ලෝකයේ වැඩියෙන් ආයුෂ භුක්ති විඳින මිනිසුන් දිනපතා ආහාරයට ගන්නා කුළුබඩු 4ක්

September 7, 2021
5,441
Spices that long lived people consume
ලොව වැඩි කාලයක් ජීවත් වූ සහ ජීවත්වන මිනිසුන් ආශ්‍රයෙන් ජීවත්වන කලාප ආශ්‍රිතව කරන ලද පර්‍යේශනයන් රාශියක් මගින් ඔවුන්ගේ විශේෂ වූ ආහාර රටාවන් සහ ඒවායේ සෞඛ්‍ය සම්පන්න පිළිවෙත පිළිබඳව වැදගත් කරුණු රාශියක් අනාවරණය කර තිබෙනවා.. විශේෂයෙන් ඔවුන්ගේ ආහාර වේල් සඳහා සකස් කරන ලද ආහාර අමුද්‍රව්‍ය (processed ingredients) හෝ සීනි එක්කර ගන්නේ නැහැ. ඒ වෙනුවට සම්පූර්ණ ආහාර සහ ශාකමය ආහාර බහුල ලෙස ආහාර වේලට එක්කර ගනු ලබනවා.

පර්‍යේශකයන් පවසන ආකාරයට එම කලාපයන් හි මිනිසුන්ගේ ආහාර වේල්වල රතු පැහැති මස් වර්ග, සැකසූ සහ පිරිපහදු කරන ලද සීනි අඩංගු ආහාර සීමා කිරීම, ආහාර වේලෙන් වැඩි ප්‍රමාණයක් සඳහා සම්පූර්ණ පෝෂකයන් සපිරි ආහාර එක්කර ගැනීම, බෝංචි දිනපතා ආහාරයට ගැනීම, වැඩිපුර ජලය පානය සහ විශේෂයෙන් ශාකසාර සහ කුළුබඩු ආහාරයට මුසු කරගැනීම වැනි විශේෂතා වනවා.

ආහාර වේල් සඳහා කුළුබඩුවර්ග එක්කර ගැනීමෙන් ඔවුන් විශාල ප්‍රතිලාභයන් අත්කරගන්නා බවයි පර්‍යේෂකයන් අනාවරණය අරගෙන තිබෙන්නේ.. එහි අඩංගු ක්ෂුද්‍රජීවී සහ ප්‍රතිඔක්සිකාරක ගුණාංග මගින් හෘද සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණය සහ සුවකිරීම වැඩි දියුණු වීම සිදුවනවා. එමෙන්ම වැඩි ආයුෂ වළඳන පුද්ගලයන් ජීවත්වන කලාපයන් හි මේ එක් එක් කුළුබඩු විවිධ ලෙස ඔවුන් ආහාරයට එක්කර ගනු ලබනවා.

දීර්ඝායුෂ ලබාගැනීමට උපකාරි වන කුළුබඩු මොනවාද යැයි ඔබටත් කුතුහලයක් ඇති..එසේනම් බලන්න අපගේ මුළුතැන්ගෙහිත් ඒවා අඩංගු වනවා දැයි කියා..

1. කහ ( Turmeric)
- ආහාරයට රසවත් සහ වර්ණවත් බවක් එක්කරන කුළුබඩුවක් ලෙස ප්‍රචලිත කහ විශේෂයෙන් දීර්ඝායුෂ විඳින මිනිසුන් ජීවත්වන කලාපයක් ලෙස සැලකෙන ජපානයේ ඔකිනාවා ප්‍රදේශයේ පුද්ගලයන් ඔවුන්ගේ දෛනික ආහාරය සඳහා එක්කර ගනු ලබනවා.

- කහවල අඩංගු ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණාංග මගින් Alzheimer වැනි මොළය ආශ්‍රිත රෝග, ඩිමෙන්ශියා වැනි මානසික රෝග සහ හෘද රෝග ඇතිවීමේ අවධානම අඩුකරනු ලබනවා.

- කහවල අඩංගු curcuminoid නමැති ශාකමය සංයෝගයය ශරීරයේ දැවිල්ල සමනය කරන අතර ඔක්සිකාරක හේතුවෙන් වන ශාරිරික ආතතිය සමනය කිරීමට උපකාරි වනවා. එමගින් වයස අවුරුදු 50 සිට 90 දක්වා පුද්ගලයන් තුල ඇතිවන මතකය සහ අවධානය අඩුවීම සම්බන්ධ ගැටළු සඳහා ප්‍රථිකාරයක් ලෙසටද ක්‍රියාකරනවා. එමෙන්ම curcuminoid මගින් Docosahexaenoic acid (DHA) වැඩිකර ගැනීමට උපකාරි වන බවත් එමගින් මානසික සෞඛ්‍ය සඳහා ප්‍රතිලාභ රාශියක් ලබාදෙනවා.

- කහ ඔබගේ මුළුතැන්ගෙය තුල පිළියෙල කරන ආහාර වර්ගයන් අතරින් වැඩි ප්‍රමාණයකට එක්කර ගැනිමට හැකියි.

2. කළු ගම්මිරිස් - Black Pepper

- ගම්මිරිස් වල අඩංගු පෙපරින් සංයෝගය මගින් සංජානනය සහ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිකරනු ලබනවා.

- කහ සමග ආහාරයට එක්කර ගැනීමෙන් කහවල අඩංගු ශාකසාර curcuminoid සංයෝගය සිරැරට අවශෝෂණය කරගැනීමට උපකාරිවිම.

- ඔබට එළවලු ව්‍යංජන, සලාද, මස්, මාලු, සලාද සැරසිලි හෝ ඩ්‍රෙසින් සඳහා ආදි ඕණෑම දෙයක් සඳහා ගම්මිරිස් එක්කර ගත හැකියි.


3. ඉඟුරු - Ginger

- මිනිසාගේ දීර්ඝායුෂ වැඩිකිරීම සඳහා බෙහෙවින් උපකාරිවනවන ඉඟුරුවල අඩංගු gingerols සහ shogaols වැනි ප්‍රතිඔක්සිකාරක මගින් සිරැරේ ඇතිවිය හැකි ප්‍රතිඔක්සිකාරක ආතතිය පාලනයට උපකාරි වනවා.

- ඉඟුරු මිශ්‍ර තේ, එසේ නොමැති නම් මස්, මාලු, එළවලු ආදිය පිළියෙල කිරීමට ඔබට ඉඟුරු පහසුවෙන් එක්කර ගත හැකියි.


4. සුදුලූණු - Garlic

- ලූණු කුලයට (Allium) අයත් වර්ගයක් වන සුදුලූණු ආහාර පිළියෙල කිරීමේ දි රසකාරකයක් ලෙස බහුලව භාවිතා වනවා.
- ස්වභාවිකවම ශරීරයේ දාහය සමනය කරන සහ ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ ඇති අතර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටද උපකා‍රි වනවා.
- ඉහළ රුධිර පීඩනය පාලනය කිරීමට, සෙම්ප්‍රතික්ශාවෙන් වැළකීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සුදුළූණු සැලකිය යුතු කර්තව්‍යයක් ඉටුකරනු ලබනවා.
- සුදුලූණු ඉවීමට, බැදීමට,සෝස්වලට, ව්‍යංජන,මස් ,මාලු සැකසීමට ආදී ඕනෑම දෙයක් සඳහා භාවිතා කලහැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 2061 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:08:36 PM
Script:/article/2061/spices-that-long-lived-people-consume.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:08:37 PM
Script:/article/2061/spices-that-long-lived-people-consume.html