පියයුරු පිළිකා වලින් ඔබ සුරකින වටිනාම ආහාර

January 1, 2018
4,852
Food that secure you from breast cancer
පියයුරු පිළිකා කියන්නේ අද වෙද්දී කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර ප්‍රධාන වන්නක්. ඒ වගේම දවසින් දවස ඉහල යන තත්ත්වයට පත් වූවක්. මේ විදිහට දවසින් දවස ඉහල යන මේ භයානක තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් තියෙන්නේ කාටද කියන එක ගැන මුලින් ඔයාව දැනුවත් කළා. නිවැරදි ආහාර රටාවක් හා යහපත් සෞඛ්‍ය පුරුදු එක්ක ඔයාට මේ අවදානමෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා.

මේ කියන්නේ පියයුරු පිළිකා වැළඳීමේ අවදානමෙන් ඔයාව ආරක්ෂා කරන හොඳම ආහාර වර්ග කිහිපයක් ගැන. ඔයත් ඔයාගේ නිරෝගී බවයාට මුල් තැන දෙන කාන්තාවක් නම් මේ දේවල් කිසිවිටක නොසලකා හරින්න එපා.

1. කහ

කහ, පියයුරු පිළිකා, පෙනහළු සහ සමේ පිළිකා වැනි විවිධ වර්ගවල පිළිකා සමඟ සටන් කරන ඖෂධයක්. ඒ වගේම පිළිකා සෛල ව්‍යාප්ත වීම මන්දගාමී කරන අතර පිළිකා සෛල වර්ධනය වීම අවම කරන්නත් සටන් කරනවා. ඔයාගේ එදිනෙදා ආහාර වේල් පිළියෙළ කර ගනිද්දී කහ එකතු කර ගන්න අමතක කරන්න එපා.

2. සැමන්

සැමන් කියන්නේ ඔමෙගා-3 මේද අම්ල අඩංගු මත්ස්‍ය වර්ගයක්. පිළිකා වර්ධනය අවම කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න ඔමේගා 3 අඩංගු ආහාර සහාය වෙනවා. ඒ වගේම සැමන් කියන්නේ ප්‍රෝටීන් හා විටමින් B12 සහ D අඩංගු ආහාරයක්. මේ සියළුම පෝෂ්‍ය පදාර්ථ පිළිකා සෛල වර්ධනය පාලනය කිරීම හා පිළිකා වළක්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙනවා. සැමන් හැරුණහම ඔමේගා 3 අඩංගු අනෙකුත් මත්ස්‍ය වර්ග විශේෂයෙන් කටු සහිත කුඩා මාළු අනිවාර්යෙන් අහාර වේලට එකතු කර ගන්න.

3. තක්කාලි

පියයුරු පිළිකා වලින් ආරක්ෂා වීමට තක්කාලි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වෙන බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන දෙයක්. තක්කාලි වල අඩංගු ලයිකෝපීන් කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. පිළිකා සෛල වර්ධනය නතර කිරීමෙන් පියයුරු පිළිකා ඇති වීම වැලැක්වීමට ප්‍රබලව මෙය උදවු වෙනවා. පියයුරු පිළිකා හැරුණම පෙනහළු හා අස්ථි පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා ඇති කරන සෛල අඩපණ කිරීම සඳහා ලයිකෝපීන් ප්‍රයෝජනවත් වෙනවා.

4. සුදුළූනු

පියයුරු පිළිකා වැළැක්වීම සඳහා සුදුළූණු වල අඩංගු සල්ෆර්, ෆ්ලේවර්න් සහ ෆ්ලේවනොල්ස් කියන පොෂ්‍යයන් උපකාරී වෙනවා. ඒ වගේම මුඛය, ආමාශය හා මහ බඩවැල ආශ්‍රිත පිළිකා සෛල දුර්වල කරනවා.

5. බ්‍රොකෝලි

බ්‍රොකෝලි වල පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇති සංඝටක අඩංගු වෙනවා. විශේෂයෙන් ඒ මඟින් පියයුරු පිළිකා සෛල වර්ධනය මර්දනය කරනවා. ඒ වගේම ගැබ්ගෙල සහ පුරස්ථි පිළිකා වැනි පිළිකා වලිනුත් ඔයාව ආරක්ෂා කරනවා. බාකෝලි වගේම ඔයාගේ එදිනෙදා ආහාර වේලට ගෝවා, කොළ ගෝවා, වට්ටක්කා වැනි ආහාර එකතු කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 599 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:28:41 AM
Script:/article/599/food-that-secure-you-from-breast-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:28:41 AM
Script:/article/599/food-that-secure-you-from-breast-cancer.html