අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය දියුණු කරන ආහාර ගැන ගොඩක් දෙනෙක් දන්නේ නෑ

August 12, 2020
7,630
Most of us don’t know about metabolism-boosting food
තමන්ගේ ශරීරයේ බර පිළිබඳව තියන ගැටළු අද කාලයේ පොදු ප්‍රශ්නයක්. නිවැරදි පෝෂණයක් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම කියන්නේ ඒ ප්‍රශ්නයට තියන හොඳම විසඳුමයි. ඒ වගේම අපි අද කතා කරන Metabolism-Boosting Food හෙවත් පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කරන ආහාර ඔබේ ශරීරයට බලපාන්නේ කොහොමද යන්න තේරුම් ගැනීමත් ඉතාම වැදගත්. සරලව කිව්වොත් පරිවෘත්තීය ක්‍රියාවලිය කියන්නේ ඔබේ ශරීරය කැලරි දහනය කරන වේගය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ශාරීරික ක්‍රියාකාරකම් සිදු කරන වේගයයි.

එක්කෙනෙක් ගෙන් එක්කෙනෙක් ට ශරීරය එකිනෙකට වෙනස් වගේම ආකාරයටම, පරිවෘත්තීය ක්‍රියාවලියද ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පරිවෘත්තීය ගැන සාකච්ඡා කරනකොට වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය ද ඉතා වැදගත්. විශේෂඥයන් සොයාගෙන තියෙන්නේ වයස වැඩිවීමත් සමඟ ඔබේ පරිවෘත්තීය වේගය ද අඩු වෙනවා කියලායි. මේ අනුව නිවැරදිව ආහාර ගැනීමේ වැදගත්කම වැඩි වෙනවා. එහෙනම් අපි දැන් බලමු ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරවන ආහාර පිළිබඳව...

1. බිත්තර
බිත්තර කියන්නේ පුදුම සහගත ආහාරයක්. ඒවා‍යේ කැලරි ප්‍රමාණය අඩුයි විතරක් නෙමෙයි ප්‍රෝටීන් ද බහුලයි. hard-boiled බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6.29 ක් අඩංගු බව වාර්තා වලින් පෙන්වා දෙනවා. ආහාරයට ගත්තාට පස්සේ මේදය හෝ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වලට වඩා, බිත්තර ජීර්ණය කිරීම සඳහා ශරීරයට වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට සිද්ධ වෙනවා.

උපදෙස : ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ මට්ටමක පවත්වගන්න දිනපතා තම්බා ගත්ත බිත්තර දෙකක් කන්න.

2. හණ ඇට
බිත්තර මෙන්ම හණ ඇට (flaxseeds) ද ප්‍රෝටීන් වලින් පොහොසත්. එසේම ඒවා විටමින් බහුල ප්‍රභවයක් වන අතර යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ඒවා පරිභෝජනය කිරීමට ගොඩක් අය පෙළඹීලා ඉන්නවා. එය ඔබේ පරිවෘත්තීය වැඩි දියුණු කරනවා විතරක් නෙමෙයි metabolic syndrome තත්ත්වය සඳහා ද හොඳ ආහාරයක්. එය දියවැඩියාව හා හෘද වාහිනී රෝග පාලනය සඳහා ද දායක වෙනවා. එපමණක් නෙමෙයි, හණ ඇටවල ඇති තන්තු, උදරයේ බඩවැල්වල ජීවත් වෙන යහපත් බැක්ටීරියා වර්ග වල සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ද උපකාර කරනවා.

උපදෙස : ඔබ දිනපතා ස්මූතී හෝ ජූස් එකක් බොනකොට ඒකට හණ ඇට තේ හැන්දක් ද එක් කරන්න, එතකොට ඔබ දවස සඳහා සූදානම්. නැතිනම් රැයක් පෙඟෙන්න තියලා බත් පිසින් විට එයටම එකතු කරන්න පුලුවන්.

3. කිරි, යෝගට් සහ කොටේජ් චීස්
කිරි කියන්නේ හොඳ කැල්සියම් ප්‍රභවයක් බව කවුරුත් දන්නා කරුණක්. මෑත කාලයේ කරපු අධ්‍යන වලින් පෙන්වා දීලා තියෙන්නේ ශරීරයට ප්‍රමාණවත් කැල්සියම් තියනකොට ඒකෙන් ශරීරයේ තැන්පත් වෙලා තියන මේදය බිඳ දමනවා කියලායි. අනිත් දේ, යෝගට් වල ප්‍රෝබියොටික් අඩංගු නිසා ඒකෙන් ඔබේ ශරීරය සිසිල් කරවනවා. කොටේජ් චීස් ප්‍රෝටීන් වලින් පොහොසත් වන අතර එය ඉහත සඳහන් කළ විදිහට ඔබේ පරිවෘත්තීය වේගය වැඩි කිරීමට උපකාරී වෙනවා.

උපදෙස : ඔබේ මාංශ පේශි වල සෞඛ්‍යය පාලනය කර ගැනීමට මෙම ආහාර තුනම විශිෂ්ටයි.

4. ඉඟුරු
ඉඟුරු පරිභෝජනය කරනකොට ශරීර උෂ්ණත්වය ඉහළ නැංවෙනවා. එමඟින් ඔබේ පරිවෘත්තීය වේගය වැඩි කරනවා. ඉඟුරු ශරීරයේ “යහපත් කොලෙස්ටරෝල්” වැඩි කරන අතරම බර අඩු කර ගැනීමටත්, නිරාහාරව සිටියදී ග්ලූකෝස් මට්ටම වැඩි කිරීමටත් මෙම සංයෝජනය උපකාරී වන බව කරන ලද අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. බොහෝ අවස්ථාවලදී ඔක්කාරය ද අඩු කරවනවා.

උපදෙස් : ආසියානු ජාතිකයන් වන අපේ කෑම වර්ගවල යම් මට්ටමක කුළුබඩු සඳහා ඉඟුරු අඩංගු වෙනවා. ඔබේ ආහාර වේලට ඉඟුරු ටිකක් එකතු කර ගත්තාම ඉතාම හොඳයි. ඔබට ඉඟුරු අච්චාරුවක් වුණත් හදාගන්න පුලුවන්.

5. මිරිස් 
ඔබේ ආහාර වේලට සැර ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිරීම ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලියට ධනාත්මකව ලෙස බලපානවා. විශේෂඥයන් කියන්නේ මිරිස් වල අඩංගු සක්‍රීය සංයෝගයක් වන capsaicin පරිවෘත්තීය වේගය වැඩි කිරීමට සහ බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වෙනවා කියලායි. කෙසේ වෙතත් හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබට මිරිස් ඒවායේ ස්වාභාවික ස්වරූපයෙන් ම ආහාරයට ගන්න වෙනවා.

6. ග්‍රීන් ටී සහ කෝපි
මේක පුදුමයට කරුණක් වෙන්න පුලුවන් නමුත් ඇමරිකානු සංවිධානයක් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ග්‍රීන් ටී සහ කැෆේන් සංයෝගයක් සහිත පානයන් බොද්දී වැඩි කැලරි දහනයකට ලක් වෙන බව සොයාගෙන තියෙනවා. ග්‍රීන් ටී ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර බර අඩු කර ගැනීමට ද උපකාරී වෙනවා. මේදය දහනය කරන EGCG නම් ශාක සංයෝගයක් ද එහි අඩංගුයි. කෝපි වලින් ශරීරයට විඳදරාගැනීමේ ශක්තිය වැඩි කිරීමට උපකාරී වෙනවා වගේම හොඳ ශක්තිජනක පානයක් ද වෙනවා.

උපදෙස : පරිවෘත්තීය ක්‍රියාවලියෙන් ඉහළ ප්‍රතිලාභ තිබ්බත්, ඔබ ඒවා පරිභෝජනය කරද්දී දිනකට දෙවාරයකට එම පානයන් සීමා කරන්න. එසේම කැෆේන් ඉවත් කළ නොහොත් decaffeinated coffee වලින් සමාන ප්‍රතිලාභ නොලැබෙන බවත් මතක තබා ගන්න.

7. බ්‍රොකොලි
බ්‍රොකොලි වල ග්ලූකෝරෆේනින් තිබීම ඔබට අහිමි වුණු පරිවෘත්තීය ක්‍රියාවලිය නැවත ලබා ගැනීමට උපකාරී වෙනවා. එසේම එය ඔබේ ශරීරයේ මේද මට්ටම අඩු කරනවා. මෙම එළවළුව ඇතැම් පිළිකා වර්ග වල පැතිරීම ද මන්දගාමී කරනවා.

උපදෙස : මෙය බහුකාර්ය එළවළු වර්ගයක් වන අතර එය අමුවෙන්, තම්බලා හෝ බැදලා ආහාරයට ගන්න පුලුවන්. විවිධ කෑම වර්ග සෑදීම සඳහා ඔබට බ්‍රොකොලි නටුව පවා භාවිතා කරන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,248
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,996
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,981
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,415
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed