Leave-In Conditioner හා Rinse-Out Conditioner අතර වෙනස මෙන්න මේකයි

October 29, 2020
11,550
Difference between Leave-in and Rinse-out conditioner
මීට පෙර ලිපියකින් අපි ඔබට Leave-In Conditioner වල වැදගත්කම ගැන ලිපියක් අරන් ආවා ඔබට මතක ඇති. ඒ ලිපිය කියෙව්වාට පස්සේ ගොඩාක් දෙනෙක්ට ඇති වෙලා තිබ්බ ගැටලුවක් තමයි අපි සාමාන්‍ය හිස සේදීමකදී භාවිතා කරන කන්ඩිශනර් (Rinse-Out Hair Conditioner) වල සහ මේ Leave-In කන්ඩිෂනර් වල තියෙන වෙනස මොකක්ද කියලා. ඇත්තටම මේ කන්ඩිෂනර් වර්ග දෙකෙන්ම වෙන්නේ ඔබේ හිසකෙස් වල තෙතමනය රඳවා ගැනීමට සහ හිසකෙස් වල ව්‍යුහය මෘදු කිරීමට උපකාර කරන එකයි. ඉතින් මේ නිෂ්පාදන දෙකම එකම මූලික අරමුණක් ඉටු කළත්, Leave-In Conditioner කියන්නේ අපි නාද්දී භාවිතා කරන Rinse-Out Conditioner එකට වඩා ඉදිරියට ගිය නිෂ්පාදනයක්. ඒක වෙනස් ආකාරයකින් සකස් කරලා තියන නිසා ඒක භාවිතා කරන්නෙත් වෙනස් ආකාරයකටයි. එහෙනම් අපි අද ඔබට කියන්නම් මෙම කන්ඩිෂනර් වර්ග දෙක අතර ඇති මූලික වෙනස්කම් සහ Leave-In Conditioner භාව්තා කරන්න ඕනේ කොහොමද කියලා...

යෙදීම: කෙස් කළඹට පිළියමක් විදිහට Rinse-Out කන්ඩිෂනර් අපි භාවිතා කරන්නේ ෂැම්පූ කරලා කොණ්ඩය සේදීමෙන් පස්සේයි. ඒ නිසා ඒක මිනිත්තු කිහිපයක් පමණයි ඔබේ හිසකෙස් වල තියෙන්නේ. ඒ කාලයෙන් පස්සේ එම කන්ඩිශනර් නිෂ්පාදිනය අනිවාර්‍යෙන්ම සෝදා හරින්න ඕනේ. එහෙම නොවුණොත් ඔබේ හිසකෙස් වල බර අඩු වෙනවා. ඒ වගේම ඔබේ හිසකෙස් වල එම නිෂ්පාදනය දිගටම රැඳිලා තියෙනවා.

නමුත් Leave-In Conditioner එකක් ආලේප කරද්දී ඒක හිසකෙස් සේදීමකින් තොරවයි ආලේප කරන්න ඕනේ. ඒ වගේම සැලකිය යුතු කාලයක් කොණ්ඩයේ තබා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් තුවායෙන් පිහිදාලා වේලගත්ත හිසකෙස් සඳහායි මේ වර්ගය ආලේප කරන්නේ. නමුත් සමහර leave-in spray conditioner වර්ගත් තියනවා, ඒවා කොණ්ඩයට නැවත ෂැම්පූ කරනකම් වියළි වෙන කෙස් මතට ඉසින්න පුලුවන්. සාමාන්‍යයෙන් leave-in conditioner එකක් සාමාන්‍ය කන්ඩිෂනර් එකකට වඩා කුඩා ප්‍රමාණයක් භාවිතා කිරීම ප්‍රමාණවත්.

ප්‍රතිලාභ: Rinse-out conditioner කෝට් එකක් හිසකෙස් වල පිටත තට්ටුවේයි ආලේප කරන්න ඕනේ. ඒකෙන් ඔබේ හිසකෙස් වලට මෘදු බවක් එක් කරමින්, රළු ෂැම්පූ මගින් කොණ්ඩයට සිදුවන හානිය අළුත්වැඩියා කිරීමට උපකාර කරනවා. ෂැම්පු කිරීමේ ක්‍රියාවලියේදී නැති වී යන ඔබේ හිසකෙස්වලට අත්‍යවශ්‍ය තෙල් වෙනුවට ඒවා හරහා තෙතමනය සපයනවා. මෙම නිෂ්පාදනයෙන් කොණ්ඩය ගැට අයින් කරන එකද පහසු කරවන අතර ඔබේ කොණ්ඩයේ බොකුටු ගතිය හීලෑ කිරීමට උපකාරී වෙනවා.
Leave-In කන්ඩිෂනර් වලින් වියළි කෙස් වලට හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඒ වගේම හිසකෙස් මෘදු, සිනිඳු හා දිලිසෙන බවට පත් කරනවා. ඒ වගේම කොණ්ඩ යේ ගැට අයින් කිරීම පහසු කිරීම, මෝස්තර දැමීමේදී තාප ආරක්ෂකයක් විදිහටත් ක්‍රියා කරනවා. රැලි සහිත හිසකෙස් වියළි බවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් බහුලව භාවිතා වන කෙස් නිෂ්පාදන වලින් එකක් වෙන්නේ Leave-In Conditioner යි.

ඝනත්වය: Rinse-out conditioner සාමාන්‍යයෙන් leave-in Conditioner වලට වඩා ඝනකමින් හා බරින් යුක්තයි. ඒවා කෙස් ගස් වල ඝන තට්ටුවකින් ආලේප කරන නිසා සේදීමෙන් පස්සේත් ඔබේ කොණ්ඩයට ඇලිලා පවතිනවා.
Leave-In Conditioner ප්‍රතිකාර සැලසුම් කරලා තියෙන්නේ සාමාන්‍ය කන්ඩිෂනර් වලට වඩා වැඩිපුර ජලය ගතිය රැඳෙන විදිහට හා සැහැල්ලු විදිහටයි.

අමුද්‍රව්‍ය: rinse-out conditioner වල සාමාන්‍ය විදිහට මේද අම්ල, සර්ෆැක්ටන්ට්, මේද ඇල්කොහොල්, ප්‍රෝටීන, සිලිකන්, ශාක තෙල් සහ high molecular-weight silicones අඩංගු වෙනවා.
ඒත් Leave-in conditioner වල හිසකෙස් වලට තෙතමනය ආකර්ෂණය කර ගන්නා ඉහළ මට්ටමේ හියුමෙක්ටන්ට් අඩංගු වෙනවා. ඒවායේ බොහෝ විට ග්ලිසරින් අඩංගු වන අතර එමඟින් හිසකෙස් සජලීකරණය කරනවා සහ ලිහිසි කරනවා. ඊට අමතරව Leave-in conditioner වල වාෂ්පශීලී සිලිකන් අඩංගු වන අතර එමඟින් ඔබේ හිසකෙස් වලට දීප්තිමත් බවක් හා සිනිඳු බවක් ලබා දෙනවා.

Leave-in conditioner භාවිතා කරන්නේ කොහොමද?
ඔබේ හිසකෙස් සේදීමෙන් පස්සේ Leave-in conditioner ප්‍රතිකාරය භාවිතා කරන්න පුලුවන්. මොකද මෙම නිෂ්පාදනය තෙත් හිසකෙස් මත වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා කොණ්ඩයට ලබා දෙන්න පුලුවන් සියලු ප්‍රතිලාභ ලැබෙනවා. ඔබට අතට ගන්න අවශ්‍ය වන්නේ හිසකෙස් කෙළවර සහ අනෙකුත් වියළි ප්‍රදේශ වලට අවධානය යොමු කරමින් කන්ඩිශනර් සුළු ප්‍රමාණයක් පමණයි. නැත්නම් Leave-in conditioner එක තුවායෙන් වේල ගත්ත හිසකෙස් මතට ස්ප්‍රේ කරන්නත් ඔබට පුලුවන්. ඊට පස්සේ කෙස් වල කෙළවර දක්වාම හොඳින් පීරන්න. ඔබට තියෙන්නේ ඉතා සිහින් හිසකෙස් නම්, රුපියලේ කාසිය තරම ප්‍රමාණයක් කන්ඩිෂනර් අරන් හිස්කෙස් කෙළවරට පමණක් යොදන්න. Leave-in conditioner යෙදීමෙන් පස්සේ ඔබට සාමාන්‍ය ආකාරයටම කොණ්ඩ මෝස්තර කරන්න පුලුවන්.
තෙතමනය යථා තත්වයට පත් කිරීමට සහ ඔබේ කොණ්ඩා මෝස්තර පුනර්ජීවනය කිරීම සඳහා නැවත කෙස් සෝදන තෙක් වියළි වෙන හිසකෙස් වලට ආලේප කිරීම සඳහා lightweight leave-in spray සුදුසු වෙනවා.

ඔබ සිලිකන් සමඟ leave-in hair කන්ඩිශනර් ප්‍රතිකාර භාවිතා කරනවා නම්, ඉඳහිට හොඳ clarifying shampoo එකක් හෝ ඩීප් ක්ලීන් ශැම්පූ එකක් භාවිතා කරමින් හිසේ ඉතිරි වෙලා තියන අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කරන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,246
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,994
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,413
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Kaju Dosi Recipe
   178,977
   20

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed