යටි පතුල් පැලීම ඔයාටත් හිසරදයක් වෙලාද?

October 18, 2017
8,210
Have foot cracks become a headache for you?
ගොඩාක් දෙනෙක් තමන්ගේ මුහුණේ සුන්දරත්වය වෙනුවෙන් කාලය වැය කරද්දී තමනේ සුන්දරත්වයට හේතු වෙන ගොඩක් දේවල් මඟහරිනවා. යටි පතුල් පැලීම කියන්නේ ගොඩක් දෙනෙක්ට ඇති වෙලා තියෙන සහ මඟ හැරුණු ඔයාගේ සුන්දරත්වයට බලපෑම් කරන දෙයක්. එත් ඔයා මේ ගැන දැන්ම දැනුවත් වුනේ නැත්තන් මේ තත්ත්වය වැඩි වෙලා යටි පතුල් වලින් ලේ ගැලීම වුනත් සිදු වෙන්න පුළුවන්. ඒ වේදනාකාරි අත්දැකීම ඇති වෙන්න කලින් එයට හේතු සහ ඔයාට මොනවද කරන්න පුළුවන් කියලත් දැන ගන්න එක වැදගත්.

ශරීරයේ දැඩි උෂ්ණ සහිත බව නිසාත් ඒ නිසා ඇති වන සමේ වියලි බව නිසාත් වැඩි පුරම මේ තත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දෙපා වලට නොගැලපෙන පාවහන් පැළඳීමත්, විටමින් ඇතුළු අනෙකුත් පෝෂණයන්ගේ ඌනතාවය නිසාත් දියවැඩියාව හා පොතු කබර තත්ත්වයන් හේතුවෙනුත් යටි පතුල් පැලීම සිදු වෙනවා. ඔයාට මේ තත්වයෙන් මිදෙන්න නිවසේදීම ප්‍රතිකාර කරන්න පුළුවන්. බලන්න ඒ මොනවද කියලා.

1. කෝමාරිකා

කෝමාරිකා කියන්නේ රුපලාවන්‍ය කටයුතු වලදී වගේම ඖෂධයක් විදියට භාවිතා කරන්න පුළුවන් අමු ද්‍රව්‍යක්. හොඳින් පිරිසිදු කර ගත් පැලුණු යටි පතුල් වල කෝමාරිකා මදය අලේප කර විනාඩි 20ත් 30ත් අතර කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න. දිනපතාන් මේ ප්‍රතිකාරය කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.

2. එළකිරි

එළකිරි කියන්නේ සමට ඉහළ පෝෂණයක් ලබා දෙන දෙයක්. එළකිරි ස්වල්පයක් ගෙන වියලුනු හා පැලුණු යටිපතුල් වල ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

3. කහ

අත් කහ සහ පොල්තෙල් ස්වල්පයක් ගෙන හොඳින් මිශ්‍ර කර පැලුණු ස්ථානවල ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

4. ඔලිව් තෙල්

පැලුණු යටි පතුල් වල දිනපතා ඔලිව් තෙල් අලේප කරන්න. ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

මේ කියන ප්‍රතිකාර කරන අතර තුර ඔයා දැනුවත් වෙන්න ඕන තවත් දේවල් තියෙනවා. අංක එක තමයි පිරිසිදුකම. දෙපා පිරිසිදුව තබා ගන්න. මොකද පැලුම් තුලින් විෂබීජ ශරීරගත වී යටි පතුල් පැලීමට වඩා භයානක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉහත කියපු ප්‍රතිකාර කරද්දී සියල්ලටම කලින් දෙපා පිරිසිදු කර ගන්න.

ඒ වගේම දෙපතුලෙහි තියුණු උපකරණ වලින් සම ඉවත් කරන්න එපා. දිනපතා දවසට දෙවරක් හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් අලේප කරන්න. වැදගත්ම දේ තමයි හැමදාම කියනවා වගේ වැඩි පුර වතුර බොන්න. සමේ වියලි ස්වභාවය මේ තත්ත්වයට ප්‍රධානම හේතුවක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 457 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:01 AM
Script:/article/457/have-foot-cracks-become-a-headache-for-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:02 AM
Script:/article/457/have-foot-cracks-become-a-headache-for-you.html