ඔබේ නිදාගන්න මෙට්ටයේ තත්ත්වය බාල කරන්න පුළුවන් වැරදි 6ක් මේ

July 2, 2020
2,972
6 mistakes that destroy your mattress
බොහෝවිට අපේ සමස්ත ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම වෙන් වෙලා තියෙන්නේ නින්දටයි. ඒ නිසා අපි නිදාගන්න මෙට්ටය මත දවසකට පැය ගණනාවක් අපි ගත කරනවා. ඉතින් බොහෝ දෙනෙක් හොඳ මෙට්ටයක් සඳහා මුදල් ආයෝජනය කරන එක පුදුමයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඔබටත් අවශ්‍ය වන්නේ ඔබේ මෙට්ටය පුළුවන් තාක් කල් ගුණාත්මක කල්පැවැත්මකින් යුතුව තබා ගන්නනේ. එහෙනම් ඔබේ අතින් සිද්ධ වෙන මෙම වැරදි වලින් වළකින්න. එමගින් ඔබට ඔබේ නිදාගන්න මෙට්ටයෙන් ලැබෙන පහසුව වැඩි කාලයක් භුක්ති විඳින්න පුළුවන් වෙයි.

හොඳ මෙට්ටයක වැදගත්කම

සෑම රාත්‍රියකදීම අපි මෙට්ටය මත සාමාන්‍යයෙන් පැය අටක් වත් නිදාගන්නවා. අපිට ඒ විදිහට සුවපහසුවෙන් නිදාගන්න පුළුවන් වීමේ වගකීම සියයට 80 ක් පමණ යන්නේ මෙට්ටයටයි. ඒ නිසා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳ මෙට්ටයක් සඳහා මුදල් වෙන් කරන එක අත්‍යවශ්‍යයි. සමහර අය ඝන මෙට්ටයක් මත නිදා ගැනීමට කැමැත්තක් දක්වන අතර තවත් අය මෘදු මතුපිටක් සහිත මෙට්ටයක නිදා ගන්න වඩාත් කැමතියි. එම නිසා අලුත් මෙට්ටයක් මිලදී ගැනීමට කලින් ඔබට වඩාත්ම සුදුසු මෙට්ට වර්ග‍ය මොකක්ද කියලා සොයා බලන්න. ඒ වගේම ඔබගේ වටිනා මෙට්ටයේ ආයු කාලය දීර්ඝ කරගන්න නම් පහත සඳහන් වැරදි හය නොකිරීමටත් වග බලා ගන්න. 

1. මෙට්ටයේ එකම පැත්තක් භාවිතා කිරීම
ඔබ සෑම රාත්‍රියකම නිදාගන්නේ එකම ඉරියව්වකින් නම් අවසානයේදී ඔබේ මෙට්ටයේ අසමතුලිතතා ඇති වෙලා මෙට්ටය බහින්න පුළුවන්. එවැනි අසමතුලිත මෙට්ටයක නිදාගැනීම ඔබේ නින්දටත් බාධා ගෙනදෙයි. එමනිසා අවම වශයෙන් මාස 3කට වතාවක්වත් මෙට්ටය උඩ යට මාරු කරමින් භාවිතා කරන්​න.

2. මෙට්ට ආරක්ෂකයක් භාවිතා නොකිරීම
දූවිලි, දූවිලි මැක්කන්, මිය ගිය සමේ සෛල හා දහඩිය වගේ බොහෝ අපිරිසිදු ද්‍රව්‍ය ඔබේ මෙට්ටයේ රැඳිලා තියෙන්න පුළුවන්. මේ නිසා ඔබේ මෙට්ටයේ නැවුම් සුවඳ ද අතුරුදන් වෙනවා. බැක්ටීරියා වර්ධනයට පවා ඒක හේතු වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි මෙට්ට ආරක්ෂකයක් (mattress protector) භාවිතා කිරීම. මෙට්ට ආරක්ෂකයන් සාමාන්‍යයෙන් මිල අධික වෙන්නේත් නෑ.

3. මෙට්ටය පිරිසිදු නොකිරීම
ඔබ අවසන් වරට ඔබේ මෙට්ටය පිරිසිදු කළේ කවදාද? ඔබේ මෙට්ටයේ ගුණාත්මක බව දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් නිරන්තරයෙන් මෙට්ටය පිරිසිදු කිරීම වැදගත්. එමනිසා අනිවාර්යයෙන් සෑම මාස තුනකට වරක් මෙට්ටය පිරිසිදු කරන්න. දූවිලි ගසන්න. වැකියුම් කරන්න. මෙට්ටයේ දුගඳ නැති කරන්න උදාහරණයක් විදිහට බේකිං සෝඩා වලින් ඔබේ මෙට්ටය පිරිසිදු කරන්න පුළුවන්. බේකින් සෝඩා මේ ආකාරයට භාවිතා කරන්න.



4. දරුවන් කරණම් ගැසීම
ළමයින්ට ඇඳ මතට පැනීම විනෝදයක් වුණත් ඒක අනිවාර්යයෙන්ම හොඳ අදහසක් නෙමෙයි. සාමාන්‍යයෙන් box spring එකක් මෙට්ටයට යොදලා තියෙන්නේ කරණම් ගහන්න නෙමෙයි. ඒ වගේම මෙට්ටයේ spring වලට හානියක් වුණොත් ඒකෙන් තවදුරටත් ඔබගේ නින්දට අවශ්‍ය සහාය හා සුවපහසුව ලැබෙන්නේ නෑ.

5. ජනේල වල තිර රෙදි වසා තැබීම
දූවිලි මැක්කන් සහ බැක්ටීරියා වැඩෙන්න සුදුසු තත්ත්වයක් නිර්මාණය වෙන්නේ අඳුරු, පුස් සහිත පරිසරයකයි. ඒ නිසා සෑම උදෑසනකම ඔබේ කාමරයේ තිර රෙදි විවෘත කිරීම වැදගත්. උදේට ඇහැරුණ සැනින් වහාම ඔබේ ඇඳ අස් කරන්න එපා. පුළුවන් නම් ඇහැරුණ ගමන් කාමරයේ කවුළුවක් විවෘත කරලා තියන්න. එතකොට ඔබේ මෙට්ටයට හොඳ වාතාශ්‍රයක් සහ ආලෝකයක් ලැබෙනවා. ඔබට මෙට්ටයෙන් නැවුම් සුවඳක් ද දැනෙයි.

6. ඇඳ ඇතිරිලි නොසේදීම 
අපි කලින් සඳහන් කළා වගේම දූවිලි මැක්කන්, මිය ගිය සමේ සෛල හෝ දහඩිය පහසුවෙන් ඔබේ මෙට්ටයට ඇතුළු වෙනවා. මෙට්ට ආරක්ෂකයක් භාවිතා කිරීමෙන් ඔබට ඒක වළක්වා ගන්න පුළුවන් . ඒ වගේම අනිවාර්‍යෙන්ම ඔබේ ඇඳ ඇතිරිලි ද වෙනස් කරන්න. සතියකට වරක් වත් ඒවා සෝදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1676 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:21:03 AM
Script:/article/1676/6-mistakes-that-destroy-your-mattress.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:21:03 AM
Script:/article/1676/6-mistakes-that-destroy-your-mattress.html