පිස්ටාෂියෝ බක්ලාවා හැදීමට අවශ්‍ය දේ :
පිස්ටාෂියෝ ග්‍රෑම් 200
වෝල්නට් ග්‍රෑම් 200
හේසල් නට් ග්‍රෑම් 200
සීනි ග්‍රෑම් 100
කුරුඳු කුඩු මේස හැඳි 1
කරාබුනැටි කිහිපයක්
දියකරගත් බටර් ග්‍රෑම් 200
සිරප් හැදීමට අවශ්‍ය දේ :
සීනි අඬු කෝප්ප 3/4
වතුර අඬු කෝප්ප 1
පැණි අඬු කෝප්ප 1
දොඩම් යුෂ
කරාබු නැටි 5
ලෙමන් යුෂ ගෙඩි 1
සිරප් එක හදමු :
සියලුම ද්‍රව්‍ය බඳුනකට දමා ලිප තබා හොඳින් උණුකර පසුව ලිපෙන් බාගන්න.
බක්ලාවා හදමු :
1. පළමුව නට්ස් වර්ග සියල්ල බ්ලෙන්ඩරයකට දමා කැබලි කර ගන්න.
2. ඉන්පසු කැබලි කරගත් නට්ස් වර්ග, සීනි, කුරුඳු හා කරාබු නැටි සියල්ල භාජනයකට දමා කලවම් කරගන්න.
3. දැන් අඟල් දෙකක් පමණ උස තැටියක් ගෙන දියකරගත් බටර් අඩියේ තවරා ගන්න. ඉන්පසු
ෆිලෝ ෂීට් එකක් ඒ මත අතුරා ගන්න.
4. එහි නැවතත් දියකරගත් බටර් තවරාගන්න.
5. මේ ආකාරයට ෆිලෝ ෂීට් හතරක් දමා ගන්න. එය මතට කලවම් කරගත් නට්ස් වලින් ලේයර් එකක් දමා ගන්න.
6. නැවතත් පෙර ආකාරයටම පිලෝ ෂීට් දෙකක් දමා ගන්න. නැවතත් නට්ස් වලින් ලේයර් එකක් දමා ගන්න. නැවතත් පෙර ආකාරයට පිලෝ ෂීට් දෙකක් දමා ගන්න. නැවතත් නට්ස් වලින් ලේයර් එකක් දමා ගන්න.
7. නැවතත් පෙර ආකාරයටම දියකරගත් බටර් තවරා ගනිමින් ඉතිරි ෆිලෝ ෂීට් දමා ගන්න.
8. තැටියේ තිබියදීම ඔබ කැමති ආකාරයට බක්ලාවා එක කපාගන්න.
9. ඉන්පසු එය සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයට රත්කර ගත් උඳුනකට දමා විනාඩි 45ක් බේක් කරගන්න. රන්වන් පාටට බේක් වූ පසු තැටිය ඉවතට ගෙන සාදාගත් සිරප් එක එය මතට දමා ගන්න.