ඔබේ ජීවිතයට තල්ලුවක් දෙන සක්මන් භාවනාවට ආරභයක් දෙමු

October 9, 2020
5,464
Lets give a start to walking meditation
සිහිකල්පනාව වැඩිදියුණු කරන්න, මනස සන්සුන් කරන්න සක්මන් භාවනාව ලොව පුරා බොහෝ දෙනා දැන් දැන් පුහුණු කරනවා. සක්මන් භාවනාව කියන්නේ ඒ තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. සක්මන් භාවනාව කියන්නේ ඇවිදීමේදී කරන භාවනාවක්. ඒක ඉතාම සරලයි. නමුත් ඇත්ත වශයෙන්ම, ඊට වැඩි යමක් එහි අන්තර්ගතව තියෙනවා. ඔබේ ජීවිතය වෙනස් කරන තොරතුරු දැන ගැනීමට මේ ලිපිය කියවලා බලන්නකෝ...

සක්මන් භාවනාව කියන්නේ කුමක්ද?
ඇවිදීමේ පුරුද්ද කියන්නේ ස්වාභාවිකවම භාවනානුයෝගී දෙයක්. ඒ නිසා ඔයා ඇවිදිනකොට ඒකට භාවනාව ද එකතු කරගෙන බලන්න. 

සක්මන් භාවනාවේදී ඔයාගේ අවධානය යොමු වෙන්නේ ඇවිදීමේ අත්දැකීම මතටයි. ඔයාගේ වම් සහ දකුණු පාද මාරුවෙන් මාරුවට පියවර තබන ආකාරය නිරීක්ෂණය කරමින් ගැඹුරින් ඒක මෙනෙහි කරන්න.

සක්මන් භාවනාව කියන්නේ ඔයා ඇවිදිනකොට, ඔබේ පාද තැබීම සහ වට පිටාව ගැන මනා සිහියෙන් ඇවිදීමත්, ඔයාගේ ඇවිදීමේ ස්වාභාවික චලනය ගැන සිහියෙන් සිටීමටත් උගන්වන කලාවක්. දැන් ඇවිදීමේ භාවනාව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දැන ගැනීමට ඔයා කුතුහලයෙන් සිටින බව අපි දන්නවා.

1. හොඳ ස්ථානයක් සොයා ගන්න
මෙයට ගැළපෙන ස්ථානයක් අත්‍යවශ්‍යයි. ඔයාගේ භාවනාවට බාධාවක් වෙන්න පුලුවන් අංග නොමැති මංතීරුවක් හෝ මාර්ගයක් තෝරා ගන්න. 
පියවර 10 සිට 20 දක්වා ඔයාට ඉදිරියට යන්න සහ ආපසු පැමිණෙන්න හැකි ස්ථානයක් වඩාත් සුදුසුයි. භාවනා පුහුනුව ආරභයේ නිස්කලන්ස ස්ථානයක් තෝරා ගැනීම වැදගත්.

2. සෑම පියවරක් ගැනම සැලකිලිමත් වන්න
ඔයා ගන්නා සෑම පියවරක්ම නිරීක්ෂණය කරමින් සෙමින් ඇවිදීමේ රටාවක් අනුගමනය කිරීම වැදගත්. ඔයා ඇවිදින විට තනිවම යන්න. ඔයාගේ පාදය එසවීම, ඉදිරියට ගැනීම, බිම තැබීම සහ පාදය බිම ස්පර්ශය වීම වැනි සරල චලනයන් වලට සිහිය යොමු කරන එක මෙහිදී වැදගත්. ඒ ආකාරයෙන්ම ශරීරයේ බර අනෙක් කකුලට මාරු වන ආකාරයද සිහියෙන් දකින්න. එම ක්‍රියා පටිපාටියම දිගටම කරන්න.

3. සුදුසු වේගයක් පවත්වා ගන්න
ඔයාට ළඟා වීමට ගමනාන්තයක් නොමැති ලෙස ඇවිදින්න. සන්සුන් වෙලා ඇවිදින්න. ස්වාභාවිකයි කියලා හැඟෙන වේගයක් පවත්වා ගන්න. ඒ වේගය මන්දගාමීව හා ස්ථාවරව තබා ගන්න. මේක ඔයාගේ චලනයන් සංකීර්ණ ලෙස නිරීක්ෂණය කිරීමට වඩා හොඳ විෂය පථයක්. ඒ නිසා එම ක්‍රියාවලියේදී ඔයාගේ ශරීරය පිළිබඳව වඩා හොඳ දැනුවත් භාවයක් ගොඩනඟා ගන්න.
* ඔයාගේ වේගය මන්දගාමීව තබා ගෙන වඩා හොඳ අත්දැකීමක් සඳහා කුඩා පියවර තියන්න කියලා අපි ඔබට යෝජනා කරනවා.

4. ඔයාගේ අත් ස්ථානගත කරන්න
සක්මන් භාවනාවේදී ඔබ කලපා කරනවා ඇති, අපි අපේ අත් කෙසේ තබා ගතයුතු ද කියා. ඇත්තෙන්ම එයට මේකයි කියා ක්‍රමයක් නෑ. ඔබට පහසු ලෙස, අත් දෙක පසුපසට හෝ ඉදිරිපසට හෝ දෙපැත්තට තබා ගන්න පුලුවන්.

5. ඔයාගේ අවධානය සමතුලිත කරන්න
ඔයා ඇවිදිනකොට ඔයාගේ ශරීරය තුළ ඔයාට දැනෙන සංවේදනයන් හෝ ඇවිදීමේදී ඔයා දකින විශේෂ දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. ඔයා එක් එක් පියවර ගන්නා අතරතුර ඔයාගේ ශරීරය සහ චලනය වන ආකාරය නිරීක්ෂණය කරන්න. හුස්ම ඉහළට සහ පහළට යන ආකාරය සිහියට ගන්න. නැත්නම් ගසක කොළ සුළඟට වැනෙන ආකාරය ගැන සැලකිල්ලට ගන්න.

ඔයා ඇවිදීමට අවධානය යොමු කිරීමට උත්සාහ කරනකොට මනස වරින් වර නොසන්සුන් වෙන්න පුලුවන්. මේ සඳහා ඇති එකම විසඳුම වෙන්නේ නැවත සක්මන ගැන අවධානය යොමු කරමින් ඉදිරියට යාමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1864 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:25 AM
Script:/article/1864/lets-give-a-start-to-walking-meditation.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:26 AM
Script:/article/1864/lets-give-a-start-to-walking-meditation.html