දැල්ලෝ ස්ටූ හැදීමට අවශ්‍ය දේ :
තෙල් මේස හැඳි 2
අබ ග්‍රෑම් 10
ලොකු ලූනු (කපාගත්) ග්‍රෑම් 50
අමු මිරිස් (සිහින්ව කපාගත්) කරල් 4
සුදු ලූනු (පෙති කපාගත්) ග්‍රෑම් 20
රම්පෙ කැබැල්ලක්
කුරුඳු කැබැල්ලක්
කහ කුඩු ග්‍රෑම් 10
තක්කාලි (කපාගත්) ග්‍රෑම් 50
වතුර අඬු කෝප්ප 1/4
දැල්ලෝ (කපාගත්) ග්‍රෑම් 150
කැරට් (කොටු කපාගත්) ග්‍රෑම් 20
අබ ක්‍රීම් තේ හැඳි 1
විනාකිරි මේස හැඳි 1
පොල් කිරි අඬු කෝප්ප 1/4
ගම්මිරිස් ග්‍රෑම් 20
ලූණු රස පදමට
මාළු මිරිස් (රවුම් කපාගත්) ග්‍රෑම් 20
කරපිංචා කිනිත්තක්
දැල්ලෝ ස්ටූ හදමු
01. බඳුනකට තෙල් දමා රත් වූ පසු එයට අබ එක්කර අබ ඇට පුපුරන විට ලොකු ලූනු, අමු මිරිස්, සුදු ලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳු එක්කර තෙම්පරාදු කරගන්න.
02. පසුව එයට කහ සහ සිහින්ව කපාගත් තක්කාලි, වතුර සහ දැල්ලන් ද එක්කර මදක් තම්බා ගන්න.
03. පසුව එයට කැරට් දමා ඒවා තැම්බෙන විට අබ ක්‍රීම්, විනාකිරි, පොල් කිරි දමා උතුරුවා ලුණු, ගම්මිරිස් එක්කර මාළු මිරිස් දමා ලිපෙන් බාගන්න.