මේ දේවල් හැම කෙනෙක් එක්කම share කරගන්න යන්න එපා

October 16, 2017
5,560
Do not share these with everyone
අපි අපේ යාලුවෝ, නෑදෑයින්, හිතවතුන් එක්ක නිතරම දේවල් බෙදා හදා ගන්නවානේ. විශේෂයෙන් කාන්තා පාර්ශවය. හැබැයි කිසිම වෙලාවක අපි අපේ පෞද්ගලික කාරණාවන් අනිත් අය එක්ක හුවමාරු කර ගන්නේ නැහැනේ. පෞද්ගලික කාරණාවන් ගැන කතා කරද්දී උනත් විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඒ දේවල් ගැන කතා කරන්න කියන්නේ අපේ ජිවිතේ ප්‍රශ්න ඇති කරන්න ඒවා හේතු වෙන නිසා.

ඔයත් මේ දේවල් අනිත් අය එක්ක share කර ගන්නවා නම් අදම නවත්තන්න. ඔයාගේ පෞද්ගලික ජිවිතේ ප්‍රශ්න ඇති වෙන්න සහ ඔයාටම කියලා පෞද්ගලිකත්වයක් නැති වෙන්න ඔයා මේ කරන වැරදි හේතු වෙන්න පුළුවන්.

1. ඔයාගේ පෞද්ගලික අදහස් හා මත

අපි හැමෝම යම් යම් දේ සම්බන්ධයෙන් තමන්ටම අවේනික මත දරනවා. ඒ අදහස් හා මත පිරිස් ඉදිරියේ ප්‍රකාශ කරන්න ගියහම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද හැමෝම ඔයාගේ මතය දරන්නේ නැහැ වගේම ඒවා අනුමත කරන්නෙත් නැහැ. ඔයා කියන දේවල් වලට අනිත අය එකඟ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අදහස් හෑල්ලුවට ලක් කරන්න විවේචනය කරන්න පුළුවන්.

2. බලාපොරොත්තු සහ හීන

අපි හැමෝටම අනාගත බලාපොරොත්තු තියෙනවා. අපි හැම වෙලාවකම වෙහෙසෙන්නේ ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න. එත් ඔයා කිසිම වෙලාවක ඔයාගේ බලාපොරොත්තු හා හීන ගැන අනිත් අය එක්ක ප්‍රකාශ කරන එකෙන් වැළකිය යුතුයි. මොකද අපි අතරේ වැඩි පුර ඉන්නේ අපේ දියුණුව, සාර්ථකත්වය බලා ඉන්න බැරි අය. ඒ අයගෙන් ඔයාගේ ගමනට බාධා ඇති වෙන්න පුළුවන් සහ ඔයාගේ පරාජයන් හමුවේ ඔයාව අපහසුතාවයට පත් කරන්නත් පුළුවන්.

3. ආදරේදී ඇති වෙන ප්‍රශ්න

මේක නම් ඔයා නොකළ යුතුම දෙයක්. ආදරේ කරද්දී සහ පවුල් ජිවිතයක් ගත කරද්දී ප්‍රශ්න, හිත රිදීම් ඇති වෙනවා. ඔයාගේ දුක නැති කර ගන්න හෝ ප්‍රශ්න වලට විසඳුමක් බලාපොරොත්තුවෙන් ඔයා තව කෙනෙක් එක්ක ඒ ප්‍රශ්න කියන්න පුළුවන්. කලිනුත් කිව්වා වගේ මිනිස්සු හැමෝම එක වගේ නැහැ. ඒ අය ඔයාට උදවු කරන මුවාවෙන් ඔයාට තවත් ප්‍රශ්න ඇති කරන්න පුළුවන්.

4. ඔයා ළඟ තියෙන නරක පුරුදු

ඔයාට අත්හැර ගන්න බැරි සමහර නරක පුරුදු ගැන අනිත් අය එක්ක කතා කරන එකෙනුත් ඔයාට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයා කියද්දී හොඳට අහන ඉදලා පස්සේ ඔයාව අපහසුතාවයට පත් වෙන විදියට ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. පිරිස් ඉදිරියේ ඔයාව ලැජ්ජාවට පත් කරන්න පුළුවන්. එතකොට ඔයාට හිතෙයි අපරාදේ මම ඒ දේවල් කිව්වේ කියලා

5. පවුලේ අයගේ විස්තර

පවුලේ අයගේ විස්තර අනිත් අය එක්ක කතා කරාට කමක් නැහැ. හැබැයි සීමාවක් ඇතුව. පවුලේ තොරතුරු හා ඔවුන්ගේ පෞද්ගලික දේවල් අනිත් අය එක්ක කීමෙන් ඔයා කරන්නේ ඔයාගේ වගේම පවුලේ අයගේත් පෞද්ගලිකතත්වයට හානි කිරීමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 456 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:28 AM
Script:/article/456/do-not-share-these-with-everyone.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:28 AM
Script:/article/456/do-not-share-these-with-everyone.html