ලෙඩ රෝග ගනනාවකටම සුවය දෙන මේ අහාරය මෙච්චරම හොඳ ඇයි?

May 25, 2018
14,171
Why this food is so good for many diseases?
සිරුරට ඉතා ඉක්මනින් ශක්තිය ලබා දෙන්න පුළුවන් පලතුරක් තමයි කෙසෙල් කියන්නේ. කෙසෙල් වල සුක්රෝස්, ෆෘක්ටෝස් හා ග්ලූකෝස් යන සීනි වර්ග තුනම අඩංගු වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් සිරුරට ශක්තිය ලබා දෙන්න පුලුවන්. ඒ වගේම එය කෙඳී වලින් සමන්විතයි. ඒ නිසාම කෙසෙල් කියන්නේ දිරවන්නත් හරිම පහසු පළතුරක්.

ගැස්ට්‍රයිටීස් කියන්නේ වැඩිහිටි අපට විතරක් නෙවෙයි ඉස්කෝලේ යන පොඩි දරුවෝ පවා බිලි අරගෙන ඉන්න රෝගී තත්ත්වයක්. වැඩිහිටියන්ටත් වඩා අද වෙද්දී මේ තත්ත්වය පාසල් යන වයසේ දරුවන් තුළ දකින්න පුළුවන්. ගැස්ට්‍රයිටීස් හැදුනම තියෙන අමාරුව දන්නේ ඒක හැදුණු කෙනෙක්ම විතරයි. ඒ වගේද තත්ත්වේ බරපතල වෙලා බඩවැල් වල තුවාලත් හැදුනම? බඩවැල් තුවාල වෙන තරමට ගැස්ට්‍රයිටීස් වැඩි වුන අයට වගේම තවත් ලෙඩ රෝග රාශියකට සුවය දෙන්න පුළුවන් ආහාරයක් තමයි කෙසෙල් කියන්නේ.

ගැස්ට්‍රයිටීස් නිසා ආහාර මාර්ගයේ ඇති තුවාල වලට හොදම පිළිතුරක් තමයි කෙසෙල්. ඒ වගේම ආහාර මාර්ගයේ ඇති වන විවිධාකාර ආසාදනයන්ට සුවය දෙනවා. කෙසෙල් කියන්නේ හරිම මෘදු ආහාරයක්. ඒ නිසා ආහාර මාර්ගයේ ඇති වී තිබෙන තුවාල හා ආසාදනයන් ඉතා ඉක්මනින් අවම කරන්න පුළුවන්. ඒ වගේම කිසිම වේදනාවක් ඇති කරන්නෙත් නැහැ. ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන තුවාල සුව කරන අතරම ආමාශයේ ආම්ලික තත්ත්වයන් අවම කරන්නත් කෙසෙල් වලට පුළුවන්.

ඒ වගේම ගර්භනී ව්වරුන්ටත් කෙසෙල් ඉතාමත් සුදුසුයි. ගර්භනී සමයේදී ශරීර උෂ්ණත්වය ඉහල යන එක සාමන්‍ය තත්ත්වයක්. ඉතින් මේ කාලේදී මවගේ සිරුරේ උෂ්ණත්වය පහත දැම්මේ ශක්තිය කෙසෙල් වලට තියෙනවා. ඒ වගේම දරුවාගේ ශරීරය ඉසිල වෙන්නත් කෙසෙල් ආහාරයට ගන්න එක ඉතාමත් හොඳයි. ඒ වගේම දරු උපතක් අපේක්ෂාවෙන් සිටින මවකගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වන්නත් කෙසෙල් වලට පුළුවන්.

හිමොග්ලොබින් අඩු වීම නිසා ඇති වන නිරක්තියට සුවය දෙන්න කෙසෙල් වලට පුළුවන්. කෙසෙල් වල යකඩ හා පොටෑසියම් අඩංගු නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නංවා ගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් වල තියෙන පොටෑසියම් නිසා එය රුධිර පීඩනයත් අවම කරනවා. ඒ වගේම ඇති විය හැකි ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමටත් හැකියාව තිබෙනවා.

මේ දේවල් වලට අමතරව මානසික ආතතිය අඩු කරන්නත්, ස්නායු අබාධ වලටත්, මලබද්ධය වැනි තත්ත්වයන් සඳහාත් කෙසෙල් කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ දෙයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 833 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:52 AM
Script:/article/833/why-this-food-is-so-good-for-many-diseases.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:53 AM
Script:/article/833/why-this-food-is-so-good-for-many-diseases.html