ඕනෑම ගෑණු ළමයෙක් ආදරේ කරද්දී බලාපොරොත්තු වෙන්නේ හැම අතින්ම ගුණ යහපත්, තමන්ට ගොඩක් ආදරය, රැකවරණය දෙන කෙනෙක්ව. එත් හැම දේම එක්කෙනෙක් තුල නැති වුණත් ඒ ලක්ෂණ වලින් කීපයක් හරි තියෙන්නේ කීයෙන් කී දෙනා ලඟද? ඔයාගේ පෙම්වතා, සැමියා ළඟත් මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔහු ඔබට ලැබිලා තියෙන්නේ ඔයාගේ වාසනාවට. කවදාවත් ඒ ආදරේ නැති කර ගන්න තරම් අවාසනාවන්ත වෙන්න එපා.
1. ඔහු ඔයාට ලැබිය යුතු ගරුත්වය නොඅඩුව දෙන කෙනෙක්
2. ඔහු ඔයා සහ ඔයා සමඟ ගෙන යන සම්බන්ධය කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගත කෙනෙක්
3. ඔයා ඉල්ලන්නත් කලින් ඔයා වෙනුවෙන් ලැබිය යුතු තැන ඔබට ලබා දෙනවා
4. ඔයාගේ වැරදි කාටවත්ම කියන්නේ නැති කොල්ලෙක්
5. ඔයා එක්ක තියෙන ප්රශ්න ඔයා එක්කම විසඳ ගන්නවා. වෙන අය එක්ක ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ
6. ඔයාට වගේම අනිත් ගෑණු ළමයින්ට, කාන්තාවන්ට හැමෝටම ගරුත්වයක් ඇතිව කතා කරන, වැඩ කරන කොල්ලෙක්. එහෙම කොල්ලෝ අද කාලේ නැති තරම්. පාරක යද්දී වුනත් දකින දකින ගෑණු ළමයින්ට නරක විදියට කතා කරනවද? එත් එයා ඒ වගේ කෙනෙක් නෙවෙයි
7. ඔහු ඔයාගේ අවංක කම අගයන කොල්ලෙක්.
8. ඔයාව විශ්වාස කරන කෙනෙක්. ඒ විශ්වාසය රැක ගන්න එක තමයි ඔයාට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම දේ
9. ඔහු අතින් සිදු නොවුන වැරදි පවා ආදරේ වෙනුවෙන් පිලි ගන්නවා
10. ඔයාගේ යාළුවො හිතවතුන් එක්කත් ඔහු හරිම මිත්රශීලියි
11. ඔයා වෙනුවෙන් ඔහුගේ හැසිරීම්, අඳින පළඳින විදිහ වෙනස් කරගැනීමට ඔහුට හැකියාව තියෙනවා
12. ඔහු ලැබීමට තරම් ඔයා වාසනාවන්තයි කියන එක ඔයාටම දැනෙන දෙයක්
13. අනාගතය ගැන plan කරනවා. ඒ ගැන ඔයත් එක්ක කතා කරනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා