ඔයත් මේ දේවල් කරොත් විවාහ ජීවිතය වැඩි කල් නොයා දෙදරා යන්න ඉඩ තියෙනවා

July 27, 2017
9,035
Relationship Problems and How to Solve Them
ආදර සම්බන්ධයක් පටන් ගනිද්දී ඒක විවාහයකින් කෙලවර වෙනවා දකින්න තමයි අපි හැමෝම හීන දකින්නේ. කොහොම හරි ඒ අරමුණත් ඉෂ්ට කර ගත්තට පස්සේ තියෙන්නේ පවුල් ජීවිතය මැනවින් කළමනාකරණය කර ගෙන ඉදිරියට පවත්වාගෙන යන එක. එත් එක ආදරේ කරනවා වගේ ලේසි නෑ කියල තේරෙන්නේ ඉතින් පවුල් කන්න පටන් ගත්තට පස්සේ.

පිටින් ඉඳන් ඒ දිහා බලලා ඒ ජීවිතේ හරි සුන්දරයි, ලස්සනයි කියලා ගොඩක් දෙනෙක් හිතුවට ඇත්තටම ඒක එහෙම නෑ. වගකීම් වලින් පිරුණු, මතගැටුම් ආරවුල්, සිත් රිදීම් වලින් පිරුණු හරිම සංකීර්ණ සංස්ථාවක් විදියට පවුල් සංස්ථාව හඳුන්වන්න පුළුවන්. අපේ ගොඩක් දෙනෙක් විවාහ දිවියට එළඹෙන්නේ ජීවිත කාලය පුරාම දුක සැප බෙදා හදා ගනිමින් එකා මෙන් ඉන්නවා කියන අරමුණෙන්. එත් සමහර වෙලාවට අවාසනාවන්ත ලෙස ඇති වන බාධාවන් නිසා ඒ බලාපොරොත්තු විසිරිලා යනවා.

එත් ගොඩාක් වෙලාවට මෙහෙම වෙන්නේ ඉතාම පහසුවෙන් විසඳා ගන්න පුළුවන් ප්‍රශ්න දුර දිග අරන් යාම නිසා. මේ කියන්න යන පොඩි පොඩි ප්‍රශ්න ඔයා ලඟත් තියෙනවා නම් දැන්ම ඒවා හදා ගන්න. නැත්තන් ඔයාගේ අදර කතාව, පවුල විසිරිලා යන්න පුළුවන්.


සබඳතාවයට දෙන අඩු වටිනාකම

ඇතැම් අය විවාහ දිවියට පත් උනාට පස්සේ ඒ වෙනුවෙන් මුලදී තිබුණු අවධානය, ඒ වෙනුවෙන් වෙන් කල කාලය අඩු කරනවා. එය හිතා මතා කරන දෙයක් නොවුනත් වගකීම් හා අධික රාජකාරි නිසා ඒ දේවල් මඟ හැරෙනවා. නමුත් ඔබ අනිවාර්යෙන් මතක තියා ගත යුතු දෙයක් තමයි විවාහය කියන දේ ආදර සම්බන්ධතාවයක් වගේ සරලව හිතන්න පුළුවන් කාරණාවක් නෙවෙයි කියන එක. විවාහ වුණාට පස්සේ මුල් තැන දිය යුත්තේ ඔබ දෙදෙනා අතර ඇති බැඳීමට. ඔයාගේ සහකරුට හෝ සහකාරියට වඩා වෙනත් අයට මුල් තැන දෙන්න එපා. එහෙම උනොත් එයා ඔයා ගැන කලකිරීමට දුකට පත් වෙන්න ඉඩ තියෙනවා. පවුල තුල සතුට රැක ගන්නා තාක් කල් පවුල් ජීවිතේ මිහිරියි.

සමාව දීමට මැලි වීම

අපි කිසිම කෙනෙක් ගොඩාක් වෙලාවට හිතා මතා වැරදි කරන්න යන්නේ නැහැනේ. අතපසු වීමක් හෝ වැරදීමකින් උනොත් තමයි ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් එයා අතින් වෙන පොඩි පොඩි වැරදි මහා ලොකුවට අරන් කෑ ගහන්න ආරවුල් ඇති කර ගන්නවට වඩා වැරදි පෙන්නලා දීල සමාව දෙන එකයි කරන්න ඕන. ඒ අඩුපාඩු හදාගන්න උදවු කරනවා වෙනුවට ගොඩක් දෙනා කරන්නේ කෑ කෝ ගහල ඒ ප්‍රශ්න වැඩි කර ගන්න එක.

රැකියාවේ ප්‍රශ්න ගෙදරට

ඔයා දැනටමත් මේ වැරැද්ද කරනවා වෙන්න පුළුවන්. රැකියාවේ එදා දවසේ අවසන් කරන්න බැරි වෙන වැඩ කොටස ගෙදර ගෙනත් කරන්න පුරුදු වෙලා ඇති. එහෙමත් නැත්තන් රැකියා ස්ථානයේ ඇති වෙන ප්‍රශ්න ගැන ගෙදර ඇවිල්ලත් කල්පනා කර කර ඉන්නවා ඇති. එත් මේක නිවසේ ප්‍රශ්න ඇති කරන්න හේතු වෙන ඔයා කරන ලොකු වැරද්දක්. මේ නිසා ඔයාට පවුලේ අය එක්ක ඉන්න තියෙන පොඩි වෙලාවත් නැතුව යනවා. ඔයාගේ ආදරණියයන්ගෙන් ඔයා ඈතට යනවා. පවුලට ඔයාගෙන් ඉටු වෙන්න තියෙන වගකීම් මගහැරෙනවා. පවුල් ප්‍රශ්න ඇති වෙන්න මේක ලොකු හේතුවක් වෙනවා.

දුර්වල සන්නිවේදනය

පවුල් ජිවිතයක් ගත කරද්දී දෙදෙනා අතර තියෙන්න ඕන අනිවාර්ය ලක්ෂණයක් ලෙස සන්නිවේදනය කියන කාරණය හඳුන්වන්න පුළුවන්. හැම කාරණාවක් සම්බන්ධයෙන්ම එකිනෙකාගේ අදහස් ගොඩාක් වැදගත්. කතා බහ කරල තීන්දු තීරණ ගැනීම, අනිත් කෙනාගේ අදහස් වලටත් අවස්ථාව ලබා දීම අනිවාර්යයෙන් කලයුතුයි. එහෙම නැතුව එක ගෙදර හිටියට හරියට මූණ බලලා දෙන්න කතා කරන්නේ වත් නැත්තන්, දෙන්න දෙන්නට ඕන විදියට හිතුමතේට වැඩ කරනවා නම් අනවශ්‍ය මත ගැටුම්, රණ්ඩු සරුවල් ඇති වෙන එක අහන්නත් දෙයක්ද.


අහේතුක සැකය

පවුල් ජිවිත දෙදරා ගිහින් අවසානයේ දික්කසාද වීම් දක්වා දුර දිග යන්න මේ සැකය හේතු වෙනවා. පැහැදිලි හේතු කාරණා තියෙනවා නම් ඔයාගේ සැකය සාධාරණයි කියන්න පුළුවන්. ඒත් අපේ ගොඩාක් දෙනෙක් සැක කරන්නේ ඇත්තටම හේතු තිබිලා නෙවෙයිනේ. හිතින් එක එක විදියේ මනස්ගාත හදාගෙන. නිතර නිතර මෙහෙම සැක කරන එකෙන් අනිත් කෙනා අපහසුතාවයට පත් වෙනවා වගේම ඒක එයාට කරදරයක්. ඒ වගේම වැරද්දක්. කෙනෙක්ව නිකරුනේ සැක කිරීම ඔහු හෝ ඇය වරදට පොළඹවන්න හේතුවක් වෙනවා.

මෙන්න මේ වැරදි ඔයත් කරනවා නම් අදම ඒ දේවල් හදා ගන්න. මේ වගේ පොඩි පොඩි වැරදි කීපයක් ඔයා අතින් ලොකු ලොකු ප්‍රශ්න නිර්මාණය වෙනවා. දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙද්දී දෙදෙනාටම පවුල් කන එක එපා වෙනවා. කලකිරෙනවා. දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඉවසීමේ සීමාව පහු කරාට පස්සේ පෙරුම් පුරලා හදා ගත්ත පවුල ඉහිරිලා යනවා. ඒ නිසා බැඳීම් ගැන මිට වඩා සැලකිලිමත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 359 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:53:58 AM
Script:/article/359/relationship-problems-and-how-to-solve-them.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:53:59 AM
Script:/article/359/relationship-problems-and-how-to-solve-them.html