ආදරය, සතුට ඕන කරන අය එකිනෙකාට හොරෙන් රහස් රකින්න එපා

April 13, 2018
5,544
Never keep secrets if you need a happy loving relationship
ගොඩාක් වෙලාවට අපේ ජිවිත ගෙවෙන්නේ හරිම ඒකාකාරී විදියට. රැකියාවේ වැඩ, ගෙදර දොරේ වැඩ වගේම තවත් නොයෙකුත් වැඩ නිසා අපි ගොඩාක් කාර්යබහුල වෙනවා වගේම අපි ඒ කාර්යබහුල ජීවිතේට කොටු වෙලා. අන්න ඒ නිසාම අපේ සම්බන්ධතවයන් ගැනත් හිතන්න තියෙන වෙලාව අඩු වෙලා. ඒත් ඒ තත්වය හැමදාමත් එහෙමම තිබුනොත් අපේ සම්බන්ධතාවයන් වල ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ගැටළු අවම කර ගෙන සැමියා එක්ක, පෙම්වතා එක්ක සතුටින් ඉන්න ඔයත් මේ දේවල් කරලා බලන්න.

දවසේ වැඩ රාජකාරි අතරේ ආදරණීයයන් අමතක කරන්න එපා. කලිනුත් කිව්වා වගේ නොයෙකුත් වැඩ රාජකාරි එක්ක අපි මුළු දවසම කාර්යබහුල වෙනවා. ඒත් අපි ආදරේ කරන අය වෙනුවෙනුත් පුංචි වෙලාවක් හරි වෙන් කරන්න අමතක කරන්න එපා. මොකද job එක කියන්නේ අපේ ජීවිතේම නෙවෙයි. අපි හැමදාම ජිවත් වෙන්නේ අපේ ආදරණීයයන් එක්ක . හැමදාම අපි ලඟින් ඉන්නේ එයාල විතරයි අන්න ඒ නිසා ඒ අය වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්නන අමතක කරන්න එපා, එහෙම කරද්දී ඔයා එයාට ආදරය කරන බව එයාට දැනේවි. බැඳීම් ආරක්ෂා කර ගන්නත් පවත්වාගෙන යන්නත් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.

ඔහුට හොරෙන් රහස් රකින්න යන්න එපා. පවුල් ජිවිතයක් ගෙනියද්දි අනිවාර්යෙන් එකිනෙකා එකිනෙකාට විවෘතවිය යුතුමයි. එකිනෙකාට හොරෙන් රකින රහස් එලි වුණු දවසට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා දුරදිග බලලා කරන හැම දෙයක්ම කරන්න

හොඳ සහායිකාවක් වෙන්න . සමහර විට ඔයාගේ එදිනෙදා වැඩ ටික කර ගන්න දවසේ පය 24 මදි වෙන්නත් පුළුවන්. ඒත් එහෙමයි කියල එයාගේ වැඩ කටයුතු ගැන නොසොයා ඉන්න ඔයාට බැහැ. ඔයාට පුළුවන් විදියට එයාගේ වැඩ වලට උදවු වෙන්න. වැඩ රාජකාරි නිසා මහන්සියට තෙහෙට්ටුවට පත් වෙලා ඉන්න එයට ඔයාගේ උදවු ගොඩක් ලොකු ශක්තියක් වෙයි.

ඔහු ඔබට මොනතරම් වටිනවද, විශේෂයිද කියන එකොහුට දැනෙන්න දෙන්න. පවුල් ජිවිතයක් හෝ ප්‍රේම සම්බන්ධතවයක් ගෙන යන දෙදෙනෙක් අතරේ ප්‍රශ්න ඇති වෙන්න ලොකු හේතුවක් තමයි ගණන් නොගැනීම, නොසලකා හරිම වගේ දේවල්. එකිනෙකා අතරේ ගැටළු ඇති වෙන්න, හිත් අමනාපකම් ඇති වෙන්න, සබන්ධතා බිඳ වැටෙන්න මේක හේතුවක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ ජිවිතේ එයට ලැබෙන්න ඕන තැන මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒ වගේම ඒ නිසි තැන ඔහුට ලබා දෙන්න, පිට අය ඉස්සරහ එයාට සලකන විදිය, එයාට කතා කරන විදිය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. හැම වෙලාවකම එයා ඔයාට විශේෂයි, වැදගත් කියන එක දැනෙන විදියට වැඩ කරන්න.

ආදරේ කරද්දී පුංචි පුංචි පුදුම කිරීම් අපි කොහොමත් කරනවා. එත් කාලයක් යද්දී ඔය වගේ පොඩි පොඩි දේවල් අපි අතින් මඟ හැරෙනවා. එත් ඔයාට වෙලාව ලැබුනහම ඒ වගේ දෙයක් එයා එනුවෙන් කරන්න පුලුවන්නම් ඔයාල අතරේ තිබුණු ආදරේ හැමදාමත් රැක ගන්න පුළුවන් වෙයි. ලොකු වියදමක් නොකර කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවනේ. එහෙම දෙයක් ඉඳල හිටලා හරි එයා වෙනුවෙන් කරන්න.

ප්‍රකාශ නොකරන ආදරෙන් වැඩක් නැහැ. අපේ ගොඩක් අය ආදරය කරනවට වඩා කරන්නේ ආදරේ හිතේ තියන් ඉන්න එකනේ. ඒත් එහෙම කරද්දී එයා කොහොමද දන්නේ ඔයා එයාට ආදරේ කරනවා කියල. ඒ නිසා ආදරේ හිතේ තියන් ඉන්නේ නැතුව ඒක පෙන්නන. පුළුවන් හැම වෙලාවකම එයා ළඟින් ඉන්න උත්සහ කරන්න. ඉඩක් ලැබුණු වෙලාවක call එකක් දෙන්න. එයා ගැන හොයල බලන්න. ආදරණිය message එකක් යවන්න. ඒකෙන් එයා ගොඩාක් සතුටු වෙයි.

මෙන්න මේ දේවල් එයාගේ හිතේ ඔයා ගැන තියෙන යහපත් හැඟීම් තවත් වැඩිවෙන්නත්, ආදරය වැඩි වෙන්නත් හේතුවක් වෙයි. ඒ වගේම එයත් මේ විදියට වෙනස් වෙන්න උත්සහ කරයි. විශේෂයෙන් මේ දේවල් විවාහ වුණු අයට වැදගත්. විවාහ ජීවිතයේත් පවුලේ සතුට රැක ගන්න මේ පුංචි පුංචි දේවල් ප්‍රයෝජනයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 770 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:48:07 AM
Script:/article/770/never-keep-secrets-if-you-need-a-happy-loving-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:48:07 AM
Script:/article/770/never-keep-secrets-if-you-need-a-happy-loving-relationship.html