බැඳීමක් යහපත් හා ආදරණීය වීමේ රහස් 5

August 31, 2018
6,627
Secrets to have a healthy and loving relationship
ගෙවෙන හැම තප්පරයක කාලය එක්ක ඔට්ටු වෙලා ආපස්සට හැරිලා බලනකොට ආදරණීයතම සමීපතමයන් ඈතට ගිහිල්ලා කියලා ඔයාටත් හිතෙනවාද? විඩාබර වටපිටාව ටිකකට අමතක කරලා චුට්ටක් අතීතයට ගිහින් එමුද Hadakari අපි එක්ක. ඒ අතීතය තුළ ජීවිතයේ සුවිශේෂි සංධිස්ථාන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔයා පහු කරලා ඇති. ඒ ගොඩක් තැන් හදවතට ඉතාමත් සමීප විය හැකියි. ආදරය ඔයාට නුහුරු නුපුරුදු අත්දැකීමක් වෙන්නේ නෑ. මොකද ඔයා මුලින්ම ආදරය කරන්නේ ඔයාගේ අම්මට, තාත්ත්තාට. ඊටත් පස්සේ ඔයාගේ පවුලේ සමීපතමයන්ට. ඉතිං කාලය ටිකෙන් ටික ගෙවිලා යනකොට සියලු සම්බන්ධතා අතරේ ඔයා ආදර සම්බන්ධතාවක් පටන් ගන්නවා. ආදරය කරන කාලයත් ඔයාගේ ජීවිතයේ ඉතාමත් වැදගත්. ඔයා ආදරය කරන කාලය තුළ කොච්චර නම් ඇය හෝ ඔහු ගැන හිතමින් වද වෙනවාද? ඒත් විවාහයෙන් පස්සේ ඉස්සරහ දොරින් ආව ආදරය පෑල දොරින් පැනලා යන්නේ ඔයාටත් නොදැනීම. ඔයාට දැණුන, ඔයාගේ වුණු ආදරය ජීවිත කාලය පුරාවට ලෙඩ නොකර නිරෝගීව තියා ගන්නේ කොහොමද?

ඔයාගේ පෙම්වතා, සහකරුවා ගැන හොඳින්ම හඳුනන කෙනා ඔයා වෙන්න

ආදර සම්බන්ධතාවක් දිගු කාලයක් තියා ගන්න මේ කරුණ නම් ඇත්තටම ඔයාට වත්කමක්. විවාහයට පෙර ඔයාගේ පෙම්වතාගේ පෙම්වතියගේ වතගොත හොයන්න ඔයා කොච්චර නම් උනන්දු වුණාද? ඉතිං දැන් ඔයා විවාහකයි නම් දැන් ඒ අයිතිය ඔයාට ලැබිලා තියෙනවානේ. ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් අවශ්‍යතා සියල්ල අනිත් හැමෝටම වඩා හොඳින් දන්න කෙනා ඔයා වෙන්න. එතකොට ඔයාගේ ආදර සම්බන්ධතාව දිනෙන් දින ශක්තිමත් වෙනවා. ඔහුගේ ඇයගේ රුච් අරුචිකම් හඳුනා ගන්න. ඔයා හරියට ඔහුව හෝ ඇයව හඳුනා ගත්තොත් ඔයාලා දෙන්නගේම හිත රිදෙන අවස්ථා අඩු වෙයි. එයින් ඔයාට දිගු කාලයක් ඔයාගේ ආදරය රැක ගන්න පුළුවන්.

විනෝද වෙන්න කාලය වෙන් කර ගන්න

ඔයාලා දෙන්නාට කොතරම් කාර්යබහුල වුණත් පුංචි වේලාවක් හරි වෙන්කර ගන්න විනෝදයෙන් කාලය ගත කරන්න. මානසික ආතතිය, පීඩනය සම්බන්ධතාවකට බාධකයක්. එයින් ඔයා ආරක්ෂා නොවුනොත් ඔයාට වැඩිකල් නොගොස් ඔහුව හෝ ඇයව එපා වෙනවා. විශේෂයෙන්ම ඔයා විතරක් නෙමෙයි ඔයාගේ ආදරයත් එයින් රෝගී වෙනවා. ඒ නිසා කුමන රාජකාරී තිබුණත් ඇය හා ඔහු එක්ක විනෝද වෙලා සතුටින් ඉන්න පුංචි කාලයක් වෙන් කර ගන්න. මහලොකු දේවල් ඕන වෙන්නේ නෑ මනසට විවේකයක් ලබා ගන්න. ඔයාට පුළුවන් රාත්‍රී ආහාරවෙලකට එළියට යන්න. එහෙමත් නැත්තම් ෆිල්ම් එකක් බලන්න යන්න. එයින් ඔයාගේ අවිවේකී බව අඩු වෙලා ඔහු හෝ ඇය එක්ක සතුටින් කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. එකිනෙකාව හදුනාගෙන ඔයා කටයුතු කළොත් ඔහු හෝ ඇය ඔයාගෙන් කවදාවත් ඈත් වෙන එකක් නම් නෑ.

හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න

පෝරුවේ සපත කරමින් පටන් ගන්න ගොඩක් ආදර සම්බන්ධතා අවසන් වෙන්නේ උසාවිවලින්. මෙයට බලපාන මුලික ගැටළුව වෙන්නේ එකිනෙකා තේරුම් නොගැනීම. ඉතිං ඔයා ආදරය කරන කෙනාව තේරුම් ගන්න එක ඔයාගේ වගකීමක්. ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවන් හොඳින් හඳුනා ගත්විට සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගා ගන්න ඔයාට හැකි වේවී. එතකොට ඔයාලා දෙන්නා අතරට පිට කරදර එන එකක් නෑ කවදාවත්. සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගන්න විශ්වාසයත් ඉතාමත් වැදගත්. විශ්වාසය පලුදු වුණු තැන සාර්ථක සම්බන්ධාවක් පවත්වා ගන්න අසීරුයි. විශ්වාසයෙන් යුතු සම්බන්ධතාවක් පවත්වා ගැනීම ඔයාලා දෙන්නාගේම වගකීමක්.

විශේෂ අවස්ථා අතපසු කරන්න එපා

කාලය එක්ක දුවලා ඉවර වුණාට පස්සේ තමයි ගොඩක් දෙනෙක්ට තේරුම් යන්නේ තමන්ට තමන්ව වගේම තමන්ගේ වටපිටාවේ හිටිය සමීපතමයන්ද මිස් වෙලා කියලා. ආදරය කරන කාලේදී වගේම විවාහ වුණාටත් පස්සේ ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථා මතකයේ තබා ගැනීම වැදගත්. විශේෂයෙන්ම උපන්දිනය, විවාව වු දිනය වැනි පුංචි පුංචි දේවල් මිස් කරන්න එපා. මොකද ඒ පුංචි දේවල් ඇති ඔයාගේ සම්බන්ධතාව සාර්ථකව පවත්වා ගන්න ඉතාමත් වැදගත්. ඔයාට ඇය හෝ ඔහු වෙනුවෙන් මේ විශේෂ අවස්ථාවල පුංචි තෑග්ගක් දෙන්න පුළුවන්. එයින් ඔහු හෝ ඇය සතුටට පත් වේවී.

එකිනෙකාට සවන් දෙන්න

සම්බන්ධතාවක් රෝගී නොවී පවත්වා ගන්න ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි ඇහුම්කම් දීම. පිරිමි වගේම කාන්තාවනුත් ගොඩක් කැමතියි තමන් කියන දේට සවන් දෙනවා නම්. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයාට වගේම ඔයාලා දෙන්නාගේ අනාගතයට වැදගත් වෙන දෙයක් ඔයාගේ බිරිඳ කියනවා කියලා. ඉතිං ඒ වගේ වේලාවක ඒ දේ කියන්නත් කලින් ඔයා ඒ කියන දේ ප්‍රතික්ෂේප කරන්න එපා. එහෙම වුණාම ඇයට හෝ ඔහුට හිතෙන්න පුළුවන් කොතරම් වැදගත් දෙයක් කිව්වත් ඔයා ගණන් ගන්නේ නෑ කියලා. අන්න ඒ නිසා එකිනෙකාට සවන් දිම ඉතාමත් වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1055 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:58:24 AM
Script:/article/1055/secrets-to-have-a-healthy-and-loving-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:58:24 AM
Script:/article/1055/secrets-to-have-a-healthy-and-loving-relationship.html