Sex කියන්නේ හැමදාම කරන්න ඕනේ දෙයක් ද?

June 25, 2018
16,723
Is having sex a every day must?
Sex කියන්නේ කවුරු උනත් ප්‍රසිද්ධියේ කතා බහ කරන්න ටිකක් අකමැති කාරණාවක්. හැබැයි ඉතින් හැමෝම වගේ ජීවිතේ අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන දෙයක්. අපි ප්‍රසිද්ධියේ කතා බහ කරන්නේ නැති නිසාම ගොඩක් අයට ලිංගික කරුණු කාරණා ගැන තියෙන දැනුමත් ගොඩක් අඩුයි. මේ අය ගොඩක් වෙලාවට ඉන්නේ ලිංගිකත්වය ගැන වැරදි වැටහීම් වල. ඒ නිසා හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න නම් හැම කෙනෙක්ටම ලිංගිකත්වය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් ඇහුවොත් Sex කියන්නේ හැමදාම කරන්න ඕනේ දෙයක්ද කියලා විද්‍යාත්මකව දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි ඔවු කියන එක. ඒ ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවලාම බලන්නකෝ. Sex නිසා අපිට ලැබෙන දේවල් ඇහුවම ඔයා පුදුමත් වෙයි.

01. Sex මානසික ආතතිය අඩු කරනවා

ඔයා දවසම් වැඩ කරලා ඉන්නේ ලොකු ආතතියකින් නම් එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඉන්නේ ලොකු පීඩනයකින් නම් Sex තමයි ඒ ආතතියෙන් නිදහස් වෙන්න තියෙන හොඳම බෙහෙත. ලිංගික එක්වීම් ඔබේ මනස සැහැල්ලු කරමින් පීඩනය අඩු කරනවා. අපි ලිංගිකව එකතු වෙන අවස්ථාවේ අපේ ශරීරය dopamine, endorphins සහ oxytocin නිපදවනවා මේවා පීඩනය පාලනය කරමින් අපේ ස්භාවික සතුට වර්ධනය කරනවා.

02. ඇඟට හොඳ ව්‍යායාමයක්

මහන්සියෙන් ව්‍යායාම කරන අයට Sex කියන්නේ විනෝදයෙන් කරන්න පුළුවන් හොඳ ව්‍යායාමයක්. ලිංගිකව එක්වෙන අවස්ථාවේදී අපේ හුස්ම ගැනීමේ වේගය ඉහල යනවා. ඒ නිසා අපේ ශරීරයේ කැලරි දහනය වෙනවා. පර්යේෂකයින් කියන විදිහට අපි සතියකට 3 න් පාරක් ලිංගිකව එකතු වුනොත් අවුරුද්දකට අපේ ඇඟේ කැලරි 7500 දහනය වෙනවා. ඒ හින්දා Sex කියන්නේ හිතේ සතුටින් කරන්න පුළුවන් හොඳම ව්‍යායාමයක්.

03. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදවු කරනවා

පරික්ෂණ වලට අනුව සතියකට දෙපාරක් වත් Sex කරන අයට රෝග වලට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තිබෙනවා Sex නොකරන අයට වඩා. ඒ වගේම තමයි අපි වැඩි වැඩියෙන් ලිංගිකව එකතු වෙනකොට අපේ සිරුර වැඩි වැඩියෙන් ප්‍රතිදේහ නිපදවනවා. මේ නිසා නිතරම Sex කරන අයට උණක් හෙම්බිරිස්සාවක් උනත් හැදෙන්නේ බොහොම කලාතුරකින්.

04. ඔබගේ රුධිර පීඩනය අඩු කරනවා

ලිංගික එක්වීමකින් ඔබට ලැබෙන තවත් වාසියක් තමයි රුධිර පීඩනය අඩු කරන එක. විශේෂයෙන්ම අධික රැධිර පීඩනය පාලනය කරන්න ලිංගික එක්වීම් වලට පුළුවන්. ඒ නිසා හැමදාම ලිංගිකව එක් වීම නිරෝගිව ඉන්න හොඳම මාර්ගයක්.

05. හදවත නිරෝගීව තියනවා

කලිනුත් කිවුවනේ ලිංගිකව එක වෙන කොට අපේ ශරීරයේ තියෙන කැලරි දහනය වෙනවා කියලා. ඉතිං මේ නිසා අපේ හදවතත් ආරක්ෂා වෙනවා. පරික්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට නිතරම ලිංගිකව එකතු වෙන අයට හදවත් රෝග වැළඳීමේ අවධානම 45% කින් අඩු වෙනවා.

06. පිලිකා ඇතිවීමේ අවධනම අඩු කරනවා

නිතරම ලිංගිකව එකතු වීමෙන් පිළිකා වර්ධනය වීම පාලනය වෙනවා. පර්යේෂකයන් කියන විදිහට අඩුම තරමේ මාසෙකට 21 වතාවක් වත් ලිංගිකව එකතු වෙන පිරිමි අය‍ට වෘෂනකෝෂ පිලිකා ඇතිවීමේ අවධානම ඉතා අඩුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 909 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:04 AM
Script:/article/909/is-having-sex-a-every-day-must.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:04 AM
Script:/article/909/is-having-sex-a-every-day-must.html