ස්වභාවිකව සමේ තෙල් සහිත බව අඩු කර ගන්න නිවැරදිව මේ දේවල් අනුගමනය කරන්න

December 11, 2017
7,939
Get rid of oily skin
අපි හැමෝගෙම සමේ ස්වභාවය එක වගේ නැහැ. ජාන මත පදනම්ව එය එකිනෙකාගෙන් වෙනස් වෙනවා. සමහර අයගේ සම සාමාන්‍ය සමක් වෙද්දී තවත් අයගේ එය වියලි ස්වභාවයක් ගන්නවා. එතකොට තවත් පිරිසකගේ සම තෙල් සහිත බවින් යුක්තයි. සමේ තෙල් සහිත බව වැඩි වුනාම එය තවත් ගැටළු රැසකට හේතු වෙනවා. විශේෂයෙන් නාසය දෙපස, නිකට, නළල ආදී ප්‍රදේශ වල වැඩි වශයෙන් තෙල් ශ්‍රාවය වීමත් ඒ හේතුවෙන් කුරුලෑ තත්ත්වයන් ඇති වීමටත් එය හේතු වෙනවා.

සමේ තෙල් සහිත බව ස්වාභාවිකව අඩු කරවන්න පුළුවන් මේ දේවල් ක්‍රමානුකුලව හා නිවැරදිව දිනපතා අනුගමනය කරන්න.

1. බිත්තර සුදු මදය

බිත්තර සුදු මදය විටමින් A වලින් පොහොසත් වන අතර එය තෙල් සහිත බව අවම කර සමේ තෙතමනය රැක ගැනීමට උපකාරී වෙනවා. පිරිසිදු කර ගත් මුහුණේ බිත්තර සුදු මදය ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. මෙයට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර ගන්න පුළුවන් නම් තවත් හොඳයි.

2. තක්කාලි

තක්කාලි තෙල් සහ කුරුලෑ සඳහා කල හැකි හොඳ ප්‍රතිකාරයක්. තක්කාලි පෙති කපා මුහුණ මත විනාඩි 20ක් තබා සිටීමෙන් හෝ තක්කාලි යුෂ ආලේප කිරීමෙන් අනවශ්‍ය තෙල් සහිත බව අඩු කර ගන්න පුළුවන්.

3. මී පැණි

සමේ ඇති වන ගැටළු රැසකට මී පැණි කියන්නේ හොඳ විසඳුමක්. මී පැණි තේ හැඳි දෙකකට කඩල පිටි තේ හැන්දක් මිශ්‍ර කර පිරිසිදු කර ගත මුහුණේ ආලේප කර විනාඩි 15කින් සෝදා ඉවත් කරන්න

4. බේකින් සෝඩා

පිරිසිදු ජලය සමග බේකින් සෝඩා මිශ්‍ර කරන්න. තෙල් සහිත සම මත ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. ඔබේ මුහුණෙන් දූවිලි හා තෙල් ඉවත් කිරීමට එය භාවිතා කරන්න.

5. කඩල පිටි

කඩල පිටි ස්වල්පයක් සහ රෝස වතුර මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. එය වියලෙන තෙක් විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. සමේ තෙල් සහිත බව අවම කරන්න කඩල පිටි සහ රෝස වතුර හොඳ විසඳුමක්.

මේ සත්කාර වලට අමතරව ඔයා අමතක නොකළ යුතු දේවල් කිහිපයක්ම තියෙනවා.

1. අලුත් එළවලු සහ පලතුරු හා සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න.

2.මුහුණ දවසට දෙවරක් හෝ තුන් වරක් පිරිසිදු වතුරෙන් සෝදන්න. හැබැයි නිතර නිතර මුහුණ සොදන්නත් එපා. මුහුණේ සම ඉක්මනින් වියලෙන්න එය හේතුවක් වෙනවා.

3. සමට අහිතකර රසායනික වලින් තොර, තෙල් සහිත බව වැඩි කරන්න හේතු නොවන ආලේපන තෝරා ගන්න.

4. වැඩි පුර වතුර බොන්න.

5. දිනපතා පැය භාගයක් වත් ව්‍යායාම වල නිරත වෙන්න. එයින් දහඩිය ඇති කරවන ග්‍රන්ථි ක්‍රියාකාරී වී ස්වාභාවිකව සිරුරේ ඇති තෙල් දහදිය සමඟ පිට කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 572 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:09 AM
Script:/article/572/get-rid-of-oily-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:10 AM
Script:/article/572/get-rid-of-oily-skin.html