වියලි සම හිසරදයක් වුනු අයට නොවරදින පිළියම

December 20, 2017
7,784
For whom dry skin has become a problem
වයස් භේදයකින් තොරව කාන්තා පාර්ශවය ගොඩක් තමන්ගේ රුපය ගැන, සුන්දරත්වය ගැන හිතනවා නේ. වියළි සම කියන්නේ ඒ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. වියළි සමක් තියෙන අය තමන්ගේ සම ගැන වැඩි අවදානයක් දිය යුතුයි. මොකද වියලි සම ඉතාම ඉක්මනින් රැළි වැටීමේ හැකියාවක් තියෙනවා. එහෙම වෙද්දී වයසට වඩා වයස පෙනුමක් ගන්නවා. ඒ නිසා වියළි සමක් හිමි කෙනෙක් මේ තත්ත්වයෙන් ගැලවෙන්න සමේ ස්වභාවය හඳුනා ගැනීමත්, පෙනුම නිරෝගී බව පවත්වාගෙන යාම ගැන වඩා සැලකිලිමත් වෙන්නත් ඕන.

වියලි සමක් ඇති වෙන්න මුල් වෙන්නේ මොන වගේ හේතුද ?

ශරීරයේ මේද ග්‍රන්ථිවලින් නිකුත්වන මේදය ප්‍රමාණ අවම වුනහම අපේ සම වියලෙන්න බලනවා. ඒ වගේම තවත් සමහර අයට උප්පත්තියෙන්ම හිමි සම වියලි එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජාන වලින්ම උරුම වුණු තත්ත්වයක්. එහෙමත් නැත්තන් විවිධ දේශගුණික සාධක නිසාත් වැරදි ආකාරයේ ආලේපන ගැල්වීමනිසාත්, නිතර නිතර හිරු රශ්මියට නිරාවරණය වීම නිසාත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිරෝගී සමක් සඳහා අවශ්‍ය කරන නිසි පෝෂණීය ගුණ නොලැබී යාම හේතුවෙන් ද සමේ වියළි බව ඇති වෙන්න පුළුවන්.

මීට අමතරව නිතරම වායු සමීකරණ කාමර තුළ සිටීම

වැඩි වෙලාවක් විදුලි පංකා යට සිටීම

වතුර පානය අවම වීම

නිතර නිතර මුහුණ, අත්, පා සේදීම

ලුණු සහිත ආහාර වැඩිපුර ගැනීම

නිතර නිතර කෝපි, චොක්ලට්, වැනි ආහාර ගැනීම

නිසා සම වියලෙන්න පුළුවන්. මේ තත්ත්වෙන් ගැලවෙන්න ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා බලමු.

වියළි සමක් හිමි බොහෝ දෙනෙක් මේ වියළි බව නැතිකර ගන්න බැරිවෙයි කියලා දුක් වෙනවා. එත් ඔයාට කරන්න තියෙන්න හරිම සරල දෙයක්. ඒ වගේම එය අනිවාර්ය වැදගත් කාරනාවක්. ඒ තමයි වැඩි පුර වතුර පානය කරන එක. සමේ තෙතමනය රැක ගන්න කරන්න තියෙන හොඳම විසඳුම තමයි ඒක. ඒ නිසා දවසකට සපිරෙන්න ඕන දෛනික ජල අවශ්‍යතාව අනිවාර්යෙන් සම්පුර්ණ කරන්න.

එසේම ජලය වැඩිපුර අඩංගු ආහාර වර්ග එනම් ඒ කියන්නේ දෙළුම්, පිපිඤ්ඤා , කොමඩු වැනි දේත් කොළපාට ආහාර වර්ගත් වැඩිපුර ආහාරයට එකතුකර ගන්න.

එත් එක්කම ඔයාගේ ආහාර වේලට පෝෂ්‍යදායි ආහාර එකතු කර ගන්න. සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ නැති වුණහම කොහොමද සම නිරෝගී වෙන්නේ? ඒ නිසා පෝෂණ අවශ්‍යතා සපුරන්නේ නැතුව සම හරිම වියළියි, කිසිම ලස්සනක් නැහැ කියලා දුක් වෙලා වැඩක් නැහැ. අලුත් එළවලු, පලතුරු, පලා වර්ග, ධාන්‍ය වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න.

ඒ වගේම වියළි සමේ මේද ග්‍රන්ථි උද්දීපනය කිරිම සඳහා වන වෙනම ආලේපන ති‍බෙනවා. උසස් ප්‍රමිතියකින් යුතු එවැනි ආලේපනයක් පාවිච්චි කරන්නත් ඔයාට පුළුවන්. නමුත් ආලේපන පමණක් භාවිතා කිරීමෙන් මේ තත්ත්වය නැතිකර ගන්න අමාරුයි. ඒ නිසා මුලින් ඔයාට මතක් කරපු දෙවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 587 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:15:33 AM
Script:/article/587/for-whom-dry-skin-has-become-a-problem.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:15:33 AM
Script:/article/587/for-whom-dry-skin-has-become-a-problem.html