එග් ප්ලාන්ට් විත් හොට් ගාලික් සෝස් හැදීමට අවශ්‍ය දේ :
තෙල් තෙම්පරාදුවට අවශ්‍ය පමණට
සුදු ලූනු (කුඩාවට කපාගත්) තේ හැඳි 1/2
ඉඟුරු (කුඩාවට කපාගත්) තේ හැඳි 1 /2
චිලි පේස්ට් මේස හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 3
ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
වතුර අඬු කෝප්ප 1/2
කෝන් පිටි (තේ හැඳි 1 1/2 ක් වතුර අඬු කෝප්ප 1/4 දියකර ගන්න)
සීනි ස්වල්පයක්
ලුණු, ගම්මිරිස් රස පදමට 1
තල තෙල් බිංදු 3 - 4
වම්බටු (සෝදා පිරිසිදුකර ඇඟිලි හැඩයට කපා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගත්) ග්‍රෑම් 500
එග් ප්ලාන්ට් විත් හොට් ගාලික් සෝස් හදමු
1. වොක් බඳුනක් ගෙන ලිප තබා රත් කර තෙල් එක්කර එයට සුදු ලූනු, ඉඟුරු එක්කරන්න.
2. පසුව එයට චිලි පේස්ට්, තක්කාලි සෝස් එක්කරන්න.
3. ඉන්පසු ඔයිස්ටර් සෝස් හා වතුර අඬු කෝප්ප 1/2 එක්කර හොඳින් මිශ්‍රකරන්න.
4. එය හොඳින් නටන විට දියකරගත් කෝන් පිටි එක්කර උතුරවා ගන්න.
5. රස පදමට සීනි, ලුණු, ගම්මිරිස් එක්කරන්න.
6. දැන් එයට බැදගත් වම්බටු එක්කර කලවම් කරන්න. තල තෙල් බිංදු කිහිපයක් ඒ මතට දමා කලවම් කරගන්න.