මහත් වීගෙනද එන්නේ. පාලනය කර ගන්න මේ නොවරදින පිළියම්

March 14, 2018
24,428
Becoming fat? Here are some solutions
සිහින් සිරුරක් කියන්නේ අපේ අයට හීනයක් වගේ. කවුරු වුනත් කැමතියිනේ හැඩට ඉන්න. ඒ නිසා ටිකක් විතර මහත් වී ගෙන එද්දී ටිකක් කලබල වෙනවා. බය වෙන්න එපා. මහත අඩු කර ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඔයත් ඒ දේවල් try කරලා බලන්න ඇති. ඒත් ඒ දේවල් නිවැරදිද කියන එකත් අනිවාර්යෙන් හිතන්න ඕන. පසුකාලීනව අහිතකර තත්ත්වයන් ඇති වීමට හේතු වෙන දේවල් භාවිතා කරන එක නවත්තලා මේ දේවල් කරලා බලන්න.

1. මුලින්ම කරන්න ඕන කටට පාලනයක් ඇති කර ගන්න එක. දකින දකින දේවල් කන එක, හිතෙන හිතෙන වෙලාවල් වලට කන එක අවම කරන්න. කට පරිස්සම් කර ගන්න එක තමයි පළවෙනිම කාරණාව.

2. ව්‍යායාම අනිවාර්යයි. මොකද සීමාවක් නැතිව කන දේවල් දහනය කරන්නත් විදියක් තියෙන්නම එපැයි. ඒ නිසා කම්මැලි නැතිව ඇඟ ටිකක් වෙහෙසන්න.

3. සිසිල් ජලය, ශීත කල ආහාර, සිසිල් බීම වර්ග වලින් හැකි තරම් ඈත් වෙන්න. ඒ වගේම ක්ෂණික ආහාර, සකස් කල ආහාර අනුභවය අවම කරන්න.

4. ප්‍රධාන ආහාර වෙල් වලට අමතරව නිතරම වරින් වර ගනු ලබන කෙටි ආහාර ප්‍රමාණය අවම කරන්න.

5. දිනපතා උදැසන හිස් බඩට උණු වතුර වීදුරුවක් පානය කරන්න. ඒ වගේම හැම ප්‍රධාන ආහාර වේලකින් පසුවත් උණු වතුර ස්වල්පයක් පානය කිරීමෙන් කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන්ගෙනුත් ආරක්ෂා වෙන්න පුළුවන්.

6. අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් පසුව අනිවාර්යෙන් උණු වතුර පානයට හුරු වෙන්න.

7. මී පැණි තේ හැඳි දෙකක් උණු වතුරට මිශ්‍ර කර උදෑසන හිස් බඩට පානය කරන්න.

8. ගොරකා සහ සුදු ළූණු සමව ගෙන තැම්බූ වතුර ආහාර වේලට පැය භාගයකට පමණ පෙර පානය කරන්න.

9. එහෙම නැත්තන් කෑම කන්න කලින් වතුර කෝප්පයක් පමණ පානය කිරීමෙන් ඔයාට අනවශ්‍ය විදියට කෑම කන එක පාලනය කර ගන්න පුලුවන්.

10. පැණි රස, ඇඹුල් රස හා ලුණු බහුල ආහාර හැකි තරම් සිමා කරන්න. ඔයාව මහත් කරන්න වගේම බෝ නොවන රෝග රැසකට මේ දේවල් ප්‍රධානම හේතුවක් වෙනවා.

11. තිරිඟු පිටි සහිත අහාර හැකි තරම් පාලනය කරන්න. නිතරම කෙටි ආහාර ගැනීමට හුරු වෙන්න එපා.

12. දහවලට නිදා ගැනීම නවත්තන්න. විශේෂයෙන් දවල්ට කෑවට පස්සේ නිදා ගන්න එක නම් හොඳම නැහැ. දවසෙන් දෙකෙන් මහත, බර දෙකම වැඩි වෙන්න එය හේතුවක්.

මේ දේවල් try කරලා බලන්නකෝ තව දුරටත් ඔයා මහත් වෙයිද කියලා. හැබැයි ඉතින් කම්මැලි වුනොත් නම් මේ දේවල් කර ගන්න බැරි වෙනවා. සිහින් සිරුරක් හැමදාටම හීනයක් විතරක් වෙනවට ඔයා කැමති නැහැනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 697 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:52:53 AM
Script:/article/697/becoming-fat-here-are-some-solutions.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:52:54 AM
Script:/article/697/becoming-fat-here-are-some-solutions.html