විවාහ ජීවිතයේ සතුට හැමදාම රැකගන්න මේ දේවල් අමතක නොකර කරන්න

May 7, 2017
13,231
Amazing successful marriage tips and secrets
හැම කාන්තාවකගේම බලාපොරොත්තුව තමන්ගේ විවාහ ජීවිතය සුන්දර කරගන්න එක. මේ වෙනුවෙන් සමහර කාන්තාවෝ නොකරන දෙයක් නැති තරම්. නමුත් ඉතින් අපි තේරුම් ගන්න ඕනේ, අපේ ජිවිත වල සතුට රැකිලා තියෙන්නේ අපේ ජිවිත වල තියෙන සරළ කමත් එක්ක කියන එක. අපි සංකීර්ණ විදිහට හිතන්න හිතන්න අපේ ජිවිත වල තියෙන ප්‍රශ්න වැඩිවෙන එක තමයි වෙන්නේ. අපි හැමෝම මිනිස්සු නිසා අපි අතින් වැරදි වෙන්න තියන ඉඩකඩත් වැඩියි. මේ නිසා යහපත් විවාහ ජීවිතයක මුලිකම අඩිතාලම තමයි අවබෝධය කියන්නේ. බලන්නකෝ ඔබටත් අවශ්‍ය නම් විවාහ ජිවිතයේ සතුට හැමදාම තියාගන්න කරන්න තියෙන්නේ බොහොම සරල දේවල් ටිකක් විතරයි.

1. විවාහ ජිවිතයේ යථාර්තය වටහාගන්න

විවාහ ජීවිතය කියන්නේ සුරංගනා ලෝකයක් නෙවෙයි. බහුතරයක් කාන්තාවන් හිතන්නේ විවාහ ජීවිතය සුරංගනා ලෝකයක් කියලා. මේ නිසා ඔවුන් ජීවත් වෙන්නේ මවාගත්ත ලෝක වල. මේ නිසාම තමයි ඔවුන්ගේ විවාහ ජිවිත අසාර්ථක වෙන්නේ. මේ නිසා හැම කාන්තාවක්ම විවාහ ජිවිතයේ යථාර්තය අවබෝධ කරගන්න එක වැදගත්. එවිට ඔවුන්ට පුළුවන් විවාහ ජිවිතයේ සතුට හැමදාටම රැකගන්න.

2. කරුණාවන්ත කෙනෙක් වෙන්න

සැමියෙක් තමන්ගේ මවට පස්සේ ලංවෙන එකම කාන්තාව තමයි බිරිද කියන්නේ. මේ නිසා ඔහු නිරායාසයෙන්ම තමන්ගේ මවට තිබුණ කරුණාවන්ත භාවය තමන්ගේ බිරිදගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබට ඔහුව හොදින් තේරුම් අරගෙන ඔහුත් සමග ජිවත් වෙන්න පුළුවන් නම් ඔහුත් අනිවාර්යෙන්ම ඔබට අසීමිතව ආදරය කරන සැමියෙක් වේවි.

3. දෙදෙනාත් සමග එකතුවී සතුටු වෙන්න

විවාහ ජිවිතයේ සතුට රැකගන්න ඔබ දෙදෙනාම සතුටින් සිටින එක ඉතා වැදගත්. ඒ සතුට දෙදෙනාම එක්ව ලබාගත යුතු දෙයක්. එවිට ඔබ දෙදෙනා අතර ආදරය තව තවත් වැඩි වෙනවා. මේ නිසා නිතරම වේලාව වෙන්කර ගන්න දෙදෙනාම එකතු වී සතුටු වෙන්න.

4. 100% අවංක බිරිදක් වෙන්න

ඔබේ අවංක භාවය මත තමයි සැමියාගේ විශ්වාසය ඔබ කෙරෙහි වර්ධනය වෙන්නේ. ඔබ ඔහුට අවංක වෙන තරමටම ඔහුත් ඔබට අවංක වේවි. මේ නිසා සැමියාට අවංක බිරිදක් වී ඔබේ විවාහ ජිවිතයේ සතුට හැමදාම රැකගන්න.

5. සැමියා වෙත නිතරම අවධානය යොදවන්න

සමහර කාන්තාවන් තමන්ගේ සැමියා ගැන කිසිදු අවධානයක් දක්වන්නේ නැහැ. ඔවුන් නිතරම උත්සහ කරන්නේ තමන්ගේ හෝ දරුවන්ගේ කටයුතු ඉටු කරගන්න. මේ නිසා ඔවුන්ට සැමියාව මග හැරෙනවා. විවාහ ජිවිතයේ මුලින්ම වැදගත් වෙන්නේ ඔබ දෙදෙනාගේ සබධතාවය ආරක්ෂා කරගැනීමයි. මේ නිසා බිරිදක් ලෙස ඔබ අනිවාර්යෙන්ම වැඩි අවධානයක් සැමියා වෙත යොමු කල යුතුයි.

6. ආදරය නිතරම වර්ධනය කරගන්න උත්සහ කරන්න

ඔබ දෙදෙනාගේ විවාහ ජිවිතයේ මුලිකම අඩිතාලම වෙන්නේ ආදරයයි. ඔබ දෙදෙනාම හොද ආදරවන්තයින් නම් විවාහ ජිවිතයේ ඔබ දෙදෙනාට ඇතිවෙන ප්‍රශ්න අඩුයි. බිරිදක් ලෙස ඔබට පුළුවන් ඔබ දෙදෙනාගේ ආදරය රැකගන්න කටයුතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 260 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:01:03 AM
Script:/article/260/amazing-successful-marriage-tips-and-secrets.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:01:03 AM
Script:/article/260/amazing-successful-marriage-tips-and-secrets.html