බර අඩු කර ගන්න, සැමියා සිගරට් අරක්කු බොන එක නවත්තගන්න දෙන්න බතල

June 15, 2018
7,863
So many benefits of sweet potato
බර වැඩි වීම කියන්නේ ලෙඩ රෝග රැසකට අත වන්නන්ක්. ඒ නිසාම ගොඩක් දෙනෙක් තමන්ගේ අනවශ්‍ය බර පාලනය කර ගන්න සෑහෙන්න උත්සාහ කරනවා. ආහාර පාලනය, ව්‍යායාම, යෝග ආදී නොයෙකුත් දේ මඟින් මේ ගැටලුවට විසඳුම් හොයනවා. මේ කියන්න යන්නේ බර අඩු කර ගන්න උත්සාහ කරන අයට ගොඩාක් වැදගත් වෙන ආහාරයක් ගැන. මොකද බර අඩු කර ගනිද්දී අපි වැළකෙන්න ඕන ආහාර වගේම ආහාරයට එක් කර ගන්න ඕන ආහාරත් තියෙනවනේ.

බතල කියන්නේ අපි හැමෝම හරිම ආසාවෙන් කන ආහාරයක්නේ. ඒ වගේම පෝෂණය අතිනුත් ඉහළ ආහාරයක්. බර අඩු කර ගන්න වගේම බොහොමයක් සෞඛ්‍ය ගැටළු වලට බතල වලින් විසඳුම් ලබා ගන්න පුළුවන්.

අනෙක් අල වර්ග වලට සාපේක්ෂව බතල කියන්නේ කෙඳි බහුලව අඩංගු වන ආහාරයක්. ඒ නිසා ඔයාගේ බර පාලනය කර ගන්න ගොඩාක් උදවු වෙනවා. කෙඳි සහිත ආහාර ගැනීමෙන් ඔයාට නිතර නිතර බඩගිනි ඇති වෙන එක නතර කර ගන්න පුළුවන්. එතකොට නිකන්ම ආහාර පාලනයක් වෙනවා. කෙඳි සහිත ආහාර දිරවීමට ටික වෙලා යනවා. ඒ නිසා තමයි තන්තු බහුල අහාර ඔබේ බඩගින්න ප්‍රමාද කරන්නේ. බතල කියන්නේ තන්තු බහුල ලෙස අඩංගු ආහාරයක් නිසා බර වැඩි අයට හොඳ විසඳුමක්.

බතල වල අඩංගු මැග්නීසියම් හා අනෙකුත් ඛනිජ වර්ග ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල නංවන්නත් ඉවහල් වෙනවා. ඒ වගේම බතලවල කැලරි අඩංගු වෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඒ නිසා සිරුරේ බර අඩු කර ගන්න මහන්සි ගන්න අයට මේක කදිම ආහාරයක්. බතලවල කැලරි අඩංගු වන්නේ 90ත් 100ත් අතර ප්‍රමාණයකි. නමුත් අනෙක් අල වර්ග වල මෙම අගය ඉතා ඉහල අගයක් ගන්නවා. ඒ නිසා අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු බතල වඩා ගුණදායකයි, සෞඛ්‍යටත් හිතකරයි.

මිට අමතරව ප්‍රදාහය අවම කරන්නත් බතල වලට හැකියාව තියෙනවා. ශරීර අභ්‍යන්තරයේ ඇති වන දැවිල්ල හා උෂ්ණාධික තත්ත්වයන් අවම කරනවා. බතල වල අඩංගු බීටා කැරොටින්, විටමින් සී සහ මැග්නීසියම් අඩංගු වන නිසා තමයි ශරීර අභ්‍යන්තරයේ සහ බාහිර ප්‍රදාහයන් සුව කරන්නේ.

බීටා කැරොටින්, මැග්නීසියම්, සින්ක් සහ විටමින් බී අඩංගු නිසා බතල ආතරයිටිස් පාලනය හා සුව කිරීම සඳහා ඉතා වැදගත් වන ආහාරයක්. කලින් කිව්ව වගේ කෙඳි බහුලව අඩංගු නිසා විජලනය වැනි තත්ත්වයන්ගෙනුත් ඔයාව ආරක්ෂා කරනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහල නංවනවා.

මේ හැම දේම වගේම බතල ගැන වැදගත්ම කතාව කිව්වේ නෑනේ. සිගරට්, අරක්කු හා වෙනත් මත් ද්‍රව්‍ය වලට පුරුදු වුනු අයට ඒ ඇබ්බැහියෙන් මිදෙන්න බතල උදවු වෙනවා. ස්වාභාවිකවම ඔවුන්ව මත්පැන් හා දුම් පානයෙන් ඈත් කරන්න එයට පුළුවන්. ඒ වගේම මත්පැන් හා දුම් පානය කරන අයගේ ධමනි හා ශිරා වල සෞඛ්‍ය තත්ත්වයටත් එය ඉතාමත් වැදගත්. එමෙන්ම එහි අඩංගු ඉහල බීටා-කැරොටින් සහ පොස්පරස් යන දෙකම හෘද රෝග සඳහා සුව ගෙන දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 884 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:53 AM
Script:/article/884/so-many-benefits-of-sweet-potato.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:53 AM
Script:/article/884/so-many-benefits-of-sweet-potato.html