උගුරේ අමාරුව ඉක්මණින් ඉවත් කරන්න මේවට පුළුවන්

December 6, 2019
10,116
Get rid of sore throat with these
උගුරේ අමාරුව. එය සැබවින්ම ඔබව අසනීප කළත් නැතත්, එය සුපිරි කරදරයක්. අපි කාටත් එහෙමයි. තේ සහ මී පැණි කියන්නේ හැමදාම උගුරේ අමාරුවට භාවිතා කරන ප්‍රතිකර්ම දෙකක්නේ. නමුත් උගුරේ අමාරුව සමනය කිරීමට තවත් වටිනා වෙනත් ආහාර ද උපකාරී වන බව ඔබ දැන සිටියාද? අපි ඔබ වෙනුවෙන් ඒවා පහත ලැයිස්තු ගත කරලයි තියෙන්නේ.

1. සුප් එකක් 

 තේ කෝප්පයක් මෙන්ම, තැම්බූ සුප් කෝප්පයක් ද ඔබේ උගුරට බොහෝ යහපත්. ඒකේ උණුසුම් වාෂ්ප නිසා ඔබේ නාසය සිරවීමද අඩු වෙයි. මීට අමතරව සුප් කියන්නේ විෂබීජ නාශක සඳහා හොඳම පදනමක්. නැවුම් එළවළු, සුදුළූණු, කහ, ඉඟුරු ඒක හදද්දී එකතු කරන්න. එතකොට උගුරේ අමාරුවට ගුණදායක සුප් එකක් එයින් ඔබට ලැබෙනව.

2. පළතුරු අයිස්ක්‍රීම්

උගුරට සුව දායක ද්‍රව්‍ය වලින් හදපු සිසිල් අයිස්ක්‍රීම් එකකින් ඔබේ උගුර සිසිල් කරන අතර ක්ෂණික වේදනා සහනයක් ලබා දිය හැකියි. සාමාන්‍ය අයිස්ක්‍රීම්වල සීනි විශාල ප්‍රමාණයක් ඇති අතර එය ඇත්ත වශයෙන්ම ඔබේ උගුර කුපිත කරවනවා. මෙහෙම අයිස් ක්‍රීම් එකක් හදාගන්න. ඔබේ බ්ලෙන්ඩරයට විවිධ පළතුරු, නැවුම් නිවිති සහ ගාන ලද ඉඟුරු දමන්න. මෙම මිශ්‍රණය අයිස් අච්චුවකට වත් කර පැය කිහිපයක් ෆ්‍රීසරේ තබා ආහාරයට ගන්න. ඔබේ උගුරට සනීපයක් දැනෙයි.

3. සුදුළූණු

සුදුළූණු වල අඩංගු ඇලිසින්, වේදනා අඩු කරවන බලපෑමක් ඇති අතර උගුරේ අමාරු ඇති කරන බැක්ටීරියා විනාශ කරයි. සුදුළූණු ඔබේ සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව ද සටන් කරයි. සුදුළූණු සහ කරාබුනැටි කපා ඔබේ සුප් එකට දමා පානය කරන්න .

4. ස්මූතීස්

අයිස්ක්‍රීම් එකක් මෙන්ම සිසිල් ස්මූති එකකුත් ඔබේ උගුර බොහෝ යහපත් කරයි. ඔබ උණ රෝගයෙන් පෙළෙනවාද? එවිට ඔබට බොහෝ විට ආහාර රුචියද නැතිවනවා. එහෙත් හැකි ඉක්මණින් ශක්තිය නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ ලබා ගැනීමට ස්මූතීස් පානය කරන්න. ඔබේ උගුරේ අමාරුවට එරෙහිව සටන් කිරීම සඳහා සුමට අමුද්‍රව්‍ය ගණනාවක් ඒ සඳහා අත්‍යවශ්‍යයි. ශීත කළ හෝ නැවුම් පලතුරු, ඕට්ස්, නැවුම් ඉඟුරු, කහ, වතුර හෝ එළවළු කිරි සහ අයිස් කැට ප්‍රමාණයක් ඒ සඳහා ගන්න.

5. තේ

ඇත්ත වශයෙන්ම ඔබ මෙය දැනටමත් දන්නවා ඇති. නමුත් සාමාන්‍ය තේ එකක්ම විතරක් ඒ සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑ. උගුරේ අමාරුවට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් දේවල් ඒකට ඇතුළත් කිරීම ඉතා වැදගත්. උදාහරණයක් ලෙස ඉඟුරු, කුරුඳු, මින්ට් වැනි අමුද්‍රව්‍ය වර්ග ඒ සඳහා මිශ්‍ර කිරීමට තෝරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1475 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:18:13 PM
Script:/article/1475/get-rid-of-sore-throat-with-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:18:14 PM
Script:/article/1475/get-rid-of-sore-throat-with-these.html