උතුම්ම ලාබය ලබන්න නම් මේ වෙනස්කම් ඔබ තුල විය යුතුමයි

November 28, 2017
1,777
Change these habits to have a healthy life
ඕනෑම කෙනෙක් තමන්ගේ නිරෝගී බව ගැන අනිවාර්යෙන් හිතනවා. ඒ වගේම සෞඛ්‍ය රැක ගන්නත් ගොඩක් මහන්සි වෙනවා. එකනේ අපිට ලබන්න පුළුවන් ලොකුම ලාබය. ඒ මොනවා කරත් දවසෙන් දවස විවිධාකාර බෝ නොවන රෝග වැළඳීම සුලබ දෙයක් වෙලා. මොකක්ම හරි ලෙඩක් නැති කෙනෙක් නැති තරම්. හැමෝටම කියන්න මොකක්ම හරි තියෙනවා. වසරකට ලෝකය පුරා මිනිසුන් ලක්ෂ ගණනක් බෝ නොවන රෝග වැළඳීමෙන් මිය යනවා. ඒ අතරට ලංකාවෙනුත් සැලකිය යුතු පිරිසක් එකතු වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?

මිට  කලින් කවදාවත් අහල තිබුනේ නැති අමුතු අමුතු ලෙඩ ගැන දවසින් දවස අහන්න ලැබෙනවා. ඒ වගේම ඒ මොකක්ම හරි අසනීපයක් වෙනුවෙන් රුධිර සාම්පලයක් පරික්ෂා නොකරපු කෙනෙකුත් නැති තරම්. මේ විදියට බෝ නොවන රෝග වලින් මිනිස්සු ගිල ගන්න මොන මොන හේතු බලපානවා ඇත්ද කියලා දැනුවත් වුනොත් මේවයින් තවමත් බේරිලා ඉන්න කිහිප දෙනා හරි පරිස්සම් වෙයි. මොකද නිරෝගී බව නැතිව මොන ලාබය ලැබුවත් වැඩක් නැති නිසා.

අපේ සාම්ප්‍රදායික ජිවන රාටාව හා ආහාර රටාවේ බිඳ වැටීම තමයි මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න බලපාපු මූලිකම හේතුව. ජිවිතේ දවසින් දවස කාර්යබහුල වෙද්දී අපි හැම දේටම කෙටි ක්‍රම හොයන්න පුරුදු වුනා. ඒ අපේ පහසුවට. මොකද දවසකට තියෙන පය 24ත් මදි වෙන තරමට අපි මාර busy වුණානේ. හැබැයි ඒ කෙටි මාර්ග අපිව ඉක්මනින්ම ලෙඩ්ඩු කරන්න මුල් වුණා.

ආහාර පාන ලබා ගනිද්දීත් අපි හැම වෙලාවකම ක්ෂණික ආහාර වලට පුරුදු වීම බෝ නොවන රෝග වලට බලපාන ප්‍රධානම තත්ත්වයක්. ඒ වගේම සෞඛ්‍යට අහිතකර අධික මේදය, පිෂ්ටය සහිත ආහාර හරි ඉක්මනින් අපිව මේ රෝග වලට ඇදලා දානවා. අපේ නිරෝගී බවට උදවු වෙන, පෝෂ්‍යදායි  ආහාර ඈත් කරලා දිව රස නහර පමණක් පිනවන අරුමෝසම් ආහාර පාන වලට ගොඩක් දෙනෙක් හුරු වීම තමයි සාම්පදායික ආහාර රටාව බිඳ වැටිලා කියලා කියන්න හේතුව.

ඒ වගේම ශරීරයට අවශ්‍ය ව්‍යායාම ගොඩක් දෙනෙක් නොසලකාම හරිනවා. සමහර අයට ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැහැ. තවත් සමහර අය වෙලාව තිබුනත් ඇඟ වෙහෙසන්න තියෙන කම්මැලිකම නිසා ඒ ගැන හිතන්නේ වත් නැහැ. නමුත් අපි අපේ සිරුරට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අහාර ගන්න නිසා අනවශ්‍ය කැලරි දහනය කිරීම අත්‍යාවශ්‍යයි.
 
මත් පැන් සහ මත් ද්‍රව්‍ය කියන්නේ බෝ නොවන රෝග ඇති කරන්න, සෞඛ්‍ය පිරිහෙන්න, වගේම භයානක තත්ත්වයන් වලට බලපාන තවත් ප්‍රධානම හේතුවක්. මානසික නිරෝගී බව පිරිහීම නිසාත් බොහෝ දෙනෙක්ට මේ කියන තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මානසික ආතතිය නිසා හදවත් රෝග, දියවැඩියාව, ස්ථුල බව වගේ රෝග තත්ත්වයන් හට ගන්නවා. 

තමන්ට හැකි විදියට ජිවන රටාවේ හා ආහාර රටාවේ වෙනස් කම් ඇති කර ගැනීම මගින් මේ තත්ත්වයන් බොහෝ දුරට අවම කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Vegetable Chop Suey Recipe
   1,797
   1,558

වෙජිටබල් චොප්සි - Recipe

ඔයාට ඔයාගේ ගෙදර වෙජිටබල් චොප්සි පහසුවෙන් සකස් කර ගන්න හැටි මෙන්න
You’ll be surprised if you hear the benefits of steaming
   1,509
   1,270

හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ
Eat more curry leaves to get rid of these diseases
   1,473
   815

මේ ලෙඩරෝග සුව කරගන්න ඕන නම් කරපිංචා ටිකක් වැඩිපුර කන්න

ඇඟ අඩු කරන, ලෙඩ ගොඩකට සුව දෙන කරපිංචා ඔසුවක් වෙන්නේ කොහොමද කියලා බලමු
Like to have attractive hair?
   2,137
   637

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Don’t make them a slave infant of your love
   684
   591

ආදරය කරන කෙනාව කවදාවත් ඔයාගේ ආදරය ඉදිරියේ අනාථයෙක් කරන්න එපා

ඔයා ඇත්තටම ඒ කෙනාට ආදරය කරනවා නම් ඒ වැරදි කවදාවත් පිට කෙනෙක් ඉදිරියේ කියන්න එපා. මොකද ඒ කෙනාගේ පෞර්ෂත්වයට එය කැළලක්

Latest Articles

Most Viwed