ඉතුරු කරන්න කැමති කාන්තාවන්ට හොඳ ආරංචියක්

July 20, 2017
6,568
Tips on Finding the Best Savings Account
අපි හැමෝම කැමති සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න. ජීවිතේට අපි හොයන සැහැල්ලුව ළගා කර ගන්න අපි ජීවිත කාලය පුරාම මහන්සි වෙනවා. වෙලාවකට ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම්. හැබැයි ඉතිං වෙලාවකට ආපහු හිතලා බලනකොට අපි මහන්සි වෙලා විතරයි, අපි හොයන සැහැල්ලුව නම් අපේ ජීවිතේට ලැබිලා නැහැ. හැබැයි ඉතිං හොඳට කල්පනා කරලා අනාගතය ගැන බුද්ධිමත්ව තීරණ ගන්න කාන්තාවකට නම් ජීවිතේ කරදරයක් නැතුව සැහැල්ලුවෙන් ගත කරන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා අද අපි ඔබට කියන්න හිතුවේ කාන්තාවක් විදිහට ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න නම් ඇය ජීවිත කාලය පුරාවටම අනිවාර්යෙන්ම කල යුතු දෙයක් ගැන. මේක අමුතු අරුම පුදුම දෙයක් නම් නොවෙයි අපි හැමෝටම බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ඉතිරි කිරීම කියන කාරණාව ගැන තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ. බලන්නකෝ කාන්තාවක් විදිහට ඉතිරි කිරීම කියන පුරුද්ද ඔබේ ජීවිතයට කොච්චර වැදගත් වෙනවද කියලා.

ඉතිරි කිරීම අපිට මොන තරම් වැදගත්ද කියලා ඔයා දන්නවද?

හොඳ පුරුදු හැමදාමත් අපේ ජීවිතේ ලස්සන කරනවා. කාන්තාවක් විදිහට ඔබ ඉතිරි කරන්න පුරුදු වෙනවා කියන්නේ ඒක ඔබේ මුළු ජීවිතේටම වටින දෙයක්. කාන්තාව කියන්නේ මුළු ජිවිත කාලෙම නොයෙක් බාධක හැල හැප්පීම් වලට මුහුණ දෙන චරිතයක්නේ. ඒ අතරේ ආර්ථික ප්‍රශ්නත් අනිවාර්යෙන්ම එනවා. ආර්ථික ප්‍රශ්න හමුවේ අපි කොච්චර අසරණ වෙනවද කියල අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. අද අපි ළඟ තියෙන සල්ලි හෙට තව කෙන් ළඟ. ඉතින් ඒ වගේ අමාරු කාලයකදී ඔයා මේ කියන ඉතිරි කිරීමේ පුරුද්ද පුරුදු කරලා තිබුනොත් ඒක ඔයාට මොන තරම් නම් ශක්තියක් වෙයිද?

ඒ වගේම තමයි ඉතිරි කිරීම තුලින් අනාගතය සුරක්ෂිත කරනවා. අද දවසේ සැහැල්ලුවෙන් ජිවත් වෙන්න ඒකම ලොකු උදව්වක්නේ. තවත් දෙයක් තමයි අපි හැමදාමත් එකම තත්වේ ඉන්නේ නැහැ. ජීවිතේ අසරණ වෙන වෙලාවල්, ගොඩනගා ගත්ත දේවල් සම්පුර්ණයෙන්ම කඩා වැටෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ තත්වෙකදී බියක් නැතුව හැම අභියෝගයකටම මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ අනාගතය ගැන හිතලා අද යමක් ඉතිරි කරොත් විතරයි.

කරදර කියන ඒවා ජීවිතේට එන්නේ කියා කියා නෙවෙයිනේ. මොන වෙලාවේ මොන මොන දේවල් සිද්ද වෙයිද කියල අපි දන්නේ නැහැ. අපිට පිහිට වෙයි කියල හිතන් ඉන්න ගොඩාක් අයත් ඒ වගේ වෙලවල් වලදී අපිට පිටුපානවා. ඔයාට ඒ ගැන ඕන තරම් අත්දැකීම් ඇති. ඒ වගේ කරදරයකදී, හද්දීස්සියකදී ඔයා යමක් ඉතුරු කරලා තිබුනොත් ඒක ඔයාට කොච්ච්ච්ර නම් ප්‍රයෝජනවත් වෙයිද? කා ළඟවත් වැඳ වැටෙන්නේ නැතුව ආත්ම අභිමානයෙන් යුතු කාන්තාවක් විදියට වැඩ කරන්න පුළුවන්.

පිරිමි අය නම් මුළු ලෝකෙම තමන්ගේ පවුල කර ගන්නවා. එත් කාන්තාවකට පවුල තමයි එයාගේ මුළු ලෝකෙම වෙන්නේ. හැම තිස්සෙම මුල් තැන දෙන්නේ පවුලට. ඉතින් ඔයා ඔයාට පුළුවන් හැම වෙලාවකම පුංචි මුදලක් හරි ඉතුරු කරනවා නම් ඔයා විතරක් නෙවෙයි ඔයාගේ මුළු පවුලම සුරක්ෂිතයි. ඒ වගේම සැමියාට බරක් වෙන්නේ නැතුව පවුලේ කටයුතු වලදී වගකීමක් අරන් වැඩ කරන්න පුළුවන්.

තවත් දෙයක්.. ඔබ ඉතිරි කිරීම ජීවිතයේ පුරුද්දක් කරගත්ත කාන්තාවක් නම් ඇත්තටම ඔබ අනෙක් කාන්තාවන්ට වඩා සුවිශේෂී කෙනෙක්. මොකද ඔබට පුළුවන් අනෙක් කාන්තාවට වඩා හොඳින් ජීවිතේ සැලසුම් කරගන්න වගේම හොඳින් ජීවිතේ ගත කරන්නත්. මේ නිසා ඔබ ඇත්තටම අනෙක් කාන්තාවන් අතර කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ මේ හොඳ පුරුද්ද නිසා පවුල තුලත් ඔබට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්.

ඔබ අනාගතය ගැන හිතලා අද ඉතුරු කරන කාන්තාවක් නම් ඔබට පුළුවන් හොඳ ආත්ම විශ්වාසයකින් ඔබේ අනාගතයට මුහුණ දෙන්න. මොකද ඔබට කිසිම අවශ්‍යතාවයක් නැහැ අනාගතය ගැන බය වෙන්න. මොකද ඔබ දන්නවා ඔබ ප්‍රශ්නයක් නැතුව අනාගතය ගත කරන්න පුළුවන් විදිහට අද ඒ වෙනුවෙන් ඉතුරු කරලා තියෙන්නේ කියලා. මේ නිසා ඔබට පුළුවන් කිසිම බයක් නැතුව හොඳ ආත්ම විශ්වාසයකින් අනාගතයට මුහුණ දෙන්න. මෙන්න මේ දේවල් නිසා ඉතිරි කිරීම ගොඩක් වැදගත්. හැබැයි ඔයාගේ ඉතුරු කරන පුරුද්දට වටිනාකමක් ලැබෙන්නේ ඒ සඳහා හොඳ ඉතිරි ඉරීමේ ගිණුමකුත් තොර ගත්තොත් තමයි.

කොහොමද හොඳ ඉතිරි කිරීමේ ගිණුමක් තෝරා ගන්නේ?

ඔයා ඉතුරු කරන හැම රුපියලකටම නිසි වටිනාකමක් ලබා දෙන්න හැමෝටම බැහැ. ඒ නිසා ඔයාගේ මහන්සියෙන් උපයන මුදල් වලට නිසි වැදගත්කමක් හා වටිනාකමක් ලබා දෙන ආයතනයක් සහ ඉතුරුම් ගිණුමක් තොර ගන්න. විශේෂයෙන් ඒ මඟින් ඔයාට ලැබෙන ප්‍රතිලාභ ගැනත් අවධානය යොමු කරන්න.

එහිදී වැදගත්ම දේ තමයි පොලිය. ඔයා ඉතුරු කරන මුදලට මාසිකව ලැබෙන පොලී අනුපාතය කොපමණද කියන එක වගේම බෝනස් පොලී මඟින් ඔයාට ලැබෙන වාසි ගැනත් හොයා බලන්න. ඒ වගේම අදාළ ගිණුම තුලින් ඔයාට සහ පවුලේ අයට ලැබෙන රක්ෂණාවරණ, දරු උපත්, හදිසි රෝහල් ගත කිරීම්, වෛද්‍ය පරීක්ෂණ, උපන් දිනයකදී වගේම රෝහල් ආවරණයන් වැනි සුවිශේෂී අවස්ථා වලදී අදාළ ඉතුරුම් ගිණුම තුලින් ලැබෙන ප්‍රතිලාබ සහ එය ප්‍රමාණවත්ද නැද්ද කියන එක ගැනත් හොඳින් හිතන්න.

ඒ වගේම තමයි ATM, Internet Banking, Mobile Banking වගේ නව තාක්ෂණය සමඟ මුසු වුන පහසුකම් සලසනවා නම් ඒක ඇත්තටම ඔයාගේ කාර්යබහුල ජිවිතයට ගොඩාක් ලොකු පහසුවක් වෙයි. මේ හැමදේකටම වඩා වැදගත් වෙන්නේ ඔයා ඉතුරු කරන්න තොර ගන්නේ විශ්වාසවන්ත ආයතනයක්ද කියන එක. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය හා බලපත්‍ර සහිත ආයතනයක්ද කියන එක. ඔයා දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල් තැම්පත් කරන්න කලින් ඔයා ඒ ගැන අනිවාර්යෙන් සොයා බැලිය යුතුමයි. ඔයාට ඉතිරි කිරීමේ ගිණුම් ගැන වැඩි විස්තර හා හොඳ ගිණුමක් තෝරා ගන්න පහල තියෙන link එක උදවු වෙයි.

අභිමානවත් කාන්තාවක් විදියට ලෝකය ජය ගන්න ඔයාට මේ දේවල් මහත් රුකුලක් වෙයි.

Click Here

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 353 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:20:03 AM
Script:/article/353/tips-on-finding-the-best-savings-account.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:20:03 AM
Script:/article/353/tips-on-finding-the-best-savings-account.html