කහ මල් පොකුරක් ලැබෙන විට හෝ දෙන විට ඒවායේ අදහස දැනගෙන සිටින එක වැදගත්

August 21, 2020
8,310
Yellow flowers and their meanings
මල් කියන්නේ අපේ සිත සනසමින් සතුටු කරන දෙයක්. ඒ නිසා තරුණ පරම්පරාව වඩියෙන් මල් වලට කැමති‍යි. ඒ වගේම අපි විශේෂ අවස්ථාවන්හිදී මල් කලඹක් තෑගි විදිහට දෙන්නත් පුරුදු වෙලා ඉන්නවා. කෙනෙක් අසනීපයකින් ඉද්දී හෝ මානසික අවපීඩනයෙන් පෙළෙද්දී වුණත් ඔවුන්ව සතුටු කරන්න මල් කලඹකට පුළුවන්. සෑම මලකටම පාහේ අර්ථවත් වැදගත්කමක් හෝ සංකේතයක් තියෙනවා. 

ඒ අනුව කහ පාට මල් වලින් සතුටින් උතුරා යන හැඟීමක් ලැබෙන නිසා ඒවා මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධයි. මෙම මෘදු වර්ණයේ මල් වලින් උණුසුම හා අනුකම්පාව පෙන්වන අතර මිත්‍රත්වයේ බැඳීම් අලුත් කරයි.

කහ කියන්නේ ප්‍රීතිමත් වර්ණයක් වන අතර ගොඩක් අයට කහ පැහැති මල් කළඹක් දැක්කාම මුහුණට සිනහවක් ඇති වෙන්නේ නිරායාසයෙන්මයි.  කහ වර්ණය ප්‍රීතිය හා හදවතේ හැඟීම් ජනිත කරන නිසා ඔයා කෙනෙක් සතුටු කිරීමට බලන් ඉන්නවා නම් කහ පාට මල් කියන්නේ ඒකට තෝරා ගන්න සුදුසුම තේරීමක්. ඒවා‍යි ප්‍රීතිය, නව ආරම්භය, සතුට සහ බුද්ධිමය ශක්තිය ද නියෝජනය කරනවා. 

1. සූරියකාන්ත



සූරියකාන්ත මල අපි හැමෝගේම ජනප්‍රිය තේරීමක්. නමට අනුව සූරියකාන්තය කියන්නේ සූර්යාලෝකය මගින් මිනිසුන්ට සතුටක් ගෙන එන මල් කියන එකයි. සූරියකාන්ත පරිසරයට සජීවී බවක් එක් කරන අතර ගිම්හාන මංගල උත්සවයකට හෝ ඔයාගේ විසිත්ත කාමරයට වඩාත් සුදුසුයි.

2. කහ රෝස මල්



රෝස කියන්නේ ලෝකයේ වඩාත් ජනප්‍රිය මල් වර්ගයක්. ඒවා විවිධ හැඩයන්ගෙන්, ප්‍රමාණයන්ගෙන් සහ වර්ණවලින් යුක්තයි. බොහෝ විට රෝස මල් ආශාව, ආදරය හා ප්‍රේමය ප්‍රකාශ කරන අතර කහ රෝස මල් වලින් වසන්ත කාලය, මිත්‍රත්වය, අගය කිරීම සහ භක්තිය වගේ දේවල් සංකේතවත් කරනවා. උපාධි ප්‍රදානෝත්සවයකට, සුබ පැතුමකට, ගර්භණී මවකට සහ වෙනත් ප්‍රීතිමත් අවස්ථාවන් සඳහා කහ රෝස මල් යෝග්‍යයි.

3. කහ ටියුලිප්



ටියුලිප් කියන්නේ ලොකයේ තියන ලස්සනම මල් වලින් එකක්. ඒ නිසාම ඒවායින් අවට ඇති සෑම දෙයක්ම අලංකාරය ඇති කරනවා. ටියුලිප් කියන්නේ ඉරානයේ සහ තුර්කියේ ජාතික මලයි. කහ පැහැති ටියුලිප් මල් වලින් පරිපූර්ණ ආදරය හා සෙනෙහස පිළිබඳ හැඟීමක් සංකේතවත් කරනවා.  

4. කැලා ලිලී



කැල්ලා ලිලී මල් ලිලී පවුලට කිසිදු ආකාරයක සම්බන්ධයක් නැහැ. ඔවුන් Araceae පවුලේ සාමාජිකයින් වන අතර එයට ඇන්තූරියම් සහ කැලේඩියම් වගේ මල් ඇතුළත් වෙනවා. මෙම අපූරු මල කඳේ ඉඳන් මුදුනටම පිපෙන අතර හොරණෑ හැඩයේ රෝල් කරන ලද කඩදාසි වලට ගොඩක් සමානයි. කහ ලිලී මල් සමූහයක් එකතු කර ගත්තාම ඔබේ නිවස අලංකාර කර ගන්න පුලුවන්.

5. කහ ඕකිඩ්



ඕකිඩ් කියන්නේ සුදු, කහ, නිල්, දම් සහ රතු යනාදී විවිධ ප්‍රමාණවලින් සහ වර්ණවලින් එන අලංකාර මල් වර්ගයක්. කහ ඕකිඩ් සාරවත් බව සහ විශිෂ්ටත්වය නියෝජනය කරනවා. මෙම දීප්තිමත් වර්ණ මල් බොහෝ විට මංගල දින වලදී භාවිතා කරනවා. මොකද මල් කළඹවල් වලට කහ ඕකිඩ් වලින් අලංකාර පෙනුමක් එක් කරනවා. කහ ඕකිඩ් වර්ග දෙකක් තියෙනවා. එනම් terrestrial සහ epiphytes නමින්. ඇසට සියුම් සුන්දරත්වයක් ලබා දීමට කහ ඕකිඩ් මලට පුලුවන්.

6. කහ කානේෂන්



කහ කානේෂන් කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයට එළිය එක් කරන්න පුලුවන් දීප්තිමත් හා ලස්සන මලකටයි. ඒවායේ අලංකාර සුවඳ සමග මල ශක්තිමත් නමුත් ඍණාත්මක අර්ථයක් ද රැගෙන එනවා. කහ පැහැති කානේෂන් මලෙන් ප්‍රතික්ෂේප කිරීම හා බලාපොරොත්තු සුන්වීම ගැන අර්ථ ගන්වනවා කියලා මතයක් තියනවා. ඉතින් ඊළඟ වතාවේ මේ ලස්සන මල ඕනෑම කෙනෙකුට දෙන්න කලින් ඔබ දෙවරක් සිතන්න.

7. දාස්පෙතියා



ගෙවත්ත ලස්සන කරන්න, ගෙවත්තට පිරිපුන් පෙනුමක් දෙන්න දාස්පෙතියා වලට පුළුවන්. මේ මලෙන් ශක්තිවන්ත බව, නිර්භීතකම අරුත් ගැන්වෙන බව මිනිසුන් විශ්වාස කරනවා. කෙනෙකුට දාස්පෙතියා මල් තෑගි කරන්න බැරි උනත් ඔයාගේ සිතට සතුටක් නම් මේ මල් වලට ගෙනෙන්න පුලුවන්.

8. කහ ඩේලියා



ඩේලියා මල හැඩ කීපයකින් තියෙනවා. උල් පෙති, රවුම් පෙති, හීනි පෙති වගේ හැඩ වලින්. කහ ඩේලියා මල් වලින් අදහස් කරන්නේ සදාකාලික බැඳීම සහ කැපවීමයි. ඔබ මේ මල තෑගි දෙනවා නම් එයින් ඔයාගේ ගෞරවාන්විත බව පෙන්නුම් කරනවා.

9. කහ කපුරු



මේ තද කහ පැහැති මල විශ්වාසය සහ බලාපොරොත්තුව නිරූපණය කරනවා. ඔබට කාගෙන් හෝ කහ කපුරු මල් පොකුරක් ලැබුනොත් ඔහු හෝ ඇය ඔබගේ secret admirer බව හඟවනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1787 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:20 AM
Script:/article/1787/yellow-flowers-and-their-meanings.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:20 AM
Script:/article/1787/yellow-flowers-and-their-meanings.html