මේ කුළුබඩු 03 ආහාරයට එකතු කර ගත්තොත් වෙන දේ ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි

October 29, 2018
11,601
You will be surprised if you use these spices
ඕනෑම කෙනෙකුට ජීවිතයේ ලබන්න පුළුවන් උතුම්ම ධනය තමයි නිරෝගී බව. —ආරෝග්‍යා පරමා ලාභා- කියන්නෙත් අන්න ඒ නිසයි. නිරෝගීමත් ජීවිතයක් පවත්වාගෙන යන්න වගේම ලස්සනට ඉන්න, සතුටින් ඉන්න, හැම මොහොතක්ම සුන්දරව ගත කරන්න හැමදේම වගේ නිරෝගී බවත් හරිම වැදගත්. හැඩකාරී අපි ආදරණීය ඔයාට හැමදාම මතක් කරලා දෙනවානේ නිරෝගීමත් ජීවිතයක් පවත්වාගෙන යන්න ඔයා කළ යුතු සහ නොකළ යුතු දේවල් සම්බන්ධව. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාගෙ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන්න ඔයාට උදව් වෙන ටිප්ස් කිහිපයක් ගැන ඔයා එක්ක කතා කරන්න හැඩකාරී අපි තීරණය කළා. අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ කටට රහට ආහාර පිළියෙළ කර ගන්න වගේම යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගෙන යන්න උදව් වෙන කුළුබඩු වර්ග 03 ක් සම්බන්ධව. මේ කුළු බඩු ඔයා දිනපතා ආහාරයට එකතු කර ගත්තොත් ඔයාට ලැබෙන වාසී ගැන අදහා ගන්නත් බැරි වෙයි.

සුදු ළුණු

අපේ ඕනෑම ගෘහණියක් මේ ගැන නම් හොඳින්ම දන්නවා. මීට පෙර හැඩකාරී ඔයාට අපි කියලා දුන්නා සුදු ළුණු ආහාරයට ගැනීම මගින් ඔයාගේ සිරුරට ලැබෙන වාසී ගැන. ගොඩක් වේලාවට මස්, මාළු ගෙදර හදනකොට තමයි ළුණු වලට අමතරව සුදු ළුණුත් එකතු කර ගන්නේ. සමහර ගෘහණියන් ඉන්නවා සුදු ළුණු සෑම එළවලූවකට එකතු කරනවා පුරුද්දක් විදිහට. හැඩකාරී අපි ඔයාට කියන්නෙත් සුදු ළුණු ආහාරයට පුළුවන් තරම් එකතු කර ගන්න කියලා. ඒ ඇයි කියලා ඔය දන්නවාද? සුදු ළුණු කියන්නේ ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කුළු බඩුවක්. බෝවන රෝග, ගලපටල රෝගය, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, පිළිකා රෝග, ලේ කැට ගසීම් ආදී ලෙඩ රෝග සියල්ලටම සාර්ථක විසඳුම් අඩුවක් නැතුව සුදු ළුණු ආහාරයට ගැනීමෙන් ඔයාට ලැබෙනවා. ඔයාට පහසුවෙන්ම එළවලූවලට සුදු ළුණු එකතු කරලා ආහාරයට ගන්න පුළුවන්. සුදු ළුණු මාලුව ආහාරයට ගන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම නැතිනම් ඔයාට මේ කියන විදිහටත් සුදු ළුණු ආහාරයට ගන්න පුළුවන්. සමාන්‍යයෙන් ඔයා බත් කන වෙලාවට සුදු ළුණු හීනිවට ලියාගෙන බත් එක්ක ආහාරයට ගන්න. උණ, සෙම, පීනස, සෙම්ප්‍රශ්‍යාව තියෙන කෙනෙක් සුදු ළුණු ආහාරයට ගත්තොත් ඉක්මනින් මේ ආසාදන තත්ත්වයන්ගෙන් ගොඩ යන්න පුළුවන්.

කරාබුනැටි

කරාබුනැටි වටිනා කුළුබඩුවක් වුණාට අපේ ගෘහණියන් මෙය ආහාරයට එකතු කරන්න චුට්ටක් විතර කම්මැලියි. අද හැඩකාරී ඔයාට කියලා දෙන්නම්කෝ කරාබුනැටි වලින් ඔයාට ලැබෙන විශ්මිත ප්‍රතිලාභ කිහිපයක් ගැන. එතකොට අදින් පස්සේ ඔයත් කරාබුනැටි ආහාරයට එකතු කර ගන්න දෙපාරක් නම් හිතන එකක් නෑ. කරාබු නැටි ආහාරයට ගැනීමෙන් රුධිර සංසරණය ක්‍රමවත්ව සිදුවෙනවා. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි සිරුරේ උෂ්ණත්වය වැඩියි කියන එක. ඔන්න ඔයා දැන් කරාබු නැටි ආහාරයට එකතු කර ගත්තොත් සිරුරේ උෂ්ණතවය පාලනය කර ගන්න පුළුවන්. උදරයේ ගෑස් ගතිය, බඩ දැවිල්ල, බඩේ අජිර්ණය, බඩ කොරය, පාචනය වගේම වමනය වැනි සංකුලතාවන් මඟහරවා ගන්න දැන් කරාබු නැටි ඔයාට උදව් වෙනවා. ගොඩක් දෙනෙක් කරාබුනැටි දත් කැක්කුමට පාවිච්චි කරනවා කියලා ඔයා දන්නවානේ. මොකද කරාබුනැටිවල වේදනානාශක ගුණය ඉතාමත් ඉහළයි. ඒ විතරක් නෙමෙයි කන් කැක්කුම වගේම ශ්වසනාබාධවලට සහයක් ඔයාට මෙමගින් ලබාගත හැකියි.

ඉතිං ඔයාටත් මුලින් අප සඳහන් කළ අසාත්මිකතාවක් ඇති වුවහොත් වතුර වීදුරුවකට කරාබු නැටි හයක් පමණ දාලා පැය කහිපයක් තියලා තියන්න. ඊට පස්සේ විටින් විට ඔයාට මේ විදිහට කරාබුනැටි එකතු කළ වතුර එක බොන්න පුළුවන්. එහෙමෙ නැතිනම් ඔයාට කරාබුනැටි පවුඩර් වුණත් මේ වෙනුවෙන් භාවිත කළ හැකියි. කරාබු නැටි පවුඩර් ඔයාට සුළු වශයෙන් ආහාරවලට එකතු කර ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම නැතිනම් කලින් කිව්ව විදිහට කරාබුනැටි පවුඩර් වතුර එක්ක එකතු කරගෙන පානය කරන්න. ඔයාටත් නොදැනීම සියලූ ආසාත්මිකතාවන් අඩු වෙලා යාවී.

සියලඹලා

සියඹලා කිව්ව ගමන් ඔයාගේ කටට කෙල උණනවා නේද? විශේෂයෙන්ම ගැහැණු පාර්ශ්වයේ ගොඩක් දෙනෙක් කැමතියි සියඹලා ආහාරයට ගන්න. ඔයා මෙතෙක්කල් සියඹලා ආහරයට ගත්තට එයින් ඔයාට ලැබෙන වාසී ගැන දැන ගෙන හිටියේ නෑනේ. ඔන්න අද හැඩකාරී ඔයාට සියඹලා වලන් ලැබෙන ගුණය ගැන කියලා දෙන්න තීරණය කළා. අදින් පස්සේ ඔයාට ඔන්න ගුණය දැනගෙනම සියඹලා ආහාරයට ගන්න පුළුවන්.
සියඹලාවල අන්තර්ගත සීනි සහ මේදය මගින්, මේදය සහ පිටි කෑමවල තෙල් ගතිය අවම කරනවා. සියඹලා විතරක් නෙමෙයි සියඹලා ගහේ පොතු, ඇට සහ සියඹලා කොළ පවා ඖෂධ වෙනුවෙන් භාවිත කරනවා. සියඹලා කියන්නේ සිසිල් ගුණයෙන් ඉහළ පෝෂණීය සංඝටකයක්. මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ලට සියඹලා පානය ඉතාමත් ගුණදායකයි. බඩේ අජීර්ණය, බඩ බුරල් වීම සහ බඩේ දැවිල්ල ආදී තත්ත්වයන් සමනය කර ගන්න සියඹලා ඔයාට උදව් වෙනවා. සියඹලා කොළ තැම්බු වතුරෙන් ඉදිමුණු තුවාල සේදීමෙන් තුවාලවල සුවපත්බව ඉක්මනින් ලබාගත හැකියි. හන්දිපත්වල වේදනාව, ඉදිමීම, වාත වේදනාව සහ අත පය ඇඟිලි වේදනාවටද සියඹලා කොළ ගුණයෙන් ඉහළයි. ඔයා මේ හැමදේටම වඩා දන්න දෙයක් තමයි ව්‍යංජන රස ගැන්වීමටත් ජෑම්, ජෙලි වගේම චට්නි වගේ ආහාර ඔයාට හරිම පහසුවෙන් දැන් සියඹලාවලින් පිළියෙල කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1143 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:08 AM
Script:/article/1143/you-will-be-surprised-if-you-use-these-spices.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:08 AM
Script:/article/1143/you-will-be-surprised-if-you-use-these-spices.html