ගර්භනී මවකට මේ තරම් පෝෂණය ලබා දෙන තවත් පළතුරක් නැති තරම්

April 22, 2018
6,665
No fruit like this for a pregnant mother
ගර්භනී සමය කියන්නේ ආහාර පාන ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාල සීමාවක්. ගර්භනී මවක් අනිවාර්යෙන් ආහාරයට එක් කර ගත යුතු වගේම ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු ආහාරත් මේ අතර තියෙනවා. මොකද මව ලබා ගන්න ආහාර කුස තුල වැඩෙන ඔබේ දරුවාට අනිවාර්යෙන් යහපත් හෝ අයහපත් විදියට බලපෑම් කරනවා. ඒ නිසා ඔබට හිතෙන හිතෙන විදියට ආහාර ගැනීම කිසිසේත්ම කරන්න බැහැ.

ගර්භනී සමයේදී ඔබ ලබා ගත යුතු සෞඛ්‍ය සම්පන්න ආහාර හා පෝෂ්‍යදායීම ආහාර අතරින් පළමු තැන තියෙන පළතුරක් තමයි දූරියන් කියන්නේ. ගර්භනී මව්වරුන්ට වගේම කාන්තා පිරිමි කියලා කිසිම භේදයක් නැතිව දුරියන් ඉතා ගුණදායක පළතුරක්. විශේෂයෙන් කාන්තා රෝග රැසකට ගුණ දීමේ හැකියාව දූරියන් වලට තියෙනවා. මෙහි විටමින් වර්ග බහුලයි. ක්ෂුද්‍ර පෝෂක ලෙස සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් අඩංගුයි. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් හා ප්‍රධාන පෝෂක ද බහුලව අන්තර්ගතයි.

දූරියන් වල සීනි සහ කාර්බෝහයිඩ්රේට් ප්‍රමාණවත් තරම් අඩංගුයි. දූරියන් මධ්‍යම පරිමාණයේ මදුළු දෙකක කැලරි 60 ක් පමණ අඩංගු වෙනවා. එය ශක්තියෙන් මෙන්ම ඛනිජ සහ විටමින් වලින්ද ඉහළ නිසා ගර්භනී සමයේ අවශ්‍ය ශක්තිය ලබා ගන්න හොඳ මුලාශ්‍රයක්. විශ්ෂයෙන් දූරියන් වල අඩංගු සුක්රෝස් වැනි සරල සීනි ඔබට ශක්තිය සපයනවා.

ඒ වගේම මෙහි අහිතකර කොලෙස්ටරෝල් හෝ සන්තෘප්ත මේද අඩංගු නොවන නිසා ගර්භනී මවකට ආරක්‍ෂිත ආහාරයක් වෙනවා. දූරියන් සිරුරට අවශ්‍ය තන්තු ලබා ගැනීමට හැකි හොඳ මුලාශ්‍රයක්. එය ගර්භනී සමයේ පොදු රෝගී තත්ත්වයක් වන මල බද්ධය ඇතිවීම වළක්වනවා. ගර්භනී සමයේ මවගේ සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහළ යනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. දුරියන් වලට සිරුර සිසිල් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම පිපාසය දුරලනවා.

මේ මොන පෝෂණය මෙහි අන්තර්ගත වී තිබුනත් ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම් දුරියන් ආහාරයට ගැනීමෙන් වැලකීම නුවණට හුරුයි. මොකද දූරියන් වල සීනි බහුලව අඩංගු වෙනවා. එය ඔබේ රෝගී තත්ත්වයට අහිතකර ලෙස බලපෑම් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන අයෙක් මොන ආහාරය ගත්තත් එය වෛද්‍ය උපදෙස් මත ගන්න. ඒක ඔබෙත් දරුවාගේත් ආරක්ෂාවට හොඳයි. ඔබ කුස තුළ දරු ගැබක් වර්ධනය වන බව ඔබ කිසි විටක අමතක නොකළ යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 786 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:33:07 PM
Script:/article/786/no-fruit-like-this-for-a-pregnant-mother.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:33:08 PM
Script:/article/786/no-fruit-like-this-for-a-pregnant-mother.html