දහදිය දුගඳ නිසා පීඩාවට පත්වෙලාද.. දහදිය දුගඳ වැලැක්වීමට ඔබට නිවෙසේදීම කළහැකි ප්‍රථිකාර ක්‍රම 10ක්

March 2, 2022
12,354
10 home remedies to reduce body odor
සමකය ආශ්‍රිතව ජීවත්වන අපිට දහඩිය දැමීම එතරම් පුදුම දෙයක් නොවේ.. නමුත් එමගින් ඇතිවන දුර්ගන්ධය හේතුවෙන් ඔබ රාජකාරි ස්ථානයේදී මිතුරු හමුවලදී එහෙමත් නැත්නම් එළිමහනේ ගත කර පැමිණි නොයෙක් අවස්ථාවල අපහසුතාවයට පත්වනවා ඇති.. අත් යට ඇතිවන දුගද වැලැක්වීම සඳහා ලොවපුරා ප්‍රචලිත ක්‍රමය වන්නේ ඩියෝඩ්‍රන්ට් (Deodorant) භාවිතයයි.. නමුත් දිගින් දිගටම ඩියෝඩ්‍රන්ට් භාවිතය සහ ඒවායේ රසායනික ක්‍රියාකාරිත්වය සිරැරට අහිතකර වන අතර එමගින් අත් යට කලුවීම වැනි දෑ සිදුවන බවට බොහෝ දෙනා මැසිවිලි නගනවා.. ඉතින් හැඩකාරි අපි හිතුවා දහඩිය හේතුවෙන් අත්යට ඇතිවන දුගඳ වැළැක්වීමට නිවසේදීම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් කළහැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න..

අත් යට දුගඳ ඇතිවන්නේ ඇයි...?
දහඩිය දැමීමත් සමග සම මත ඇතිවන නොයෙක් බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හේතුවෙන් ශරීරයෙන් දුගඳ හමනවා.. එමෙන්ම සෑම පුද්ගකයකුටම තමාට ආවේණික වූ ශරීර ගන්ධයක් ඇති අතර එය ස්ත්‍රී පුරුෂ භාවය, ආහාර රටාව සහ සෞඛ්‍ය තත්වය ආදී හේතුන්ගේ බලපෑමට ලක්වනවා. එමෙන්ම දහඩිය දැමීම් නිසා සම මත ඇතිවන බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හේතුවෙන් propionic acid සහ isovaleric acid ලෙස අම්ල වර්ග දෙකක් නිපදවනු ලබන අතර එමගින් අමිහිරි ගන්ධයක් ඇතිවනවා.. මෙය දහදිය දුගඳ ලෙස හඳුන්වනවා. ශරීරයෙන් පිටවන ගන්ධය ස්වභාවික සංසිද්ධියක් වුවත් එමගින් ඇතිකරවනු ලබන බලපෑම බොහෝවිට අපගේ ආත්ම විශ්වාසයට සහ පෞරුෂත්වය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබනවා.

1. තෙල් වර්ග භාවිතය


පොල්තෙල්, ලැවෙන්ඩර් තෙල්, තේ ශාකසාර තෙල්, සේජ් තෙල්, පෙපර්මින්ට් තෙල්, වැනි තෙල් වර්ගයන්හි ශරිරයේ දුගඳට එරෙහිව සටන් කල හැකි ගුණාංග පවතින අතර ඔබට නිවෙසේදී පහසුවෙන් භාවිතා කිරීමටද හැකියි.

* පොල්තෙල් භාවිතය - Coconut Oil
ඔබට අවශ්‍ය වන්නේ - පොල්තෙල් ,සිට්‍රික් අම්ලය කුඩු තේ හැදි 1 ක් සහ වතුර කෝප්ප 1ක්

භාවිතා කරන ආකාරය - පොල්තෙල් ස්වල්පයක් ගෙන අත් දෙකෙන් අතුල්ලා දහඩිය දුගඳ හමන ප්‍රදේශයේ ආලේප කරන්න. පසුව ස්නානය කරනවිට සිට්‍රික් අම්ලය වතුර කෝප්පයේ දියකර අවසානයට සෝදා හරින්න.. ඔබට මෙය දිනපතා වුවද සිදුකල හැකියි.

* තේ ශාකසාර තෙල් - Tea Tree Oil

ඔබට අවශ්‍ය වන්නේ - තේ ශාකසාර තෙල් තේ හැඳි 2 ක් සහ වතුර තේ හැඳි 2ක්

භාවිතා කරන ආකාරය - තේ තෙල් සහ ජලය එකට මිශ්‍ර කර දුගඳ හමන ස්ථානයන්හි ආලේප කරන්න. පසුව සෝදා හරින්න.. සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට දිනපතා වුවද ඔබට මෙම ප්‍රථිකාරය සිදුකිරීමට පුළුවන්.

* ලැවෙන්ඩර් තෙල් - Lavender Oil

අවශ්‍ය වන්නේ - ලැවෙන්ඩර් තෙල් බිංදු 10, කෝන් පිටි තේ හැඳි 3ක් සහ බේකින් සෝඩා තේ හැඳි 2ක්

භාවිතා කරන ආකාරය - ඉහත සියල්ල එකට මිශ්‍ර කර අඳුරු ස්ථානයක දින කිහිපයක් තබා දුගඳ හමන අත් යට ආලේප කරන්න. මෙය ස්ව්භාවික ඩියෝඩ්‍රන්ට් එකක් වන අතර දිනපතා භාවිතා කල හැකියි.


2. ඇපල් සයිඩර් විනාකිරි


ස්වභාවික ආම්ලික ගුණයෙන් යුතු ඇපල් සයිඩර් විනාකිරි මගින් දුගඳ ඇතිකරනු ලබන බැක්ටීරියා විනාශ කරන අතර බැක්ටීරියා ඇතිවීම වලක්වනු ලබනවා.

අවශ්‍ය වන්නේ - ඇපල් සයිඩර් විනාකිරි , පුළුන් බෝල

භාවිතා කරන ආකාරය - පුළුන් බෝල ඇපල් සයිඩර් විනාකිරි වලින් පොගවා අත් යට සහ අනෙකුත් දහදිය දුගඳ හමන ස්ථානවල ආලේප කරන්න. එසේ නොමැති නම් ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප භාගයක් වතුර කෝප්ප එකක් සමග මිශ්‍ර කර ඩියෝඩ්‍රන්ට් එකක් සකස් කරගැනීමටත් ඔබට පුලුවන්. එය වෙළඳපොලෙන් මිලට ගත් ඩියෝඩ්‍රන්ට් වෙනුවට ආදේශකයක් ලෙසද භාවිතා කලහැකියි.


3. උළුහාල් මිශ්‍ර ජලය පානය


ප්‍රතිඔක්සිකාරක ගුණාංගයන්ගෙන් පරිපූර්ණ උළුහාල් මගින් සිරැරේ දාහය නිවා දමන අතර ශරීරය සිසිල් කරනු ලබනවා.. එය මගින් ශරීරයේ විෂ අපහරණය කරන අතර දහදිය දුගඳ ඇතිවීම පාලනයට උපකාරි වනවා..

අවශ්‍ය වන්නේ - උළුහාල් තේ හැඳි 1 ක් සහ ජලය මිලි ලීටර් 250 ක්

භාවිතා කරන ආකාරය - උලු හාල් සහ ජලය බදුනකට දමා භාහයක් වනසේ උණු කරන්න. සෑම උදෑසනකම හිස්බඩ පානය කරන්න. ඔබට මෙය දිනපතා වුවද පානය කල හැකියි.


4. හරිත තේ පානය


ප්‍රතිඔක්සිකාරක සහ ටැන්නික් අම්ලය (tannic acid) මගින් ශරීරයේ දුගඳ ඇතිවීම පාලනය කරනු ලබනවා.. දිනපතා හරිත තේ පානය මගින් ශරීරයේ විෂ පිටකරන අතර භාහිර ආලේපය මගින් ශරීරය වියළීම සහ බැක්ටීරියා ක්‍රියාකාරිවීම පාලනය කරනවා..

- හරිත තේ කොළ තේ හැන්දක ප්‍රමාණය උණු ජලය හා මිශ්‍ර කර තම්බා දිනපතා පානය කරන්න.. ඉතිරි වන තේ කොල සිසිල් වූ පසු දුගඳ හමන අත්යට ආලේප කරන්න. දිනපතා ආලේප කිරීමෙන් සම වියළීමට ඉඩ තිබෙන නිසා දින කිහිපයකට වරක් ආලේප කරන්න..


5.බේකින් සෝඩා


මුළුතැන්ගෙය තුලින් පහසුවෙන් සොයා ගත හැකි බේකින් සෝඩා දහදිය දුගඳ වැලැක්වීමට කදිම විසඳුමක්.. බේකින් සෝඩා මගින් තෙතමනය උරා ගන්නා අතර දහදිය දැමීම පාලනය වනව.. එමෙන්ම එමගින් බැක්ටීරියා ක්‍රියාකාරිත්වය පාලනය වනවා..

අවශ්‍ය ද්‍රව්‍ය - බේකින් සෝඩා මේස හැඳි 1 ක් සහ ජලය

භාවිතා කරන ආකාරය - ඔබට අවශ්‍ය නම් බේකින් සෝඩා කුඩු දහදිය දමන අත් යට සහ අනෙකුත් ස්ථානවල ආලේප කිරීමට හැකියි.. නැතිනම් බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර කර දුගඳ හමන ස්ථානයන්හි ආලේප කට විනාඩි 10-15ක් පමන තබා සෝදා දැමිය හැකියි. වඩා හොඳ ප්‍රථිපල සඳහා සති කිහිපයක් දිනපතා ආලේප කරන්න.


6. ලෙමන් යුෂ


ලෙමන් වල ආම්ලික ස්වභාවයට අපගේ ශරීරයේ pH අගය අඩු කරන්න පුලුවන්. එමගින් අපේ සමේ ඇති බැක්ටීරියා විනාශ කරන්න හැකියාව තියෙනවා.

අවශ්‍ය වන්නේ - ලෙමන් ගෙඩියක් සහ වතුර

භාවිතා කරන ආකාරය - ලෙමන් ගෙඩිය දෙකට කපා කෙලින්ම අත් යට ආලේප කරන්න පුලුවන්. ඔබට සංවේදී සමක් ඇති නම් ලෙමන් යුෂ ගෙන වතුර බිංදු කීපයක් සමඟ මිශ්‍ර කර ආලේප කරන්න පුලුවන්. ඔබට මෙය දිනපතා භාවිතා කල හැකියි.


7. රෝස වතුර


රෝස වතුර ස්වභාවික ඇස්ට්‍රිජනයක් (astringent) හේතුවෙන් සමෙහි සිදුරු වල ප්‍රමාණය කුඩා කිරීමට උපකාරි වනවා. එමනිසා දහදිය දැමීම පාලනය කර මිහිරි සුවඳක්ද ලබාදෙනවා.

අවශ්‍ය වන්නේ - රෝස වතුර මේස හැඳි 3ක් සහ ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1ක්

භාවිතා කරන ආකාරය - ඇපල් සයිඩර් විනාකිරි සහ රෝස වතුර එකට මිශ්‍ර කර කුඩා බෝතලයකට දමා අවශ්‍ය විටදී දහදිය දමන ස්ථානවලට ස්ප්‍රේ කරන්න. සාර්ථක ප්‍රතිපල සඳහා දිනපතා භාවිතා කරන්න.


8. කොහොඹ කොළ


කොහොඹ ස්වභාවික විෂබීජනාශකයක් වන අතර එමගින් බැක්ටීරියා, දිලීර විනාශ කරනු ලබනවා.. ශරීරයේ විෂ හරණය කර දුර්ගනධය ඇතිවීම පාලනය කරනු ලබනවා.

අවශ්‍ය වන්නේ - කොහොඹ කොළ මිටක් සහ ජලය කෝප්ප 1 ක්

භාවිතා කරන ආකාරය - කොහොඹ කොල ජලය එක්කරමින් හොඳින් අඹරා තලපයක් සේ සාදාගන්න. දහදිය දමන අත් යට සහ අනෙකුත් ස්ථානවල හොඳින් ආලේප කර වියළෙන තෙක් තබා උණුසුම් ජලයෙන් සෝදා හරින්න. නැතිනම් උණුසුම් ජලයට කොහොඹ කොළ එක්කර තම්බා එම ජලයෙන් ස්නානය කරන්න. ඔබගේ කැමැත්ත පරිදි දිනපතා වුවද මෙය සිදුකල හැකියි.


9. කෝන් පිටි


කෝන් පිටි වල බැක්ටීරියා නසන ගුණාංග මගින් බැක්ටීරියා ඇතිවීම පාලනය කරන අතර තෙතමනය ඇතිවීම පාලනය කරනවා.

අවශ්‍ය වන්නේ - කෝන් පිටි ස්වල්පය් (බඩ ඉරිගුන් පිටි)

භාවිතා කරන ආකාරය - ඔබගේ අත් යට හෝ දහදිය දමන ස්ථානවලට කෝන් පිටි ආලේප කර තබන්න. නාන විට හෝ ඇඟ සෝදන විට සෝදා හරින්න. මෙය ස්වභාවික ඩියෝඩ්‍රන්ට් එකක් ලෙස ක්‍රියා කරන අතර දිනපතා වුවද ආලේප කල හැකියි.


10. පාස්ලි කොළ - Parsley


දුගඳ නසන ගුණාංගවලින් යුතු පාස්ලි කොළ භාවිතයෙන් ශරීරයේ දුගඳ පාලනය කරනවා.

අවශ්‍ය වන්නේ - පාස්ලි කොල තේ හැන්දක් සහ වතුර කෝප්ප 1 ක්

භාවිතා කරන ආකාරය - පාස්ලි කොල වතුර කෝප්පයකට එක්කර උණු කර පානය කරන්න.

ඔබ ඉහත කී ක්‍රම භාවිතා කරන අතරේ ශරීර දුර්ගන්ධය ඇතිවීම පාලනය සඳහා දිනපතා සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි.. ඒ සඳහා ඔබ ගත යුතු පියවර

1. දිනපතා ස්නානය කරන්න
2. වාතාශ්‍රය පිටවන පරිදි සැහැල්ලු කපු ඇදුම් අඳින්න
3. අධික කුළුබඩු මිශ්‍ර ආහාර ගැනීමෙන් වලකින්න
4. උලුහාල් මිශ්‍ර ජලය, හරිත තේ වැනි ශරීරය සිසිල් කරන පානයන් භාවිත කරන්න
5. ස්වභාවික හෝ ශරීරයට අහිතකර බලපෑම් එල්ල නොකරන ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කරන්න

දහදිය දැමීමත් දුර්ගන්ධය හැමීමත් ඔබව අපහසුතාවයට පත් කරන්නක්.. එබැවින් ඉහත සරල පියවර අනුගමනයෙන් අපහසුතාවයෙන් මිදීමට ඔබත් උත්සාහ දරන්න.. එවිට වඩාත් විශ්වාසයෙන් සහ මනා පෞරුෂත්වයකින් යුතුව ඔබගේ එදිනෙදා ජීවිතයට මුහුණු දීමට ඔබටත් අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා නොඅනුමානයි.. එයයි හැඩකාරි අපගේත් අපේක්ෂාව..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,059
   72

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,784
   30

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed