ලොක්ඩවුන් කාලේ ජීවිතය විඳින්න පුලුවන් ක්‍රම මෙන්න

April 19, 2020
7,390
How to enjoy life while lockdown
කොවිඩ් -19 පැතිරෙන පරිමාණය සහ එය අපිට කරන්නේ මොකක්ද කියන එක හැමෝටම ලොකු කනස්සල්ලක්. උදා වෙලා තියන වසංගතයේ ගොඩක් අයට නොසතුටුදායක ම අංගයක් තමයි හැමෝගෙම මිතුරන් එක්ක එකතු වෙන්න තිබ්බ සියලුම විනෝදජනක අවස්ථා මඟ හරවපු එක. ඇත්තටම අපිට වෙනදා වගේ බදාගෙන සිපගන්න; කෑම සහ බීම බෙදා හදා ගන්න බෑ මාරාන්තික තර්ජනයකට ලෝකයම මුහුණ දීලා ඉන්න නිසා. ඒත් මේ බිහිසුණු මොහොතේ අපට වෙන කවරදාටත් වඩා අපේ මිතුරන් අවශ්‍ය වෙනවා වගේම අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ද ඒක බලපානවා. මොකද සමාජ ආශ්‍රයට පුරුදු වුණ අයට හුදකලා වීම කියන්නේ නරක අත්දැකීමක්.

ඒකට හොඳම විසඳුම තමයි වීඩියෝ කෝල්ස් වලින් ඔබේ මිතුරන් සමඟ සම්බන්ධ වෙන එක. මේ වගේ හුදෙකලා දින වලදී ඔබේ ආත්මයට ඒකෙන් කරන්න පුලුවන් වෙනස පුදුම සහගතයි. සවස් වරුවක ඔබේ මිතුරන්ගේ මුහුණු දකිමින් ඔවුන් සමඟ කතා කිරීම, සිනාසීම ඔබට මානසික සුවයක් සපයයි. තාක්ෂණයෙන් ඉඳහිට ඇති වන කරදර නොතකා ඔබේ ආදරණීය සම්බන්ධකම් අලුත් කරගන්න මේ කාල සීමාව ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම ගෙදරට වෙලා කරන්න පුලුවන් තවත් දේවල් කීපයකුත් තියනවා. මේ ලිපියෙන් අපි ඔබට අරන් එන්නේ ඒ වගේ යෝජනා කීපයක්...

වවන්න පටන් ගන්න

අවංකවම සිතුවොත් ගෙවතු වගාව කියන්නේ අපේ ජීවිත වලට නැවතත් සිහිබුද්ධිය ළං කරවන පුරුද්ද්දක්. මොකද ඒක අපිව එළිමහනට, පරිසරයට සම්බන්ධ කරවන අතර අපි හිටවපු දේවල් වර්ධනය වෙන විදිහ දැක්කම ලැබෙන තෘප්තිය පස්සේ කාලෙක අද්විතීය ධනාත්මක බවක් අපේ ජීවිත වලට අරන් එනවා. ඔබට ගෙවත්තක් නැත්නම් ගෘහස්ථව පැළ වවන්නත් බොහෝ ක්‍රම තිබේනවා.

ඒකට ඔබට නිවසේ ඇතුළත හෝ පිටත හිරු එළිය ලැබෙන කවුළුවක් සහිත පැත්තක් අවශ්‍ය වෙනවා. ඖෂධ පැළෑටි වගා කිරීමෙන් ඔබට මේ වැඩේට හොඳ ආරම්භයක් ගන්න පුලුවන්. ඒ වැඩේ පහසුයි වගේම රසවත්. කොටින්ම සුපිරි වෙළඳසැල් වලින් ඖෂධ සැපයුම් අඩු වූණාම ඒවා වඩ වඩාත් වටිනවා. ඊට පස්සේ ඔබ කැමති සහ අත්‍යාවශ්‍ය එළවළු පැලෑටි වවන්න. කොම්පොස්ට් පස්  අරගෙන ප්ලාස්ටික් තැටි වල හරි වගා කරන්න. ඒවායේ ජලය පිට වීම සඳහා පතුලේ සිදුරු කිහිපයක් සදන්න.

ව්‍යායාම කරන්න

අපි මෙච්චර කල් පුරුදු වෙලා හිටියේ ටීවී එකෙන් පෙන්නන දේවල් කන්න බොන්නයි. දැන් ඒ කෘතීම පුරුදු ඔක්කොම ජීවිතයෙන් ඈත් කරන්න කාලය උදා වෙලයි තියෙන්නේ. පලවෙනි පාරට එහෙම කරද්දී විශාල ව්‍යාකූලත්වයක් ඇති වෙන්න පුලුවන්. නමුත් අලුත් පුරුදු ඇති ක‍රගන්න මේක හොඳ අවස්ථාවක්. 
 
කාල වේලාව ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ව්‍යායාම කරන්නත් මේක තමයි හොඳම කාලය. ඒ සඳහා ඔබ කැමති සහ විශ්වාස කරන පුහුණුකරුවෙක් හෝ ගුරුවරයෙක් සොයා ගැනීමට අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්. නැත්නම් නිවසේ මෙච්චර කල් පැත්තකින් තිබ්බ ව්‍යායාම උපකරණ නැවත ක්‍රියාත්මක කරගන්න. ඔබේ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගැනීම සඳහා මේ ශාරීරික යෝග්‍යතාවය කොච්චර වැදගත් ද කියලා විද්‍යාත්මක සාක්ෂි හරහා ද ඔප්පු වෙලා තියනවා. ඒ නිසා මෙම ආතති සහගත කාලය තුළ ව්‍යායාම කරන එක ඔබට වඩා වැදගත් වෙනවා. මොකද ඒ හරහා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද වැඩි දියුණු වෙනවා.

ව්‍යායාම කියන්නේ සෞඛ්‍යයට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. එය බොහෝ විට සමාජ ක්‍රියාකාරකමක් ද වෙනවා. ඒ එක්කම ඔබට පුලුවන් ඔබේ පවුලේ අය සමඟ නර්තන සාදයක් පවත්වන්න. ඒක පවුලටම අලුත් අත්දැකීමක් වෙයි. හොඳ සංගීත ඛණ්ඩයක් සොයාගෙන පැය භාගයක් වත් නටන්න, එවිට ඔබේ හෘදය පවා හොඳින් ක්‍රියාකාරී වෙයි.

අච්චාරු දාන්න

ආහාර හිඟයක් තියන මේ වගේ අවිනිශ්චිත කාලවලදී අපි ආහාර සකසා ගන්න ඕනේ අපි සතුව ඇති කුලුබඩු හා ආහාර එක්කයි. කල් තබා ගන්න පුලුවන් ආහාර සකසා ගැනීමෙන් අපව වසංගතයකට ගොදුරු වෙන්නේ නෑ. නමුත් දැන් අප සතුව ඇති දේවල් වලින් අච්චාරු දැමීම කියන්නේ මේ සමස්ත කාලයේම ඔබේ පවුලේ ආහාර අවශ්‍යතා සඳහා හොඳ ආයෝජනයක්. 

මහන්න

මේක විහිළුවක් නෙමෙයි. ඔබේ මනස භෞතික විශ්වයට යොදන ඕනෑම ක්‍රියාකාරකමක් වගේම මැහුම් ගෙතුම් කියන්නෙත් ඔබේ මනස හොඳ තත්ත්වයක තියාගන්න පුලුවන් භාවනානුයෝගී ක්‍රියාකාරකමක්. එය ඔබේ හිත වර්තමානය තුළ තබා ගන්න පුරුදු කරවනවා. ආරම්භයේදී හරියට මැහුම් සිද්ධ වෙන්නේ නැති වුණාම ඔබට කෝපයක් දැනෙන්න පුලුවන්. ඒත් ටික දවසකින් හුරු වෙද්දී ඒක විනෝදය වෙයි. එකිනෙකට වෙනස් වර්ණ වල නූල් භාවිතා කරමින් විවිධ රටා මහන්න උත්සහ කරන්න. යූ ටියුබ් එකේ පරීක්ෂා කළොත් අලුත් දේවල් හොඩක් ඔබට ඉගෙන ගන්න පුලුවන් වෙයි. මුලින්ම යමක් කපා වෙනත් දෙයක් ඇලවීමට උත්සහ කරන්න. විවිධ මැහුම් ඉගෙන ගන්න සහ ද්‍රව්‍ය ඒකාබද්ධ කිරීමෙන් අත්හදා බලන්න. එම්බ්‍රොයිඩරි භාවිතා කරමින් ඔබේ  දරුවන්ගේ ඇඳුමක ඔවුන්ගේ නම් ලියන්න. සුඛෝපභෝගී වෙළඳ නාම ලාංඡනයක් හොයා ගෙන ඒවා අනුකරණය කරමින් මහන්න උත්සහ කරන්න. මේ වැඩේ ඔබට සිනහවක් ගෙනත් දෙනවා වගේම ගෙදර අනිත් අයටත් සතුටක් ගෙනත් දෙයි.

දරුවන් සමඟ විනෝද වන්න

නිවසේදී ඔබේ දරුවන්ට විනෝදාස්වාදය ලබා දීම සඳහා කරන්න පුලුවන් බොහෝ දේවල් තිබේනවා. මුලින්ම දරුවන් සෑම කෙනෙක් එක්කම ඔවුන්ගේ නින්දට යාමට පෙර “පැය භාගයක්” වත් අවුල්සහගත තත්ත්වය පාලනය කරගන්න ඔවුන් සමඟ කතා කරන්න. දරුවන්ට ගෙදර යම් පාලන බලතල ටිකක් ලබා දෙන්න. ඔවුන්ට නායකත්වය ගන්න ඉඩ දෙන්න. මොකද ඔවුන්ගේ පරිකල්පනය ඔබට වඩා හොඳයි.

දරුවන් සෑම කෙනෙකුටම කරන්න පුලුවන් විනෝදජනක ක්‍රියාකාරකම් කරන්න. සෙල්ලම් කරන්න. සාමාන්‍යයෙන් හැමදාම එකම තැනකට වෙලා කරන දේවල් වලින් බැහැරට ගිහින් වෙනත් තැන් වලදී දේවල් කරන එකත් විනෝදජනකයි. ආහාර වෙලාවට හැමදාම වගේ මේසයේ වාඩි වෙලා ඉන්නවාට නිවසේ වෙනත් තැනක නැත්නම් එළිමහනේ ආහා‍ර ගන්න බලන්න. පවුලේ දිවා ආහාරය පිරිනමන්න, සකසන්න හෝ අලුත් දෙයක් සැකසීමට ඔවුන්ට අවශ්‍ය නම් ඒක කරන්න දෙන්න. පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්න එපා . දරුවන් තවමත් ආධුනිකයන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1564 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:34 AM
Script:/article/1564/how-to-enjoy-life-while-lockdown.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:34 AM
Script:/article/1564/how-to-enjoy-life-while-lockdown.html