේද නින්දට බාධාවක් ඇති කරයි. නමුත් පැම්පස් භාවිතය මගින් මවටත් දරුවාටත් සුව නින්දක් ලබාගත හැකියි. එ නිසා වඩාත් යෝග්‍ය රෙදි ඩයපර්ය.

රෙදි ඩයපර් පාවිච්චි කිරීමේදී ඇති වන වාසි

වැඩිපුර අවශෝෂණ හැකියාව

සාමාන්‍යයෙන් ඉවතලන පැම්පර් එකකට වඩා අවශෝෂණ හැකියාවක් රෙදි ඩයපර් එකක් තුල තිබෙනවා. මෙතුළින් අපද්‍රව්‍ය ඉවතට ලීක් වීමේ සම්භාවිතාවත් ඉවතලන පැම්පර් එකට වඩා බොහෝ අඩු වෙනවා.

රසායනික ද්‍රව්‍ය විරහිත වීම

ඉවත දැමිය හැකි පැම්පර් වල අවශෝෂණ හැකියාව වැඩි කිරීම සඳහා ජෙල් වර්ග වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා වන අතර මේවා කිරිකැටියාගේ මෘදු මෙලෙක් සමට එතරම් හිතකර නැහැ. රෙදි ඩයපර් වල එවැනි රසායනික ද්‍රව්‍ය නොමැති අතර ස්වභාවික අමුද්‍රව්‍ය වලින් අවශෝෂණ හැකියාව වැඩි කර තිබීම ඉතා හිතකරයි.

සුව පහසුව

පොලිතින් වර්ගයකින් නිමැවුණු ඉවත දැමිය හැකි පැම්පස් විශේෂයෙන්ම ශ්‍රී ලකාවේ දේශගුණය තුල පැළඳවීමෙන් දරුවාට සුව පහසුවට එතරම් උපකාර වන්නේ නැති මුත් එයට වඩා සැහැල්ලු හා අඩු තට්ටු ප්‍රමාණයකින් යුත් රෙදි ඩයපර් පැළඳවීමෙන් දරුවාට සාපේක්ෂව ඇති වන අපහසුතාවය අඩුයි.

අඩු මිලට වැඩි වාසියක්

පැම්පස් සාමාන්‍යයෙන් මිල අධිකයි. ඉවතලන පැම්පර් එකක් ගන්න මිලට නැවත නැවතත් පාවිච්චි කල හැකි ඩයපර් එකක් මිලදී ගැනීමෙන් මසකට ඔයාට මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගන්නට පුළුවන්.

පැම්පස් භාවිතයේදී එය පැය දෙකෙන් දෙකටවත් මාරු කිරීමට වගබලාගත යුතුයි. එමෙන්ම ඉතා හොඳින් තෙත උරාගන්නා උසස් තත්වයේ පැම්පස් භාවිතයට ගත යුතුයි. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1460 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:03 AM
Script:/article/1460/how-adequate-diapers-for-your-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:04 AM
Script:/article/1460/how-adequate-diapers-for-your-child.html