ඔබේ අඬන දරුවා ඉක්මනින් නළවා ගන්න පහසු උපක්‍රමයක්..

December 17, 2021
79,686
A funny trick that stops your baby crying immediately
පවුලට අළුත් සාමාජිකයෙක් එකතු වෙනවා කියන්නේ ඕනෑම දෙමව්පියෙකුට ආශීර්වාදයක්.. ඒත් යථාර්ථය නම් අලුත උපන් දරුවා අඬන එක දෙමාපියන්ට පැවරෙන වැඩ රාජකාරි එක්ක බොහෝ වෙලාවට මව පියාට ආතතියක් ගෙන එනවා.. දරුවා නළවා ගැනීමට ඔවුන් කරන්න පුලුවන් ඔක්කොම කරනවා. ඔබේ නිවසේත් කුඩා දරුවකු සිටිනවා නම් මේ අත්දැකීම ඔබටත් ඇති..

නමුත් ඔබ දන්නවාද කැලිෆෝනියාවේ සිටින ළමා රෝග විශේෂඥයකු වන වෛද්‍ය රොබට් හැමිල්ටන් බොහෝමයක් වෛද්‍යවරුන්ට සහ දෙමවුපියන්ට පොදු ගැටළුවක් වන අලුත උපන් බිළිඳෙකු සන්සුන් කරන්නේ කෙසේද යන්න පිළිබද පරීක්ශණයක් පවත්වා දරුවා සන්සුන් කරගැනීමට හැකි ඉක්මන් සහ සරළ පුදුම සහගත ක්‍රමයක් සොයාගෙන තිබෙන බව.

වෛද්‍ය හැමිල්ටන් විසින් "අඬන ළදරුවෙකු සන්සුන් කරන්නේ කෙසේද" යන මාතෘකාව යටතේ, සරළ පියවර 4කින් අඬන දරුවකු පහසුවෙන් නලවා ගන්නේ කෙසේදැයි විස්තර කරනවා..



1. දරුවාගේ දෙඅත් කතිරයක් සේ දිස්වන ආකාරයට ඔවුන්ගේ පපුව ඉදිරියෙන් නමන්න

2. නැමීමෙන් පසු දෑත් නොරිදෙන සේ ආරක්ෂාකාරිව තිබීම වැදගත්

3. ඔබට වඩා හුරු අතින් දරුවාගේ පිටුපස අල්ලා ගන්න; ඔබ දරුවාට ඩයිපරය අන්දා ඇතිනම් ඒ මතින් අත දමා දරුවා ඔබගේ අතෙහි රඳවා ගන්න.

4. අනෙක් අත දරුවාගේ නවන ලද දෙඅත් මත රඳවා දරුවා ඉහල පහළ කරන්න..

ඔබගේ අඬන දරුවා හාස්කමකින් මෙන් ඉක්මනින් නැළවෙනවා ඔබට පෙනේවී..( වීඩියෝ එක හොඳින් බැලීමෙන් ඔබට වඩා හොඳින් ක්‍රමය වටහා ගත හැකියි).

මෙම ක්‍රමය උපතේ සිට මාස 2 ත් 3 ත් අතර දරුවන් සන්සුන් කර ගැනීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් බව වෛද්‍ය හැමිල්ටන් පවසනවා.. මන්ද එම වයසේ දී ඔවුන් එම ඉරියව්වේ තබාගැනීමට හැකි බරකින් යුතුයි.

ලොව පුරා මිලියන ගණනාවක් ජනතාව වෛද්‍ය හැමිල්ටන්ගේ වීඩියෝව නරඹා ඇති අතර බොහෝ දෙනා එය අත් හදා බලා දරුවන් ඉක්මනින් නළවාගෙන තිබෙනවා. නමුත් ඇතැම් දරුවන් සඳහා එය වැඩකළ නොහැකි විය හැකියි.. එසේ නොමැතිනම් දරුවා නොනවත්වා හඬන්නේ වෙනත් අසනීප තත්ත්වයකින් හෝ කුසගින්න, බඩ පිපුම වැනි වෙනත් හේතුවක් නිසාද විය හැකියි.. කෙසේ නමුත් දරුවා නොනවත්වා දිගින් දිගටම හඬනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා.



Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   19,668
   12

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි

Latest Articles

Most Viwed