ඔසප් කාලය තුළ මඟ නොහැරිය යුතු පෝෂ්‍ය පදාර්ථ ගැන ගොඩක් කාන්තාවන් තවමත් දැනුවත් නැහැ

May 1, 2018
38,225
most women are not aware of the nutrition while periods
හැම කාන්තාවකගේම ඔසප් චක්‍රය එක සමාන වෙන්නේ නැහැ. සමහර කාන්තාවන් මේ දින වලදී බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා සහ ගොඩක් වේදනාවන්ට මුහුණ දෙනවා තවත් සමහර අය ගැටලුවකින් තොරව මේ දින කිහිපය ගෙවා දමනවා. ඒ කොහොම වුණත් මාස්ශුද්ධිය සිදු වන කාල සීමාව තුළ ඔබේ ශරීරයෙන් අධික ලෙස රුධිරය පිට වෙනවා. එය ඔබේ ශක්තිය හීන කරවන්න හේතුවක්. ඒ නිසා වෙනත් දවස් වලට වඩා වැඩියෙන් විටමින් වර්ග ඇතුළු පෝෂ්‍ය පදාර්ථයන් ඔබ අනිවාර්යෙන් අතිරේකව ශරීරයට ලබා දිය යුතුයි.

ඔසප් දින වලදී කාන්තාවට ඉතාමත් වැදගත් පෝෂ්‍ය පදාර්ථ ගැන මේ වටිනා තොරතුරු ඔයාට කියන්නේ හැමදාමත් කාන්තා ඔබේ විශ්වාසවන්ත යෙහෙළියක්ව ළඟ හිඳිමින් ඔයාට ශක්තියක් වුණු Lily වෙතින්. Lily සනීපාරක්ෂක තුවාය ඔසප් දින වලදීත් ඔයාට උපරිම සුව පහසුවක් හා ආරක්ෂාවක් සපයනවා.

මාස්ශුද්ධිය කල සීමාව තුළ ඔබේ ශරීර සෞඛ්‍ය යහපත්ව තබා ගන්න උදවු වෙන මේ අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් සහිත ආහාර ගැන බොහෝ කාන්තාවන් දැනුවත් නැහැ. ඒ වගේම බොහෝ අය මේ ගැන වැඩි තැකීමක් කරන්නෙත් නැහැ. ඒ වුනත් ඔබගේ ඒ නොසැලකිල්ල ඔබේම ශරීර සෞඛ්‍යට හානි කරනවා. ඒ නිසා නිරෝගී බාවයටත් ගැටලුවකින් තොරව මේ කාලසීමාව ගෙවා දමන්නත් ඔබට ශක්තිය ලබා දෙන මේ පෝෂණයන් මඟ හරින්න එපා.

1. විටමින් C

විටමින් C කියන්නේ ඔසප් කාල සීමාව තුළදී ඔබ වැඩි වශයෙන් පරිභෝජනයට එකතු කර ගත යුතු පෝෂ්‍ය පදාර්ථයක්. ඒ මගින් ශරීරයට අවශ්‍ය යකඩ අවශෝෂණය කර ගැනීමට උදව් කරනවා. එය ඔබව දවස පුරාවටම ශක්ති සම්පන්නව හා වෙහෙසකින් තොරව තියන්න හේතු වෙනවා. ඒ නිසා අනෙක් මොන පෝෂ්‍ය පදාර්ථය මඟ හැරියත් විටමින් C අඩංගු ආහාර අමතක කරන්න එපා. දිනපතා දොඩම් යුෂ, ලෙමන් යුෂ වීදුරුවක් පානය කිරීමට හෝ වෙනත් විටමින් C අඩංගු ආහාර පරිභෝජනයට එකතු කරන්න.

2. විටමින් E

ඔපස් වීම ආරම්භ වීමට කලින් ගොඩක් වෙලාවට පෙර නිමිති පහල වෙනවනේ. ගොඩාක් දෙනෙක්ට උදරයේ වේදනාව ඇති වෙනවා. තවත් අයට කකුල් වල වේදනාව, පියයුරු වල වේදනාව වගේ පූර්ව ලක්ෂණ පහල වෙනවා. මේ තත්ත්වයන් ඔසප් චක්‍රය ආරම්භ වෙන්නත් කලින්ම ඔබව අපහසුතාවයට පත් කරනවා නම් එකට හොඳම විසඳුම තමයි විටමින් E කියන්නේ. විටමින් E 12 සහ E 6 යන දෙකම මේ රෝග ලක්ෂණ අවම කරන්න උදවු වෙනවා. විශේෂයෙන් විටමින් E 12 ඌණතාවය ඔසප් කාල සීමාව තුළ බොහෝ විට ඔබව තෙහෙට්ටුවට පත් කරනවා. විටමින් E 12 වලින් පොහොසත් මස්, විශ්ෂයෙන් කුකුළු මස්, කිරි නිෂ්පාදන සහ බිත්තර ඔසප් වීම ආරම්භ වීමට සතියකට පමණ පෙර සිටම ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.

3. විටමින් B

ඔබගේ සමස්ත ප්‍රජනන සෞඛ්‍යම යහපත් කිරීම සහතික කරන්න ඔබ ගන්නා විටමින් B අඩංගු ආහාර වලට පුළුවන්. විටමින් B ඔබේ දත්, අස්ථි හා විශේෂයෙන් මෘදු පටක වර්ධනය කරන්න උදවු වෙනවා. ඔබගේ ගර්භාෂය සහ බිත්ති වලට විටමින් B වලින් ඉහළ ආරක්ෂාවක් ලැබෙනවා.

4. ෆෝලික් ඇසිඩ්

ලොව පුරා කාන්තාවන් මිලියන 469 ක් රක්තහීනතාවය නිසා ඇතිවන රෝගාබාධ වලින් පෙළන බව පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙනවා. ෆෝලික් අම්ලය ඔබේ සිරුරේ යකඩ රඳවා තබා ගැනීම සඳහා, යකඩ අවශෝෂණය කර ගැනීමට, සෛල වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සඳහා උපකාරී වෙනවා. ෆෝලික් ඇසිඩ් බහුල ආහාර ලබා ගැනීම මඟින් රතු රුධිරාණු ප්‍රතිස්ථාපනය කිරීම සහ රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්. ඒ නිසා තමයි ඔසප් දින වලදී ෆෝලික් අම්ලය බහුල ආහාර ඔබ මඟ නොහැරිය යුත්තේ.

මේ පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු ආහාර වලට අමතරව කැල්සියම්, විටමින් E, විටමින් D ඔමේගා 3 අඩංගු ආහාර කියන්නේ මාස්ශුද්ධිය දිනවලදීත් ඔබව සුව පහසුවෙන් තියන්න උදවු වෙන වැදගත් පෝෂ්‍ය පදාර්ථ. මේ දේවල් ගැනත් ඔබේ අවදානය යොමු කරොත් හැමදාම වගේ තවත් ඔබට වේදනාවට, අපහසුතාවයට පත් වෙන්න ඕන වෙන්නේ නැහැ.

Powered by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 796 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:49 AM
Script:/article/796/most-women-are-not-aware-of-the-nutrition-while-periods.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:50 AM
Script:/article/796/most-women-are-not-aware-of-the-nutrition-while-periods.html