කොච්චර දේවල් කරත් හිසකෙස් ඝන නැද්ද? එහෙනම් හොඳම ප්‍රතිකාර ඔයාට තවමත් මඟහැරිලා

February 3, 2018
10,224
Things to do to own a thick hair
ඝනව වැඩුණු කෙස් කළඹක් කියන්නේ ගෑණු ළමයින්න්ගේ හීනයක්. මුහුණේ සුන්දරත්වය වර්ධනය කර ගන්න වගේම හිස කෙස් සම්බන්ධ ගැටළු වලටත් ගොඩක් දෙනෙක් විසඳුම් හොයන්න මහන්සි වෙන්නේ එකනේ. මොකද මුහුණ කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ ලස්සන කෙස් කළඹක් නැත්තන්. හිස කෙස් සම්බන්ධ ගැටළු අතර ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හිස කෙස් තුනී වීම කියන්නේ. ඒ ප්‍රශ්නෙට විසන්දුඅක් ලැබුනේ නැති අයට හිස කෙස් ඝනව වර්ධනය කර ගන්න තියෙන හොඳම සත්කාර කිහිපයක් ගැන තමයි මේ.

විනාකිරි

හිසකෙස් සිහින් වීම සඳහා තියෙන සාර්ථක විසඳුමක් ලෙස විනාකිරි හඳුන්වන්න පුළුවන්. පිරිසිදු විනාකිරි මේස හැන්දක් වතුර බේසමකට එකතු කර ඒ වතුරින් හිස කෙස් සෝදා විනාඩි කිහිපයක් ඉන්න. හිස් කබල හොඳින් සම්භාහනය කර ෂැම්පු යොදා සෝදා හරින්න.

ඇපල් විනාකිරි

ඇපල් විනාකිරි කියන්නෙත් හිස් කෙස් සම්බන්ධ ගැටළු වලට තියෙන තවත් හොඳ විසඳුමක්. වැඩේ කරන්න ඕන, කලින් කිව්ව් විදියටම තමයි. ඇපල් විනාකිරි යෙදූ වතුරින් හොඳින් හිස් කබල සම්භාහනය කරන්න. ඒ මඟින් රුධිර සංසරණය උත්තේජනය කරනවා. හිසකෙස් වර්ධනය හා හිසකෙස් තුනී වීම වැලැක්වීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂණය එයින් ලබා දෙනවා

කිසි විටෙකවත් විනාකිරි පමණක් හිස කෙස් මත ආලේප නොකරන්නත් මතක තබා ගන්න.

කෝමාරිකා

ඉක්මනින් හිස කෙස් වර්ධනය කර ගන්න තියෙන සාර්ථකම විසඳුමක් තමයි කෝමාරිකා කියන්නේ කියලා අත්දැකීමෙන් කියන්න පුළුවන්. වැඩි වැඩ කරන්න අවශ්‍ය නැහැ. කෝමාරිකා කොළ කිහිපයක් ගෙන මදය සුරා හිස කෙස් කබලේ ආලේප කර සම්භාහනය කරන්න විනාඩි 30කින් විතර සෝදා ඉවත් කරන්න. හිස කෙස් ඝනව වර්ධනය කර ගන්නත් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කර ගන්නත් කදිම විසඳුමක්.

එඬරු තෙල්

එඬරු තෙල් මගින් ඔලිව් තෙල් වලට සමානය පෝෂණයක් හිස කෙස් වලට ලබා දෙනවා. එඬරු තෙල් ස්වල්පයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් එක්කර මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. හිස කෙස් වල තුනී බව නැති කර ගන්න නම් එඬරු තෙල් අමතක කරන්නම එපා.

බිත්තර කහ මදය

බිත්තර වල අඩංගු වෙන්නේ ප්‍රෝටීන්. මේ ප්‍රෝටීන් අපේ හිස කෙස් වල නිරෝගීභාවයට ගොඩක් උදවු වෙනවා. විශේෂයෙන් හිස කෙස් වර්ධනයට. බිත්තර කහ මදය හිස කෙස් සහ හිස් කබලේ අලේප කර විනාඩි 20-25කින් සෝදා ඉවත් කරන්න. ෂැම්පු කරන්නත් අමතක කරන්න එපා.

දොඩම් හෝ ලෙමන් යුෂ

හිසකෙස් ස්වභාවිකව හා ඝනව වර්ධනය කර ගන්න මේ අමු ද්‍රව්‍ය දෙකම උපයෝගී වෙනවා. ඔයාට පහසු විදියට ලෙමන් හෝ දොඩම් යුෂ සපයා ගන්න. හිසකෙස් මත ආලේප කර ටික වෙලාවකින් සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 647 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:51 AM
Script:/article/647/things-to-do-to-own-a-thick-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:51 AM
Script:/article/647/things-to-do-to-own-a-thick-hair.html