ඔබගේ දරුවන්ට කිසිදා දීමට නුසුදුසු ආහාර වර්ග 7ක්

October 21, 2021
26,427
7 foods you should never give your kids
අප දරුවන්ට ආහාර ලබාදීමේ දි ඉතාමත් සැලකිලිමත් වුවත් ඇතැම් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වර්ග කෙරෙහි දරුවන්ගේ තිබෙන්නේ දැඩි ඉල්ලුමක්.. විශේෂයෙන් රූපවාහිනියේ විකාශය වන විවිධ වෙළද දැන්වීම් නිසා දරුවන් තුළ එවැනි ආහාර කෙරෙහි දැඩි රුචිකත්වයක් ඇතිව තිබෙනවා.

1. කිඩ්ස් මීල්ස් - (Kids’ Meals)



බොහෝ ජනප්‍රිය ආහාර අලෙවිසල් වල ඇති Kids’ Meals ලෙස හඳුන්වන ආහාර වේල් හි බොහෝ විට හැම්බර්ගර්, ග්‍රිල් කළ චීස් සැන්ඩ්විච්, ෆ්‍රයිස් හෝ සීනි සහිත පානයක් අඩංගු වනවා.. ඒවා ක්‍ෂණික ආහාර ඝනයට අයත්වන අතර කල්තබාගන්නා ද්‍රව්‍ය, රසකාරක, මේදය සහ සීනි විශාල වශයෙන් අන්තරගත වනවා. එමනිසා එවැනි ආහාර වර්ග නිතර ආහාරයට දීම දරුවාගේ සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ලකරන අතර කුඩා කලදීම අධික තරබාරුව, දියවැඩියාව වැනි රෝග ඇතිවීමේ අවධානමක් මතුකරනු ලබනවා.

2. අසුරන ලද දිවා ආහාර - Packaged lunches



තුනී කරන ලද මස්වර්ග (Deli meat), ක්‍රැකර්ස්, චීස් , විවිධ අතුරුපස සහ ඇසුරුම් කරන ලද පලතුරු යුෂ පානයන් සහිත ඇසුරුම්කරන ලද දිවා ආහාර පහසුවෙන් දරුවාට රැගෙන දීමට අප කටයුතු කරත් ඒවායේ බොහෝ විට අන්තර්ගත සංතෘප්ත මේදය, අධික සීනි සහ ලුණු, හයිඩ්‍රජනීකෘත එළවළු තෙල් ආදිය පිළිබදව අප එතරම් අවධානයක් යොමුකරන්නේ නැහැ.. නමුත් එමගින් දීර්ඝකාලීනව දරුවාගේ සෞඛ්‍යය තත්ත්වය පහළ හෙලීමත් බොහෝ බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම ඉහළ නැංවීමටත් සහය වනවා.

3. මැක් ඇන්ඩ් චීස් - Mac ‘n’ Cheese



වැඩිහිටි ඔබත් ඇතුළු බොහෝ දරුවන්ගේ ප්‍රියතම ආහාරයක් වන Mac ‘n’ Cheese හි භයානක රසායනික ද්‍රව්‍යයක් (ප්)තැලේට් (phthalates) අන්තර්ගත අතර එමගින් දරුවන් තුල අවධානය අඩුවීමේ ගැටලු (ADHD), තරබාරුකම සහ දෙවන වර්ගයේ දියවැඩියාව, බුද්ධි මට්ටම අඩුවීම (low IQ) ආදි විවිධ ගැටලුකාරි තත්ත්ව ඇතිවීමට බලපාන බව පර්‍යේශණ මගින් තහවුරු වී තිබෙනවා.. මෙම රසායනය ආහාර නිශ්පාදකයා ඍජුවම ආහාරය කෙරෙහි එක් නොකළත් එම ආහාර අමුද්‍රව්‍ය නිශ්පාදන ක්‍රියාවලියේදි ඒවා එක්වීම සිදුවනවා.

4. ගැඹුරු තෙලේ බදින ලද ස්නැක්



ගැඹුරු තෙලේ බදින ලද චිකන් වින්ග්ස්, නගට්ස්, ෆ්‍රයිඩ් ෆිශ්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සෝස් සමග කෑමට දරුවන් දැඩිලෙස ප්‍රියකරනවා.. නමුත් මේවා සකස් කිරීමට විවිධ අමුද්‍රව්‍ය 20ක් පමණ යොදාගන්නා අතර අහිතකර රසකාරක, ලුණු මේදය ඒ අතර වනවා. විශේෂයෙන් පිරිපහදු කළ තිරිගු පිටි සහ ඒවා බැදීමට භාවිතා කරන හයිඩ්‍රජනීකෘත එළවළු තෙල් ආදියේ ට්‍රාන්ස් මේදය බහුල අතර ඒ සමග ලබාදෙන සෝස් වර්ග අධික සීනි සහ කෘතිම රසකාරක වලින් පිරී පවතිනවා.. මෙම ආහාර පරිභෝජනය කිරීම පහසු වුවත් එමගින් දරුවාගේ සෞඛ්‍යයට එල්ල වන දිගුකාලීන බලපෑම ඉතාමත් ඉහළ වනවා.

5. සකසන ලද මස් වර්ග - Processed Meat



සොසේජස් වර්ග සහ ඒවා ආශ්‍රිතව සකස් කරන හොට්ඩෝග් වර්ග කුඩා දරුවගේ ප්‍රියතම ආහාරයක්. නමුත් සොසේජස් වැනි සකස් කරන ලද ආහාර යනු කල් තබා ගන්නා ද්‍රව්‍ය, සෞඛ්‍ය සම්පන්න නොවන මේදය සහ ලුණු පිරීපවතිනා ආහාරයි. විශේෂයෙන් නයිට්රේට් පිළිකා කාරකයක් ලෙසට හඳුන්වන අතර හොට් ඩෝග්, සොසේජස්, පෙපෙරෝනි, හැම්, ඩෙලි මස් වැනි සකස් කරන ලද ආහාර වැඩි වශයෙන් පරිභෝජනය දරුවන් තුල හෘදයාබාධ, තරබාරුව හා දියවැඩියා තත්ත්ව ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා.

6. උදෑසන ධාන්‍ය - Breakfast Cereal



ධාන්‍ය සීරියල් සහ පේස්ට්‍රි පහසුවෙන් දරුවාට උදෑසන ආහාරයට ලබාදිය හැකි වුවත් විශේෂයෙන් ඒවායේ අඩංගු පිරිපහදුකල තිරිගු පිටි ආහාරයට ගත් පසු සීනි බවට පත්වන අතර ව්‍යායාම් මගින් ඒවා දහනය නොකළ හොත් සිරැර තුල තැන්පත් වනවා..

7. පැණි බීම වර්ග



කුඩා දරුවන් සීනි සහිත ආහාර දැඩිව ප්‍රියකරන අතර ඉනුත් පැණි බීම වර්ග ඔවුන්ගේ ප්‍රියතම ලැයිස්තුවේ ඉහළින්ම රැඳෙනවා.. පළතුරු යුෂ, සෝඩා අඩංගු බීම, රස කල කිරි වර්ග යනු කෘතිම සීනි බහුල පානයන් වන අතර දිනපතා දරුවන්ට ලබාදීම ඉතාමත් අහිතකරයි. එමෙන්ම 100% පළතුරු යුෂ පවා දරුවන්ට දිනපතා ලබාදීම සෞඛ්‍ය සම්පන්න නොවේ. පළතුරු වල සීනි මෙන්ම තන්තු හා පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගු වුවත් ඔබ ඒවා යුෂ බවට පත්කල විට එම තන්තු හා පෝෂ්‍ය පදාර්ථ ඉවත්වී සිනි පමණක් ශරීරයට ලැබීම සිදුවනවා.. එමනිසා දරුවන්ට පළතුරු යුෂ ලබාදීමට වඩා නැවුම් පළතුරු කැබලි ලෙස ආහාරයට දීම වඩාත් සුදුසු වනවා.

ඔබ ඉහත ආහාර දිනපතා දරුවාට ලබාදුන්නා නම් දැන් පුදුමයට පත්ව ඇති නේද.. ඒ වගේම කෙසේද දරුවාගෙන් මෙම ආහාර ඉවත් කරන්නේ කියන ගැටළුවත් ඔබට ඇති..

මෙම ආහාරපාන හදිසියේම ලබානොදී සිටීම දුෂ්කර කාර්‍ය‍යක්.. නමුත් ක්‍රමයෙන් ඔබට ඒ සඳහා උත්සාහ කල හැකියි.. සෞඛ්‍යයට අහිතකර ඉහත කෙටි ආහාර වෙනුවට සෞඛ්‍යයට හිතකර ධාන්‍ය වර්ග, පෝෂ්‍ය දායි ඇට වර්ග, පූර්ණ ධාන්‍ය වලින් සකසන ලද ආහාර, නැවුම් පළතුරු වැනි දෑ ආදේශ කිරීමට හැකි අතර ප්‍රධාන ආහාර වේල් සඳහා නිවසේ සකස ලද ආහාර ලබාදීමත් ඔබට කළ හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2078 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:31 AM
Script:/article/2078/7-foods-you-should-never-give-your-kids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:31 AM
Script:/article/2078/7-foods-you-should-never-give-your-kids.html