ඔබගේ පෙනුමට බාධා ඇති කරන ඇස් වටා රැළි ඇති වෙන්නේ මේ හේතු නිසා කියලා නිකමටවත් හිතුණද?

November 9, 2017
6,290
Do you know the reasons to get wrinkles around your eye
දැනටමත් ඔයාගේ පෙනුමට වඩා වියපත් පෙනුමක් මුහුණට එකතු වෙලාද? එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ ඇස් වටා ඇති රැළි එයට ප්‍රධානම හේතුවක්. මුහුණේ ඇති වන වියලි ස්වභාවය, ඇස් යට කළු වීම, ඇස් ගිලී පැවතීම, ඇස් යට රැළි වැටීම වැනි තත්ත්වයන් නිසා වයසට වඩා වයස් ගත පෙනුමක් මුහුණට එකතු කරනවා. එයින් ඔයාගේ සැබෑ සුන්දරත්වය සැඟවී යනවා.

විශේෂයෙන් කාන්තාවන්ගේ ඇස් වලින් මුහුණට එකතු කරන්නේ ලොකු සුන්දරත්වයක්. තව කෙනෙක් මුහුණට මුහුණ ගැටෙද්දී මුලින් බලන්නේ එකිනෙකාගේ ඇස් දිහා. ඇස් වල සුන්දරත්වය රැක ගන්න ඕන කියන්නේ ඒ නිසා. ඒත් ඔයාගේ ඇස් වටාත් අර කලින් කිව්ව තත්ත්වයන් ඇති වෙලා නම් ඔයාගේ පෙනුමට ඒ දේවල් අනිවාර්යෙන් බාධාවක් වෙලා ඇති. එත් ඔයා නිකමටවත් හිතුවද ඇස් වටා රැළි ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා.

ඇත්තටම ඇස් වටා ඇති වන රැළි වලට හේතු මොනවද? 

මේ තත්ත්වය ඇති වෙන්න හේතු කිහිපයක්ම බලපානවා.

1. ජානමය සාධක

අපිට උපතත් එක්ක හිමි වෙන හැම දේම තීරණය වෙන්නේ ජානමය සාධක මත. සමේ ස්වභාවය, ඇස් වල පැහැය වගේම ඇස් වටා රැළි කියන මේ තත්ත්වය ඔයාට ජානමය හේතු මතඇති වූවක් වෙන්නත් පුළුවන්.

2. සමේ තෙතමනය අහිමි වීම

සමේ තෙතමනය අහිමි වුණා කියන්නේ සම වියලි වෙන්න ගන්නවා කියන එක. ඒ හේතුව නිසා ඇස් වටා විතරක් නෙවෙයි මුහුණම රැලි වැටෙන්න වියපත් බවක් එක් කරන්න හේතු වෙනවා. ඒ වගේම මේ නිසා මුළු සිරුරම විජලනයට ලක් වෙන්නත් පුළුවන්. දෛනිකව සිරුරට අවශ්‍ය කරන ජල අවශ්‍යතාව සපුරන්නේ නැති කම තමයි මේකට මුලිකම හේතුව.
 
3. අත්‍යාවශ්‍ය පෝෂණ අවශ්‍යතා නොලැබී යාම

සමේ පෝෂණයට විශේෂයෙන් අවශ්‍ය කරන විටමින් A , C , K  සහ E යන පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ නොකිරීම තවත් ප්‍රධාන හේතුවක් වෙනවා. 

4. අයහපත් පාරිසරික සාධක

අනිවාර්යෙන් පාරිසරික සාධක වලිනුත් මේ තත්ත්වයට බලපෑමක් තියෙනවා. අධික උෂ්ණත්වය, අධික සිතල වැනි හේතුන් නිසාත් ඇස් වටා රැලි ඇති වීම, සම වියලීම ඇති වෙන්න පුළුවන්.

5. අහිතකර හිරු කිරණ වලට නිරාවරණය

හිරු රැස් වල ඇති අහිතකර UV  කිරණ ඇස් වටා රැළි ඇති වෙන්න, ඇස් වල පෙනුමට බාධා ඇති කරන්නත්, සම වියලීමට ලක් වෙන්න, සම මත ලප ඇති කරන්නත් ඇතුළු අහිතකර තත්ත්වයන් රැසක් ඇති වෙන්න බලපානවා.
 
6. මානසික ආතතිය

මානසික ආතතියෙන් පෙළීම මේ ගැටලුව ඇති වෙන්න ඍජුවම බලපාන සාධකයක්. 
මේ හේතු තමයි ප්‍රධාන වශයෙන්ම මේ තත්ත්වය සඳහා බලපෑම් කරන්නේ. ඒ වගේම වයස කියන සාධකයත් අමතක කරන්න බැහැ. ඒක නම් ඉතින් සාමාන්‍ය කාරණාවක්. වයසට යන්න යන්න සුන්දරත්වය කියන දේත් ටික ටික අපෙන් ඈතට යනවා. වයස හැරුණම වෙනත් හේතුන් නිසා ඇති වන ඇස් වටා රැළි අවම කර ගන්න නිවසේදීම පහසුවෙන් කරන්න පුළුවන් සත්කාර කීපයක් ගැන ඊළඟ ලිපියෙන් ඔයාව දැනුවත් කරන්නම්.

7. දුම් පානය

මේක නම් අපේ බහුතරයක් කාන්තාවන්ට අදාලම නැති දෙයක්. දුම් පානය මඟින් මුහුණේ ඇති නැවුම් බව මුළුමනින්ම නැතිව යනවා. ඇස් වටා කළු වෙන්න, ඇස් ගිලීමට ලක් වෙන්න වගේම ඇස් වටා රැලි වැටෙන්නත් දුම් පානය හේතුවක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 504 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:58 AM
Script:/article/504/do-you-know-the-reasons-to-get-wrinkles-around-your-eye.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:59 AM
Script:/article/504/do-you-know-the-reasons-to-get-wrinkles-around-your-eye.html