දණහිස් වල අඳුරු පැහැය තව දුරටත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

June 1, 2018
8,752
Don't worry about dark knees and elbow here after
කාන්තාවන්ට තමන්ගේ රුපය ගැන තියෙන දහසකුත් ප්‍රශ්න වලින් එකක් තමයි දණහිස හා වැලමිටඅවපැහ වීම. විශේෂයෙන් දණහිස් කළු පැහැ වුනහම හරියට ඇඳුමක් වත් අඳින්න බැරුව යනවා. ඔයා කොටට අඳින කෙනෙක් නම් ඔයාගේ දණහිස් අවලස්ස වීම ඔයාගේ පෙනුමට අනිවාර්යෙන් බලපානවා. හිරු එළියට නිරාවරණය වීම. සමේ වියලි බව වගේ හේතුන් මෙයට බලපානවා. දණහිස් වල සහ වැලමිට ප්‍රදේශයේ ඇති අඳුරු පැහැය වලක්වන ස්වභාවික සත්කාර කීපයක් තමයි මේ.

කහ, මී පැණි සහ කිරි වලින් මේ ප්‍රශ්නෙට ඔයාට විසඳුමක් හොයා ගන්න පුළුවන්. කහ කියන්නේ හොද විශබීජ නාශකයක්. මී පැණි වල සමේ තෙතමනය ආරක්ෂා කරන ගුණාංග අඩංගු වන අතර කිරි ස්වභාවික විරංජකයක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේම කිරි කියන්නේ සමට ඉතා ඉහල පෝෂණය ලබා දෙන්නක්. මේ අමුද්‍රව්‍ය 3 සම සමව ගෙන හොඳින් මිශ්‍ර කරලා ආලේපයක් විදියට සකස් කර ගෙන එය දණහිස් හා වැලමිට ප්‍රදේශයේ හොඳින් ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.

ලෙමන් සහ මී පැණිත් ඔයාට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ලෙමන් ස්වභාවික විරංජකයක් ලෙස ක්‍රියා කරනවා. ලෙමන් යුශ ස්වල්පයක් මී පැණි සමග මිශ්‍ර කර දණහිස් හා වටමිට මත ආලේප කරන්න. මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

කඩල පිටි සහ බේකින් සෝඩා සම ප්‍රමාණයන්ගෙන් මිශ්‍ර කර ලෙමන් හෝ මී පැණි එක් කර අලෙපනයක් ලෙස ගෙන ආලේප කරන්න.

කිරි තේ හැදි 4 කට ලෙමන් යුෂ එක් තේ හැන්දක් එක් කරන්න, විටමින් E සහ glycerin ද එයට එක් කොට දණහිසෙහි හා අතෙහි අඳුරු ප්‍රදේශ මත ආලේප කරන්න. විනාඩි 15 ක් පමණ තියෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මේ සත්කාර වලට අමතරව ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් සමඟ විටමින් E මිශ්‍ර කර ආලේප කිරීමෙනුත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

ඒ වගේම දවසට දෙවරක් වත් හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට වැඩි පුර වතුර බොන්න, තවත් දෙයක් හිරු එළියෙන් සම ආරක්ෂා කර ගන්නත් අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,346
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   42,067
   29

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
How to reduce under arm sweating
   6,748
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Symptoms to say you are pregnant
   43,698
   23

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   61,663
   23

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed