කොල්ලව එපා වෙලා නම් දවස් 10 න් එලව ගන්න පුළුවන් හැබැයි ආදරෙයි නම් කවදාවත් මේ දේවල් කරන්න එපා

June 14, 2018
13,087
Things you can do to get rid of him
අපි ගොඩක් දේවල් හරි කියලා හිතාගෙන ලං කර ගත්තට ඒ දේවල් අපි හිතපු තරම් හොඳ දේවල් නෙවෙයි කියලා අපිට තේරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. බඩුවක් උනත් ගෙදරට ගෙනත් ටික කාලයක් පාවිච්චි කරනකොට තමයි එකේ හොඳ නරක තේරෙන්නේ. අපි ජීවිතේට ලංකර ගන්න මිනිස්සු උනත් එහෙමයි. කාලයත් එක්ක තමයි අපිට ඒ අයගේ හොඳ නරක තේරෙන්නේ. මුළු ජීවිත කාලයම ආදරෙන් සතුටින් ගත කරන්න කියලා ජීවිතේට ලංකර ගත්ත කෙනා ඔයාට ගැලපෙනම කෙනා නෙවෙයි කියලා ඔයාට දැනුනොත් මොන දේ කලත් එයාව ඔයාට වෙනස් කරගන්න බැරි නම්, තව දුරටත් ඒ සබඳතාව පවත්වාගෙන යන එක තේරුමක් නැති වැඩක් ඒක ඔයාගේ ජීවිතේට වගේම එයාගේ ජීවිතේටත් ප්‍රශ්නයක්. එහෙම කෙනෙක්ගෙන් ඔයාට අයින් වෙන්න ඕනේ කියලා ඔයාට එයාට කෙලින්ම කියන්න බැරිනම් එයාව ඔයාගේ ජීවිතෙන් අයින් කරගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන තමයි අද අපි කියන්නේ. ඔයාට එයාව එපා වෙලා නම් මේ දේවල් කරන්න හැබැයි ඔයා ඇත්තටම කෙනෙක්ට ආදරේ කරනවා නම් කවදාවත් මේ දේවල් කරන්න එපා.

01. එයාගේ පොඩි පොඩි වැරදි ගැනත් කියන්න

එයා කරන වැඩ වල තියෙන පොඩි පොඩි වැරදි ගැනත් ඕනෙවට වඩා ලොකුවට අරගෙන කතා කරන්න. මොකද පිරිමි කැමති නැහැ එයාලගේ වැරදි ගන කවුරුත් කතා කරනවට. ඔයා එයා කරන දේවල් වල වැරදි කියනකොට එයාගේ හිතේ ඔයා ගැන තියෙන කැමැත්ත අඩුවෙලා යනවා. මේක ටිකක් නපුරු වැඩක් තමයි. හැබැයි එයාට ලොකු වේදනාවක් නැතුව ඔයාගේ අයින් වෙන්න මේ නිසා පුළුවන් වෙනවා.

02. එයත් එක්ක කතාබහ කරන එක අඩු කරන්න

මේකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඔයා හොඳටම busy කියලා පෙන්නන එක. office එකේදී එයාගෙන් එන call answer කරන්නේ නැතුව ඉන්න. message වලට reply කරන එක අඩු කරන්න. මේ විදිහට කරනකොට එයාට හිතෙනවා එයා හිතුව තරම් එයාව ඔයාට වැදගත් නැහැ කියලා මේ නිසා එයාට ඔයාගෙන් අයින් වෙන්න ලේසියි.

03. එයා යාළුවොත් එක්ක එලියට යනවට අකමැති වෙන්න

පිරිමින්ට මොනවා උනත් තමන්ගේ යාළුවොත් එක්ක එලියට යන එක නම් කරන්න ඕනෙම දෙයක්. ඔයා එයාව එකෙන් වලක්වන්න උත්සහ කරනවා කියන්නේ ඔයත් එක්ක ඉන්නකොට එයාගේ නිදහස සිමා වෙනවා කියලා එයාට දැනෙන එක. මේ නිසා එයා අනිවාර්යෙන්ම එයාගේ නිදහස වෙනුවෙන් ඔයාගෙන් ඈත් වෙන්න උත්සහ කරනවා.

04. වෙන අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න

ඔයාගේ යාළුවොත් එක්ක පවුලේ අය එක්ක වැඩි කාලයක් ගත කරන්න. ඒ වගේම ඒ අය එක්ක ඉන්නකොට ඔයා සතුටින් ඉන්න බව පෙන්නන්න. එයත් එක්ක කාලය ගත කරන එක අඩු කරන්න. එතකොට එයාට තේරෙනවා ඔයා ළඟ තියෙන්නේ එයා වෙනුවෙන් වෙන් කරන්න බොහොම අඩු කාලයක් කියලා. මේ නිසා එයාට පුළුවන් එයා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන් කෙනෙක් ලඟට යන්න.

05. වෙන පිරිමි අය ගැන කතා බහ කරන්න

පිරිමින්ට තමන්ගේ බිරිඳ හරි girl friend හරි වෙන කොල්ලෙක්ගේ හොඳ කියනවා තරම් අහන් ඉන්න බැරි දෙයක් තවත් නැති තරම්. එයාව ඔයාගෙන් ඈත් කරගන්න ඕනේ නම් කරන්න තියෙන තවත් හොඳ දෙයක් තමයි මේක. පුළුවන් තරම් වෙන පිරිමි අයගේ හොඳ වර්ණනා කරන්න ඒ අය ගැන විස්තර එයාගෙන් අහන්න. එයා ඉක්මනින්ම ඔයාලගේ සබඳතාවය ගැලපෙන එකක් නෙවෙයි කියලා තේරුම් ගනියි.

06. එයා කැමති දේවල් වලට ඔයා අකමැති බව පෙන්නන්න

පිරිමි කොහොමත් එයාලගේ ජීවිතේ විශේෂයි කියලා තෝරා බේරා ගත්ත දේවල් ටිකක් තියෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ ඔයත් ඒ දේවල් වලට කැමති වෙයි කියලා. මේ නිසා ඔයා ඒ දේවල් වලට අකමැති වෙන එක එයාට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා ඒ දේවල් වලට අකමැති වෙනකොට එයා තේරුම් ගන්නවා ඔය දෙන්නගේ කැමැත්ත දෙකක් කියලා. මේ නිසා එයා කැමති දේවල් වලට කැමති කෙනෙක් ලඟට යන්න එයාට ඒක ලොකු උදවුවක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 881 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:43:56 AM
Script:/article/881/things-you-can-do-to-get-rid-of-him.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:43:56 AM
Script:/article/881/things-you-can-do-to-get-rid-of-him.html