අත් යට කළු වෙලාද? ඉවත් කරගන්න සරලම ප්‍රතිකාර ටික මෙන්න

June 7, 2018
14,787
Remedies to remove under-arm darkness
දහඩිය හා කුණු දුහුවිලි වගේම වැරදි විදිහට deodrant භාවිතා කිරීම නිසාත් අත් යට කළු වීම ඇති වෙන එක ගොඩක් දෙනෙක්ට ඇතිව තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම මේක සුන්දරත්වයටත් බාධාවක්. විශේෂයෙන් අත් රහිත ඇඳුමක් වුණත් අඳින්න දෙපාරක් හිතන්න වෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වුණු කෙනෙක්ට තවත් දුක් නොවී කරන්න පුළුවන් සාර්ථකම සත්කාර කිහිපයක් තමයි මේ කියන්නේ.

1. කිරි තේ හැදි 4 කට ලෙමන් යුෂ එක් තේ හැන්දක් එක් කරන්න, විටමින් E සහ glycerin ද එයට එක් කොට අතෙහි අඳුරු ප්‍රදේශ මත ආලේප කරන්න. විනාඩි 15 ක් පමණ තියෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

2. කහ, මී පැණි සහ කිරි වලින් මේ ප්‍රශ්නෙට ඔයාට විසඳුමක් හොයා ගන්න පුළුවන්. කහ කියන්නේ හොද විශබීජ නාශකයක්. මී පැණි වල සමේ තෙතමනය ආරක්ෂා කරන ගුණාංග අඩංගු වන අතර කිරි ස්වභාවික විරංජකයක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේම කිරි කියන්නේ සමට ඉතා ඉහල පෝෂණය ලබා දෙන්නක්. මේ අමුද්‍රව්‍ය 3 සම සමව ගෙන හොඳින් මිශ්‍ර කරලා ආලේපයක් විදියට සකස් කර ගෙන එය අත් යට හොඳින් ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.

3. වේලා ගත් දොඩම් ලෙලි කුඩු කර එයට දෙහි යුෂ, අත් කහ, යෝගටි, මි පැණි බිංදු කීපයක් යොදා පැක් එකක් සාදාගන්න. අත් යට හොඳින් පිරිසිදු කර පැක් එක ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පිරිසිදු වතුරින් සෝදා හරින්න.

4. ලෙමන් සහ මී පැණිත් ඔයාට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ලෙමන් ස්වභාවික විරංජකයක් ලෙස ක්‍රියා කරනවා. ලෙමන් යුෂ ස්වල්පයක් මී පැණි සමග මිශ්‍ර කර අත් යට ආලේප කරන්න. මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

5. ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් සමඟ විටමින් E මිශ්‍ර කර ආලේප කිරීමෙනුත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

6.කඩල පිටි සහ බේකින් සෝඩා සම ප්‍රමාණයන්ගෙන් මිශ්‍ර කර ලෙමන් හෝ මී පැණි එක් කර අලේපනයක් ලෙස ගෙන ආලේප කරන්න

ඒ වගේම සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට වැඩි පුර වතුර බොන්න, තවත් දෙයක් හිරු එළියෙන් සම ආරක්ෂා කර ගන්නත් අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 860 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 8:12:07 PM
Script:/article/860/remedies-to-remove-under-arm-darkness.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 8:12:07 PM
Script:/article/860/remedies-to-remove-under-arm-darkness.html