තුවාල කැළැල් මකා ගන්න විටමින් E වලින් සුපිරිම සත්කාර කිහිපයක්

December 29, 2017
15,971
Erase dark spots with vitamin E
තුවාල කැළැල් කාලයක් ගියත් ලේසියෙන් මකා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒත් ඉතින් මුහුණේ, අත් ,කකුල් වල ඇති වන තුවාල නිසා ඇති වන කැළැල් වලින් ඔයාගේ සුන්න්දරත්වයට බාධාවක් වෙනවා. ඒ නිසා හරිම පහසුවෙන් ඔයාට සපයා ගන්න පුළුවන් විටමින් E සහ තවත් අමු ද්‍රව්‍ය කිහිපයකින් කරන්න පුළුවන් ලේසි පහසු සත්කාර කිහිපයක් තමයි මේ.

1. විටමින් E සහ කෝමාරිකා

කෝමාරිකා කියන්නේ සමට ගොඩාක් හිතකර ඖෂධයක්. ඒ වගේම සුන්දරත්වය රැක ගන්න කෝමාරිකා වලින් ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්. සූරා ගත් කෝමාරිකා මද තේ හැඳි 2කට විටමින් E කරලක තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න. විනාඩි 20-30 කින් ඉවත් කරන්න. සතියට දෙවරක්, තුන් වරක් ආලේප කරන්න.

2. විටමින් E සහ පොල් තෙල්

පොල් තෙල් වල ඇති chain fatty acids කොලජන් නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් තුවාල කැළැල් මකා දමනවා. විටමින් E කරලක තෙල් සහ පොල් තෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කර තුවාල ලප, කැළැල් වල ආලේප කරන්න. මේ සත්කාරය රාත්‍රී නින්දට පෙර කර උදෑසන ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් තුවාල කැළැල් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.

3. කොකෝවා බටර් සහ විටමින් E

කොකෝවා බටර් සමට පෝෂණය ලබා දෙන අතරම පහසුවෙන් සම තුළට අවශෝෂණය වෙනවා. ඒ නිසා ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්. විටමින් E කරලක තෙල් හා කොකෝවා බටර් ස්වල්පයක් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න.

4. විටමින් E සහ ලෙමන් යුෂ

නැවුම් ලෙමන් යුෂ වල විටමින් C මෙන්ම ස්වභාවික ඇල්ෆා හයිඩ්රොක්සයිඩ අම්ල අඩංගු වෙනවා. කැළැල් ස්වාභාවික සුව කිරීමේ හැකියාව මේ සංඝටක වලට පවතිනවා. ලෙමන් යුෂ තේ හැඳි එකකට විටමින් ඊ තෙල් කරලක තෙල් එකතු කර කැළැල් වල ආලේප කරන්න. සතියට කිහිප වතාවක් කිරීමෙන් තුවාල නිසා ඇති වුනු ලප හා කැළැල් මකා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 596 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:17:38 AM
Script:/article/596/erase-dark-spots-with-vitamin-e.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:17:38 AM
Script:/article/596/erase-dark-spots-with-vitamin-e.html