ඔයාට සැමියාව සතුටු කරන්න පුළුවන් ක්‍රම 06 ක්

July 24, 2018
34,240
06 ways you can make your husband happy
ජිවිතය ගෙවෙන්නේ එකම විදිහටමද? ජීවිතේ බෝරින් වෙලාද? ඔයාගේ සැමියාගෙන් ඔයාට මෙහෙම අහන්න ලැබුණොත් දැන් ඔයාට සැමියා වෙනුවෙන් වෙනස් වෙන්න කාලය හරි කියලයි අපිට හිතෙන්නේ. එකම විදිහට ජීවිතේ ගලාගෙන ගියාම පවුල් ජීවිතයත් ඒකාකාරී වෙන්න පුළුවන්. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම් ඔයාට ජීවන රටාව ටිකක් වෙනස් කර ගන්න වෙනවා. අද අපි ඔබට www.hdakari.com තුළින් කියන්න යන්නේ ඔයාගේ සැමියාව සතුටින් තියන්න ඔයා කළ යුතු සරල දේවල් කිහිපයක්. ඔයාගේ සැමියාට වගේම ඔයාටත් ඒකාකාරී ජීවන රටාවෙන් මිදෙන්න මෙය උපකාරී වේවී. මේ ලිපිය කියවලම බලන්නකෝ.

01 .ඔහු වෙනුවෙන් අවධානය යොමු කරන්න

විවාහ ජීවිතය කියන්නේ තනි හුදකලා ජීවිතයක් නෙමෙයි. එකිනෙකා තේරුම් ගැනීම හා එකිනෙකා අතර අදසහස් හුවමාරුව සාර්ථක සම්බන්ධතාවකට ඉතාමත් වැදගත්. ඔබගේ සැමියා කුමන හෝ රැකියාවක නියැළෙනවා ඇති. එවැනි පසුබිමක ඔයාට ඔහු එක්ක නිතරම කතාබහ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ලැබුණු වේලාව මිස් කර ගන්න එපා. ඔහුගේ තොරතුරු විමසන්න. කාර්යාලයේ වැඩ ගැන අහන්න. කෑම මේසයේදී හෝ හැකි නම් ඔහු හා සංවාදයේ යෙදෙන්න. ඒ තුළින් ඔයාලා දෙන්නා අතර තියෙන සම්බන්ධතාව තවත් ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි එයාට දැනෙන්න පටන් ගන්නවා ඔයා එයාට ගොඩක් ආරෙයි කියලා. එයා ගැන හොයලා බලනවා කියලා. එතකොට ඔයාලා දෙන්නගේ ආදරය තවත් ශක්තිමත් වේවී.

02. ඔහුගේ වැඩවලට උදව් වෙන්න

ඔයාට හැකි අයුරෙන් ඔයාගේ සැමියාගේ වැඩවලට උදව් වෙන්න ඔයාට පුළුවන්. පොඩි පොඩි වැඩවලට උදව් කිරීමෙන් ඔයාට තියෙන ආදරය වැඩි වෙනවා. ඔහුට ඉතාමත් හදිසි වැඩක් තියෙනකොට ඔයා කවදාවත් පැත්තකට වෙලා ඉන්න එපා. පුළුවන් වැඩක් නම් දෙන්න එකතු වෙලා කළ යුතු වැඬේ ඉක්මනින් ඉවර කරන්න. ඒක ඔයාගේ සැමියාගේ මානසික සහනයට ඔසුවක් වේවී. ඒ වගේම ඔයාලා දෙන්න අතර තියෙන ආදරය තවත් වැඩි වේවී. ඔහු වැඩ කරලා මහන්සියෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතිං මේ වගේ වේලාවට එයාට තේ එකක් හදලා දීලා ඔහුගේ හිසා පොඞ්ඩක් මසාජ් කරන්න. ඒ පුංචි දේවල්වලින් ඇති එයාට ඔයා ගැන තියෙන ආදරේ වැඩිපුර දැනෙන්න ගන්න.

03. වෙනදාට වැඩියෙන් ආදරය පෙන්වන්න

වැඩ රාජකාරී කටයුතු, ගේ දොර වැඩකටයුතු එක්ක ඔබට ඔහුව මගහැරුණා විය හැකියි. ඉතිං තවදුරටත් ඔහුට ළං නොවී ඉන්න එපා. වෙනදාට වඩා වැඩියෙන් ඔහු ළග රැඳෙන්න. ඔබ උදෑසන අවදි වූ විට වෙනදා හිටියේ පොඩි වේලාවක් නම් දැන් ඒ කාලය චුට්ටක් වැඩි කරන්න. වෙනදාට වඩා ආදරයෙන් ඔහුව සිප ගන්න. එයින් ඔහු සතුටට පත් වේවී. වැඩ කරන අතර තුරදි ඔහුට මැසේජ් එකක් යවන්න. ඔබ නොසිතුවට මේ හැම දේකින්ම ඔයාට තව තවත් ඔහු ළං වේවී.

04. ඔහුගේ මුහුණට සිනහවක් දෙන්න

ඕනම කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් එකම දේ හිනාව විතරයි කියලා කියනවානේ. හිනාවට පුළුවන් කාගේත් සිත් සැහැල්ලු කරන්න. ඉතිං ඔයාගේ සහකරුවාගේ මුහුණට සිනහවක් එකතු කරන්න අමතක කරන්න එපා. එයින් ඔහුගේ වෙහෙස, මහන්සිය, විඩාව මගහැරි යාවී.

05. ඔහු වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න

කොතරම් කාර්යබහුල වටපිටාවක කටයුතු කරන්න වුණත් ඔහු වෙනුවෙන් විශේෂ දෙයක් කිරීම ඉතා වැදගත්. සතියේ දවසක හෝ සති අන්තයක හෝ පොඩි වෙනස දෙයක් කරන්න අමතක එපා. දෙන්නත් එක්ක කෑමට එළියට යන්න හෝ චිත්‍රපටයක් බලන්න යන්න. එහෙමත් නැත්තම් දෙන්නත් එක්ක ඇවිදින්න යන්න සැලසුම් කරන්න. මේ තුළින් ඔයාලා දෙන්නගේ ඒකාකාරී ජීවන රටාව වෙනස් වේවී.

06. පුංචි තෑග්ගක් දෙන්න

ඔයාට පුළුවන් ඔයාගේ සැමියා සතුටු වෙන විදිහේ පොඩි තෑග්ගක් දෙන්න. ඉතා මිළ අධික වටිනා තෑගී මිළදී ගැනීම අවශ්‍ය වෙන්නේ නෑ. නිවසේදීම වුණත් ඔයාට සාදා ගන්න පුළුවන්. එය ඔයාගේ සැමියාට ආදරණීය තෑග්ගක් වේවී. එයින් ඔබට ඔහුව මතක් වෙන බව දැනෙන්න පටන් ගනීවී. එය ඔබ දෙදෙනා අතර තියෙන ආදරය වැඩි වෙන්න හේතුවක් වේවී.

මේ වගේ පොඩි පොඩි දේවල් නොවැදගත් කියලා කිසිවිටෙක හිතන්න එපා. ඒ වගේ පුංචි දේවල් වලින් ඔයාලා දෙන්නාගේ සබදතාව තවත් ශක්තිමත් වේවී. එ නිසා හැකි සෑම විටම ඔයාගේ සහකාරුවාට සමීප වෙන්න මේ වගේ දේවල් කරන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 968 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:29:49 AM
Script:/article/968/06-ways-you-can-make-your-husband-happy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:29:50 AM
Script:/article/968/06-ways-you-can-make-your-husband-happy.html