serious ලව් කරන කොල්ලෙක් මෙන්න මේ වගේ වැඩ කරනවා

May 19, 2018
23,996
Boys do these if they are serious about the relationship
ආදරකතා නම් කීයක් අපි අපේ ජිවිත කාලය ඇතුලේ ලියනවද? ඒවගෙන් ඉතින් හැබෑ වෙන්නේ ඉතින් එකයිනේ. ඒ හැබෑ වුනු ආදර කතාව හෝ හැබෑවක් කරගන්න යන ආදරය ඇත්තම ආදර කතාවක්ද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන ලක්ෂණ ඔය ආදර කතාව ඇතුලෙත් තියෙනවා නම්. මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ සැමියා හෝ පෙම්වතා ඔයාට ඇත්තටම ආදරේ කරනවා.

ඇස් දෙක වගේ පරිස්සම් කරනවා. එයා ඔයාගේ ආරක්ෂාව ගැන ගොඩාක් හිතනවා. වද වෙනවා. ඒ නිසා නිතරම හොයලා බලනවා. කතා කරනවා. එහෙම කරන්නේ එයාට ඔයා ගොඩක් වටින නිසා.

ඔයා යන එන තැන්, ඔයා ඇසුරු කරන අය, ඔයා වැඩ කරන තැන ගැන හොයලා බලනවා. අපේ සමහර කෙල්ලෝ නම් ඒවාට ඕන තරම් රණ්ඩු දා ගන්නවා. ඒත් එයා එහෙම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසා.

දිගු කාලින බැඳීමක් ගෙනියන්න එකිනෙකා ගැන තියෙන අවබෝධය අනිවාර්යෙන් වැදගත් වෙනවා කියන එක එයා තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා ඔයා ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනවා. එයාට ඔයාව හොඳින් තේරුම් ගන්න පුළුවන්.

ගෑණු ළමයෙක්ට, ගැහැණියකට ගෞරවය කියන දේ මොන තරම් වැදගත් වෙනවද කියන එක ඕනම පිරිමියෙක් දන්නවා. ඒ නිසා පවුලේ අය හෝ පිට අය ඉස්සරහදීත් ඔයාගේ ගෞරවය ගැන හිතලා තමයි වැඩ කරන්නේ. ඔයාට ලැජ්ජාවක් වෙන, ඔයාව අපහසුතාවයට පත් වෙන දේවල් කරන්න එයා කවදාවත් පෙළඹෙන්නේ නෑ.

නිතරම තමන්ගේ පෙම්වතියගේ, බිරිඳගේ ළඟින්ම ඉඳගෙන කොන්දේසි රහිතව ශක්තියක් වෙන එක සැබෑ පෙම්වතෙක්ගේ, ආදරණිය සැමියෙක්ගේ අනිවාර්ය ලක්ෂණයක්.

එයාගේ ජිවිතේ ඔයාට දීල තියෙන තැන අනුව හොඳින්ම දැන ගන්න පුළුවන් ඔයාව එයාට කොයි තරම් දුරට වටිනවද, වැදගත්ද කියලා. හැම තැනකදීම, හැම වෙලාවකදීම එයා ඔයාට වටිනාකමක් දීල කතා කරනවා නම්, එයාට ඔයාව වටිනවා කියලා ඔයාට දැනෙන්න දෙනවා නම්, දැනෙන්න ආදරේ කරනවා නම් එයා හරිම රොමෑන්ටික් කොල්ලෙක්.

මේ වගේ කොල්ලෝ හිතේ එකක් තියාගෙන තව දෙයක් කියන්නේ නැහැ. එයාගේ ජිවිතේ ගැන, එයාගේ අතීතය ගැන, පරණ සම්බන්ධතා ගැන හැම දෙයක්ම ඔයා එක්ක කියල තියෙනවා නම් එයාගේ අවංක කම එකෙන්ම තහවුරු වෙනවනේ. හැංගි හොරා වැඩ කරන්නේ නැතුව open කතා කරන එක අවංක ආදරවන්තයෙක්ගේ ලක්ෂණයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 824 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:47 AM
Script:/article/824/boys-do-these-if-they-are-serious-about-the-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:48 AM
Script:/article/824/boys-do-these-if-they-are-serious-about-the-relationship.html