බාහිර ආලේපන වලින් පමණක් සුන්දර විය හැකිද?

February 8, 2017
6,500
Foods for Beautiful Skin
ලස්සන වන්නට බාහිරින් යොදන ආලේපන ගැන පමණයි අප උනන්දු වන්නේ. නමුත් ශරීරයට ගුණ දෙන ආහාර පාන වර්ග මගින් ලස්සන වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට පුලුවන්. අප මොනතරම් ආලේපන බාහිරින් ගැල්වුවත් ඊට වඩා ශරීරයේ අභ්‍යන්තරයට ගනු ලබන ආහාරපාන රූ සපුව සදහා වැදගත් වෙනවා.

ශරීරයට සුන්දරත්වයක් ලැබීම සදහා කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන්, කැල්සියම් අඩංගු ආහාර අත්‍යවශ්‍යයි. මෙම ආහාර මගින් සමට පැහැපත් බවක් ඇති වෙනවා.

කෙදි සහිත ආහාර දිනපතාම ආහාරයට එක්කර ගැනීම මගින් ආමාශයේ ක්‍රියාකාරිත්වයට පහසුවක් ඇති වෙනවා. තවද සිරුරේ තෙල් තැන්පත් වීමද මෙමගින් වැළකෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 න් පසුව අපගේ පරිවුත්තීය ක්‍රියාවලිය අඩුවීම තූලින් තෙල් තැන්පත් වීම වැඩිවන බව කිව යුතූයි. මැදිවයස වනවිට සිරුර තරබාරු වීමට හේතුව එයයි.

මේදය තැන්පත් වී තරබාරු වීම නිසා ශරීරයේ ස්වරූපය වෙනස්වන බව ඔබ දන්නවා. මේ නිසා ඔබ තුල කම්මැලි ගති ඇති වෙනවා. එසේම තෙල් ග්‍රන්ථිවල නාලවලට රුධිරය සැපයීමද මින් අවහිර වන බව මතක තබාගන්න. කෙස් හැලීම, තටිටය පෑදීම වැනි දේවල් සිදුවීමට හේතුවන්නේද මෙයයි. එමනිසා විවිධ රෝගාබාධද ඇතිවෙනවා.

මේදය අපට අත්‍යවශ්‍ය වුවත් අනවශ්‍ය මේදය නිසා අප රෝගි වෙනවා. එසේම මහත් වීමෙන්ද සිරුරේ හැඩය අවලස්සන වී යා හැකියි. එම නිසා ව්‍යායාම කිරීම, තෙල් කෑම අඩුවෙන් ගැනීම අවශ්‍ය බව මතක තබාගන්න.

රාත්‍රී ආහාරයෙන් පසු උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම තුලින් තෙල් තැන්පත්වීම යම් ප්‍රමාණයකට අඩුකර ගත හැකියි.

නෙල්ලි, රසකිඳ, සව්, බාර්ලි වැනි දේවල් තම්බා බීම තුලින් වගේම කොළ කැද වැනි පාන වර්ග පානය කිරීම මගින්ද සිරුරේ අධික උෂ්ණත්වය අඩුවීම, උණුසුම දරා සිටීමේ හැකියාව හිමිවීම වගේම සමට පැහැයක්ද ලැබෙනවා.

මෙවැනි දේවල් අනුගමනය කිරීම මගින් ඔබ තුල සුන්දර පෙනුමක් ස්වභාවයෙන්ම ඇති වෙනවා.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-29 00:00:00' and A.id <> 38 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, July 30, 2025 at 6:37:34 PM
Script:/article/38/foods-for-beautiful-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, July 30, 2025 at 6:37:35 PM
Script:/article/38/foods-for-beautiful-skin.html