කම්මුල් එල්ලා වැටීම ඔයාගේ ලස්සනට බාධාවක්

July 31, 2018
13,580
Soggy cheeks makes you look older
කාන්තාවකගේ සුන්දරත්වය ටිකක් වැඩියෙන් පෙන්වන දෙයක් තමයි පිරුනු කම්මුල්. ඔයාට පිරුණු කම්මුල් තියෙනවා නම් ඔයාගේ සුන්දරත්වය වැඩි කරලා පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ කම්මුල් එල්ලා වැටෙන ස්වරූපයක් ගන්නා විට එයින් ඔයාගේ සුන්දරත්වයට වඩා වයස්ගත බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔයා වයස්ගත වීමත් එක්ක ඔයාගේ සමේ ඇදෙන සුළු බව වැඩි වෙන්න පටන් ගන්නවා. එවිට ඔයාගේ පෙනුම වයසක පෙනුමකින් පේනන පටන් ගන්නවා. ඉතිං ඔයාගේ කම්මුල් එල්ලා වැටෙන්නේ ඇයි ද කියලා ඔයා දැනගත්තොත් මෙකී ගැටලුවට ඔයාට විසඳුම් හොයා ගන්න පුළුවන්. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාගේ කම්මුල් එල්ලා වැටෙන්නේ ඇයිද කියලා.

දුරකථනය භාවිතා කරන එක ටිකක් අඩු කරන්න

ඔයා කොයි වේලාවෙත් ඉන්නේ ෆෝන් එකේ එල්ලිලාද? එහෙමත් නැත්තම් ඔයා නිතරම ස්මාර්ට් ෆෝන් එකක් හරි ටැබ් එකක් භාවිත කරනවාද? ඔයා මේ වැරදි කරනවා නම් ඔයාගේ කම්මුල්වල සම එල්ලා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම ඔයා මෙම ඉලොක්ට්‍රෝනික උපකම්රණවල තිරය දෙස අනවශ්‍ය ලෙස බලා සිටීමෙන් ඔයාගේ මුහුණට හානී සිදු වෙන ප්‍රමාණයද ඉතාමත් වැඩියි. කම්මුල් එල්ලා වැටීම විතරක් නොවෙයි ඔයාගේ මුහුණේ සම ඉතාමත් සියුම් නිසා සම ඉක්මනින් රැලි වැටෙන්න පටන් ගන්නවා. ඉතිං ඔයාගේ කම්මුල් ලස්සනට තියා ගන්න ඕන නම් පාලනයක් ඇතුව ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කිරීම ඉතා වැදගත්.

තෙල් සහිත අහාර රටාවෙන් ඈත් වෙන්න

ගොඩක් දෙනෙක් අද ස්වභාවික ආහාර රටාවෙන් ඈත් වෙලා කෘත්‍රිම ආහාර ආහාරයට ගන්නවා. මෙවැනි තත්ත්වයකදි ඔයාට තවත් අතුරු ආබාධ රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ශරීරයේ බර වැඩි වීම වගේම මෙමගින් ඔයාගේ මුහුණ ආශ්‍රිතව විපර්යාස රැසක් මෙහිදි සිදු වෙනවා. ඔයාගේ මුහුණේ කුරුළෑ අසාදන, ලප කැළැල් ඇති වීම වැනි තත්ත්වයන් ඇති වෙනවා. තෙල් සහිත ආහාර ගැනීම ඔයාගේ සමට අහිතකර වුණත් සම්පුර්ණයෙන්ම මේදය සහිත ආහාර ප්‍රතික්ෂේප කිරීම නම් සුදුසු වෙන්නේ නෑ. ඔමේගා 3, ඔමේගා 6 වැනි මේද අම්ල භාවිත කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද එමගින් ඔයාගේ සමේ ෙසෙලවල ඇදෙන සුළු බව ආරක්ෂා කරන්න උපකාරී වෙනවා.

හෝර්මෝන සමතුලිතාවය බිඳ වැටීම

ඔයාගේ කම්මුල් එල්ලා වැටෙන්න බලපාන තවත් ප්‍රධානතම හේතුවක් තමයි ඔයාගේ සිරුරෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ස්‍රාවය වන ප්‍රමාණය අඩු වීම. මේ හෝමෝනය ඉලාස්ටින් සහ කොලජන් නිපදවීමට හේතු වෙනවා. ඉතිං ඊස්ට්‍රජන් අඩු වෙනවා කියලා කියන්නේ ඔයාගේ සම සුදුමැලි වෙලා සම රැලි වැටෙන්න පටන්න ගන්නවා.

පැණිරස කෑම ටිකක් අඩු කරන්න

ඔයා වැඩිපුර පැණිරස කෑම ආහාරයට ගන්නවා කියන්නේ රෝග රැසකට අත වැනීමක්. සීනි අධික ලෙස භාවිත කිරීම ඔයාගේ සිරුරට යහපත් වෙන්නේ නෑ. සීනි සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් ඔයාගේ සමේ ඇදෙන සුළු බව වැඩි කරනවා. එමගින් සිදු වෙන්නේ ඔයාගේ සම එල්ලා වැටී හානීයට පත් වීමයි. ඔයා සීනී භාවිත කරන ප්‍රමාණයට ඔයාගේ සමට හානී ගෙන දෙන බව මතක තියාගෙන සීනි අධික ආහාර ආහාරයට ගන්න.

වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වෙන්න එපා

පාරජම්බුල කිරණ ඔයාගේ සමට ඉතාමත් හානීදායකයි. විශේෂයෙන්ම UVA නම් වු විකිරණ ඔයාගේ සමට ඉතාමත් අනුතුරුදායකයි. මේ විකිරණ ඔයාගේ සමේ ගැඹුරුම ස්ථාන තුළට ගමන් කර ඔයාගේ සමට හානී කරනවා. ඇතුළේ තියෙන සමෙන් වැඩිපුර ප්‍රමාණයක් කොලජන් අන්තර්ගතයි. ඉතිං මේ පාරජම්බුල කිරණ ඔයාගේ සමට හානී කැරනවා ඉතාමත් ඉක්මනින්. ඔයා හිරු එළියට නිරාවරණය වෙනවා නම් sun cream එකක් භාවිත කිරීම ඉතාමත් වැදගත්.

සිරුරේ බර වේගයෙන් අඩු වීම

ඔයාගේ සිරුරේ ස්කන්ධය අඩු කර ගන්න අවශ්‍ය නම් එක ලෙස වේගවත්ව බර අඩු කර ගැනීම හිතකර වෙන්නේ නෑ. ඔයා ආහාර පාලනය කර බර අඩු කර ගන්න හිතනවා නම් මෙය ක්‍රමවත්ව සිදු කළ යුතුයි. වඩාත් සෞඛ්‍යාරක්ෂිත වෙන්නේ සෙමින් ඔයාගේ සිරුරේ බර අඩු කර ගැනීමයි. ඔයාගේ සිරුරට ලැබෙන මේදය සහ විටමින් වර්ග අඩු වී යාමෙන් ඔයාගේ සම එල්ලා වැටීමකට ලක් විය හැකියි. ඒ නිසා ඔයා ආහාර රටාව පාලනය කිරීමේදී එය ක්‍රමවත්ව සිදු කිරීම ඉතා වැදගත්.

දත්වල ඇති වන විකෘතිතා

ඔයාගේ දත් වල විවිධ විකෘතිතාවන් පැවතිය හැකියි. විශේෂයෙන්ම නළ දත් හා විවිධ විකෘතිතා සහිත දත් පිහිටීමෙන් ඔයාගේ මුහුණේ සම ඇදීමකට ලක් වෙන්න පුළුවන්. විකෘති දත් පිහිටීමෙන් ඔයා ආහාර ගැනීමේදී ආහාර සැපයීමේ රටාව වෙනස් වෙනවා. එය ඔයාගේ මුවට අනවශ්‍ය වෙනසක්. මේ බලපෑම නිසා ඔයාගේ සමේ මාංශ පේශී එල්ලා වැටිය හැකියි.

ප්‍රමාණවත් පරිදි නින්දක් ලබා ගන්න

ඔයාගේ ශරීරයට ප්‍රමාණවත් නින්දක් අත්‍යාවශ්‍යයි. එමගින් ඔයාගේ සමට විවේකය ලබා දෙනවා. නමුත් ඔයා ප්‍රමාණවත් පරිදි නින්දක් නොලැබී යාමෙන් සිදු වෙන්නේ ඔයාගේ සම එල්ලා වැටීමට හා රැලි වැටීමට හේතු වෙනවා. මේ විදිහට රැලි වැටුණු හම අලුත්වැඩියා වෙන්නේ රාත්‍රී කාලයේදීයි. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 987 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:24:01 AM
Script:/article/987/soggy-cheeks-makes-you-look-older.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:24:01 AM
Script:/article/987/soggy-cheeks-makes-you-look-older.html