මීට කලින් අහල නැති ප්‍රතිඵලදායීම ස්වභාවික රූපලාවන්‍ය සත්කාර

February 5, 2018
8,679
Beauty secrets you have not heard before
සුන්දරත්වය රැක ගන්නත්, එය තව වැඩි කර ගන්නත් අපේ කාන්තා පාර්ශවය හරියට මහන්සි වෙනවා. මොකද අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඒ නිසාම ගොඩාක් අය කෘත්‍රිම දේවල් වගේම ස්වාභාවික සත්කාර වලටත් යොමු වෙනවා. කෘත්‍රිම දේවල් භාවිතය අනුමත කරන්න බැරි වුනත් ඔයාට ස්වාභාවික දේවල් භාවිතා කරලා ඔයාගේ සුන්දරත්වය තවත් වැඩි කර ගන්න පුළුවන්. ඒකට පොඩි උදව්වක් තමයි මේ දෙන්නේ.

මුහුණට යොදන්න පුළුවන් කෝමාරිකා සත්කාර ගැන ඔයා මීට කලින් ඕන තරම් අහලා ඇති. ඊට වඩා වෙනස් විදියේ සත්කාරයක් තමයි මේ කියන්නේ. කෝමාරිකා මදයට මී ඉටි එකතු කර පල්පයක් මෙන් සකස් කර මුහුණේ ආලේප කරන්න. ඔයාට කෝමාරිකා වෙනුවට මෙයට පිපිඤ්ඤා යුෂත් යොදා ගන්න පුළුවන්. ඒ මඟින් මුහුණේ සම රැලි වැටීම අවම කර ගන්න ඔයාට පුළුවන්. ඉතා සාර්ථක face mask එකක්.

apple cider vinegar එහෙමත් නැත්තන් ඇපල් විනාකිරි කියන්නෙත් අපේ සුන්දරත්වය වැඩි කර ගන්න පුළුවන් ලොව පුරාම ඉතාමත් ප්‍රචලිච ස්වාභාවික රුපාලාවන්‍ය අමුද්‍රව්‍යක්. මුලින්ම මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර ගන්න ඊට පස්සේ කුඩා බේසමකට උණුවතුර සහ ඇපල් විනාකිරි ස්වල්පයක් එකතු කර එයින් මුහුණ සෝදන්න. එය එහෙමම මුහුණ මත වේලෙන්න දෙන්න. සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න පහසු හා කදිම සත්කාරක්.

ඒ වගේම ඇපල් විනාකිරි හිස කෙස් වලටත් හොඳ සත්කාරයක්. ස්නානයෙන් පසු වතුර වීදුරුවකට ඇපල් විනාකිරි හැන්දක් හෝ දෙකක් මිශ්‍ර කර ඔබේ කොණ්ඩය සෝදන්න. විනාඩි 10ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. සමේ Ph අගය ආරක්ෂා කර ගන්නත් හිස් කබලේ වියලීම වලක්වා ගන්නත් හොඳ ක්‍රමයක්. ඒ වගේම ගැට ගැසුණු හිස කෙස් වලට හොඳ විසඳුමක්.

මී පැණි මේස හැඳි තුනකට එඬරු තෙල් මේස හැන්දක්, සුරා ගත් කෝමාරිකා මද මේස හැඳි දෙකක් මිශ්‍ර කර හිස කෙස් වල ආලේප කිරීමෙන් හිස කෙස් සුසිනිදු කර ගන්නත් හිස කෙස් වලට දීප්තියක් එකතු කර ගන්නත් පුළුවන්. විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. සතියකට වරක් හෝ දෙවරක් සිදු කිරීම ප්‍රමාණවත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 652 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:50 AM
Script:/article/652/beauty-secrets-you-have-not-heard-before.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:51 AM
Script:/article/652/beauty-secrets-you-have-not-heard-before.html