මහන්සි වෙලා ගෙදර ආවම ඉක්මනින් වගේම පෝෂණ ගුණයත් එක ලෙසම තියෙන, සැහැල්ලු කෑමක් හදා ගන්න තියෙනව නම්... චිකන් ශවර්මා කියන්නේ අන්න ඒ වගේ කෑමක්. ඉතින් ඇයි චිකන් ශවර්මා එකක් ගෙදරදීම හදලා රස බලන්නේ නැත්තේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
කටු රහිත කුකුල් මස් බ්‍රෙස්ට් 1
යෝගට් හෝ මීකිරි තේ හැඳි 2
රස පදමට ලුණු
රස පදමට ගම්මිරිස්
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
සූදුරු කුඩු තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/4
තෙම්පරාදුවට තෙල්
පීටා බ්රෙඩ් (pita bread)
සාමන්‍ය තරමට සිහින්ව කපා ගත් ළූණූ ගෙඩි 2
සාමන්‍ය තරමට සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩි 2
පෙති කපා ගත් පිපිඤ්ඤා 1
සාලාද කොළ
කොත්තමල්ලි කොළ (කැමති නම් පමණක්)
කොටුවට කපා ගත් චිස් ස්වප්ලයක් (කැමති නම් පමණක්)
මැයෝනිස්
සාදන ක්‍රමය :
01. යෝගට් හෝ මීකිරි, මිරිස් කුඩු, ගම්මිරිස්, කහ, සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු සහ ලුණු එක් කර කුකුල් මස්වල තවරා පසෙකින් තබන්න.
02. පෑන් එකක් ගෙන රත් වෙන්න තබා එයට තෙල් එකතු කරන්න. පදම් වීමට තැබූ කුකුල් මස් ටික සෙමින් පෑන් එකට එකතු කර රන් වන් පැහැ වනතුරු හොඳින් පිස ගන්න.
03. චිකන් ටිකේ තෙල් ඉවත් වෙන්න කොලයක අයින් කරන්න.
04. පීටා බ්රෙඩ් එක පුලුසාගෙන එය මත ලූණු, තක්කාලි, සලාද කොල, චීස්, පිපිඤ්ඤා සහ කුකුල් මස් ටික අතුරා ගන්න.
05. අන්තිමට මයෝනිස් එකතු කරන්න.
06. ඉන්පසු පීටා බ්රෙඩ් එක රෝල් කර ගන්න.