දැවිල්ල කෑම කෑවම ඔයාගෙ ශරීරයට මොනවද වෙන්නෙ කියලා දන්නවද?

October 13, 2020
6,833
Do you know what happens when you eat spicy food?
සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්න නම් අපි ගන්න ආහාර රටාව ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම සමහරක් දෙනෙක් දිව පිනවන දැවිල්ල රසයට කැමතියි. නමුත් ටිකදෙනෙක් සැර ආහාර අනුභව කිරීම මග හරිනවා. සැර ආහාර මුළු ශරීරයටම ධනාත්මක හා ඍණාත්මක බලපෑම් ඇති කරන නිසා ප්‍රතික්ෂේප කරලත් බැහැ.

අද හැඩකාරී අපි දැවිල්ල කෑම කෑවම ඔයාගෙ ශරීරයට මොනවද වෙන්නෙ කියලා කියන්න හිතුවා.

1. ඔයාගෙ බර අඩු වෙන්න පුලුවන්
මිරිස් සහිත ආහාර අනුභව කිරීම කියන්නේ ශරීරයේ අමතර මේදය දහනය කිරීමට පහසු ක්‍රමයක්. ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට ආදේශ කරන්න පුලුවන් වෙන කිසිම දෙයක් නැති වුණත්, ගම්මිරිස් වල ඇති capsinoids වලින් ශරීරයට හානියක් වෙන්නේ නෑ. ශරීරයේ ශක්තිය නිපදවීම වැඩි කිරීමට සහ ශරීරයේ මේදය අඩු කිරීම සඳහා ඒ වගේ සැර ආහාර දායකත්වයක් දෙනවා.  

2. වේදනාවන් ඉවසීම වැඩි කරයි
සැර ආහාර අනුභව කිරීම සමහර අයට අමාරුයි තමයි.. ඒත්, විශේෂඥයින් යෝජනා කරන්නේ සැර ආහාර කද්දී අපේ ශරීරයේ වේදනාකාරී හැඟීම් සඳහා වගකිව යුතු මොළයේ තියන විශේෂ ද්‍රව්‍යයක් වන capsaicin ඉලක්ක වෙන බවයි. ඒකෙන් කියන්නේ ශාරීරික වේදනාවන් ඉවසන්න තියෙන හැකියාව වැඩි කරන බවයි.

3. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරයි
සැර ආහාර භුක්ති විඳින අතරතුරදී ඔයාගේ ශරීරය ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වෙනවා. ප්‍රතිඔක්සිකාරක ඔයාගේ ශරීරයට පහර දෙන විෂබීජ වලින් ආරක්ෂා කරන අතර උණක් ඇති වුණාම ඒ වගේ ආහාර විශේෂයෙන් ප්‍රයෝජනවත්. මේ කාලයේදී ඔයාගේ ප්‍රතිශක්තිය ශක්තිමත්ව තබා ගැනීම සඳහා මිරිස් සහ ගම්මිරිස් එකතු කරමින් කෑම පිසින්න.

4. ඔයාට වැඩි කල් ජීවත් වීමට අවස්ථාවක් තියෙනවා
අධ්‍යයනයකින් පෙන්නුම් කරලා තියෙන්නේ සතියකට 6-7 වතාවක් සැර ආහාර අනුභව කළ අයගේ මරණ අනුපාතය 14% කින් අඩු බවයි.

5. ඔයාගේ සීනි පරිභෝජනය අඩු වෙනවා
ඔයාගේ සෞඛ්‍යයට සීනි කියන්නේ භයානක දෙයක් බව තවදුරටත් රහසක් නෙමෙයි නේ. නමුත් සිනි සහිත ආහාර ප්‍රමාණය අඩු කිරීම පහසු නැහැ. ඉතින් වරින් වර ඔයාගේ ආහාර වේලට සැර කෑම එකතු කර ගන්නවා නම් සීනි සඳහා ඇති තෘෂ්ණාව මග හරවා ගැනීමට ඒක උපකාරී වන බව විශේෂඥයින් පවසනවා. 

6. ඔයාගේ රස අංකුර වලට නිසි රසයක් දැනෙන්නේ නැහැ
සැර ආහාර ගැනීමෙන් ඍණාත්මක ප්‍රතිවිපාක දැනෙන පළමු තැනැත්තා ඔයාගේ දිවයි. වැඩිපුර සැර ආහාර ගනිද්දී ඔයාගේ දිවට මතු පිටින් දැවෙන සංවේදීතාවයක් දැනෙන අතර ඒක හුදෙක් දැනීමක් විතරක් නෙමෙයි, ඒක ඇත්තටම පිළිස්සීමක්. ඒ නිසා ඔයාට කලින් තරම් ආහාර වලින් රසක් දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් කරදර වෙන්න එපා. ඒක තාවකාලික දෙයක් විතරයි. 

7. බඩේ ගැටලු ඇති කරන්න පුලුවන්
ඔයාට තියෙන්නේ නිතරම කැක්කුම් ඇති කරන බඩක් නම්, සැර ආහාර අනුභව කිරීම ගැළපෙන්නේ නෑ. මුලින්ම ඔයාට පාචනය ඇති වෙන්න පුලුවන්. සැර ආහාර සහ කුළුබඩු වලින් ශරීරයට ධනාත්මක බලපෑම රාශියක් තිබුණත් ඒ එක්කම ඔබට ගැස්ට්‍රයිටිස් ද ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට දැනටමත් ආමාශගත රෝග තිබෙනවා නම් ඒවා තවත් නරක අතට හැරීමට ඉඩ තියනවා.

8. පපුවෙ දැවිල්ල ඇති කරන්න පුලුවන්
සමහර අයට දැවිල්ල කෑවම පපුව දන්න ගන්නවා. මිරිස් වර්ග වල ඇසිඩ් වර්ග තියෙන නිසා ගැස්ට්‍රික් වගේ තත්ත්ව ඇති වෙන්න පුලුවන්. ඉතින් වැඩුපුර මිරිස් ආහාර ගන්න යන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1870 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:11 AM
Script:/article/1870/do-you-know-what-happens-when-you-eat-spicy-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:12 AM
Script:/article/1870/do-you-know-what-happens-when-you-eat-spicy-food.html