ඔහු මේ දේවල් කරන කියන කෙනෙක් නම් ඔහුගේ හිතේ ඔබ ගැන ආදරයකට වඩා තියෙන්නේ ආශාවක්

May 20, 2017
26,481
Lust vs Love: Do You Know the Difference?
ආදරයේදී කාලයක් යනකල්ම අපිට වෙලාවකට හොයාගන්න අමාරුයි අපි ආදරය කරන පුද්ගලයා ඇත්තටම අපිට ආදරය කරනවද කියලා. සමහර අවස්ථා වලදී අපි මේ ගැන දැනගන්නා විට අපේ සබදතා ගොඩක් දුරදිග ගිහින් වැඩියි. මේ නිසා ඔබ ආදරය කරන්න වගේම විවාහයට කෙනෙක් තෝරා ගැනීමේදී ඒ ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි. ඔබට මේ කාරණා ටික වැදගත් වේවී ඔබ ආදරය කරන ඔහුව හොදින් හදුනාගන්න.

1. ඔහු ඔහුගේ සැබෑ ජීවිතය ගැන ඔබත් සමග කතාබහ කරන්නේ නැහැ

ඔහු ඔබට සැබෑවටම ආදරය කරන කෙනෙක් නම් ඔහු ගැන හැම දෙයක්ම ඔබත් සමග කතාබහ කරනවා. ඔහුට ඔබෙන් සැගවීමට කිසිවක් නැහැ. නමුත් ඔහුගේ සිතේ ඔබ ගැන තිබෙන්නේ ආසාවක් පමණක් නම් ඔහු කිසිම අවස්ථාවක් ඔහුගේ ජීවිතය ගැන ඔබත් සමග කතාබහ කරන්නේ නැහැ.

2. ඔහු ඔබගේ පෙනුම සහ ශරීර අංග ගැන වැඩි අවධානයක් දක්වනවා නම්

මේ වගේ පෙම්වතුන් බාහිර පෙනුම ගැන වැඩි අවධානයක් දක්වනවා. ඔවුන් නිතරම ඔබේ හොද ගතිගුණ අගය කරනවාට වඩා කරන්නේ ඔබේ පෙනුම සහ ශරීර අංග ගැන වර්ණනා කිරීම.

3. ඔහු ඔබත් සමග වැඩි කාලයක් ගත කරන්නේ නැහැ

ඔහු ඔබට ආදරය කරන කෙනෙක් නම් ඔහු උත්සහ කරන්නේ හැම අවස්ථාවකම ඔබත් සමග සතුටින් කාලය ගත කරන්න. නමුත් ඔහුගේ හිතේ ඔබ ගැන ආසාවක් විතරක් නම් තියෙන්නේ ඔහු ඔහුට අවශ්‍ය වෙලාවල් වලට විතරයි ඔබව හමුවෙන්නේ.

4. ඔහු නිතරම ඔබව පාලනය කරන්න උත්සහ කරනවා

ඔහු ඔබට ආදරය කරන කෙනෙක් නම් ඔබව විස්වාස කරනවා. ඔබව පාලනය කරන්න උත්සහ කරන්නේ නැහැ. නමුත් ඔහුගේ හිතේ ඔබ ගැන ආසාවක් විතරක් නම් තියෙන්නේ ඔබව ඔහු නිතරම පාලනය කරන්න උත්සහ කරනවා. ඔබ නිතරම කල යුත්තේ ඔහු කියන දේවල් පමණයි.

5. ඔහු ඔබත් සමග ලිංගික ක්‍රියාකාරකම් ගැන වැඩිපුර කතාබහ කරනවා

ඔහු නිතරම උත්සහ කරන්නේ ඔහුගේ සිතේ ක්‍රියාත්මක වෙන අදහස් වලට ඔබව පොළබව ගන්න. මේ නිසා ඔහු වැඩිපුරම ඔබත් සමග කතාබහ කරන්නේ ලිංගිකත්වයට සම්බන්ද කාරණාවන් ගැන.

6. ඔහු ඔබව කිසිම කෙනෙකුට හදුන්වා දෙන්නේ නැහැ

ඔහුට ඔබෙන් ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගත් පසු තව දුරටත් ඔබව අවශ්‍ය නොවෙන නිසා ඔහු නිතරම උත්සහ කරන්නේ ඔබ දෙදෙනාගේ සබදතාවය රහසක් ලෙස තබාගන්න. ඔහුට කිසිම අවස්ථාවක උත්සහ කරන්නේ නැහැ ඔබ දෙදෙනාගේ සබදතාවය ගැන කිසිවෙකුට පවසන්න.

7. නිතරම ඔබව තනිව මුණගැසෙන්නට උත්සහ කරනවා

මේ වගේ පෙම්වතුන් නිතරම උත්සහ කරන්නේ කිසිවෙකුත් නොමැති නිදහස් ස්ථාන වලදී ඔබව හමුවෙන්න. ඒ නිසා ඔහු ඔබව විවිධ තැන් වලට ගෙනයාමට උත්සහ කරනවා. නමුත් ඔබට සැබෑවටම ආදරය කරන පෙම්වතෙක් නිතරම උත්සහ කරන්නේ ඔබට කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන ආකාරයට ඔබත් සමග කාලය ගත කරන්න.

8. ඔහු ඔබව ස්පර්ශ කරන ආකාරය වෙනස්

මේ වගේ පෙම්වතුන් සීමාව ඉක්මවා ඔබත් සමග කටයුතු කරන්න උත්සහ කරනවා. ඔහු ඔබව ස්පර්ශ කරන ආකාරයේ උනත් ඔබට යම් අමුත්තක් දැනෙන්න පුළුවන්. නමුත් ඔබට සැබෑවටම ආදරය කරන පෙම්වතා ඔබත් සමග හැසිරෙන්නේ බොහොම ගෞරවාන්විත ලෙසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

jaggery Moose Recipe
   879
   571

හකුරු මූස් - Recipe

මූස් වලට ආස අයට ශ්‍රී ලංකන් twist එකක්
How to rebuild your self confidence
   677
   549

බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්නේ කොහොමද?

ඔයා ඔයාගේ ජීවිතය තුළ කලකිරීමකින් හා පසු තැවීමකින් නම් කටයුතු කරන්නේ, නැවත වරක් නොව දහස්වාරයක් සිතා බලන්න ඕන කියලයි අපි හිතන්නේ. මානසික බිද වැටීම්, පසු තැවීම් හා ජීවිතේ කඩා වැටීම් අපි කා තුළත් තිබිය හැකියි. නැතිවුණු ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද කියලා www.hadakai.lk  වෙතින් තිළිණ කරන මේ ලිපිය කියවලම බලන්නකෝ
Do not go to sleep with make up on your face
   263
   230

මුහුණේ මේකප් එක්ක නින්දට යන්න එපා

රාත්‍රි‍ය පුරාවටම මේකප් මුහුණේ තිබීමෙන් මුහුණේ කරුළෑ ලප කැළැල් ඇති වීමට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ ගැන අද හැඩකාරී තුළින් දැනුවත් කරන්න අපි සුදානම්
Sleep naked, be beautiful
   1,537
   106

නිරුවතින් නිදාගෙන ලස්සන වෙන්න

ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න කැමති වුණාට නිදාගත්තම ලස්සන වෙනවා කියලා අහලා තිබුණේ නෑනේ. මේ කියන්නේ වෙනදා ඔබ සාමාන්‍ය විදිහට නිදා ගැනීමක් ගැන නම් නෙමෙයි. ලස්සන වෙන්න පර්යේෂකයින් හොයාගෙන තියෙන මේ අලූත් ක්‍ර‍රමය ගැන නම් ඔබ තුළ එතරම් දැනුවත් භාවයක් නොමැති වන්නටත් පුළුවන්

Latest Articles

Most Viwed