නිවසේ තියෙන මේ දේවල් සෑම සතියකටම සැරයක් පිරිසිදු කල යුතුයි

December 23, 2021
10,373
Things you should be cleaning every week
ඔබගේ නිවසේ ඇති ඇතැම් භාණ්ඩවල කාර්‍යක්ෂමතාව සහ ආයුකාලය වැඩි කිරීම සහ විශබීජහරනය සඳහා අවම වශයෙන් සතියකට වරක් හෝ ඒවා පිරිසිදුකල යුතු වනවා.

ඇඳ ඇතිරිලි


අප බොහෝ දෙනා දවසින් ⅓ ක් පමණ ඇඳේ ගතකරන බැවින් සමේ ඇති මැරුණු සෛල, දහඩිය, කුණු විෂබීජ ආදිය ඇඳ ඇතිරිලි මත තැන්පත් වෙනවා. එමගින් ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වනවා.. එමනිසා සතියකට වරක් ඇඳ ඇතිරිලි සෝදා හොඳින් වියලා ගත යුතුයි.


මුළුතැන්ගෙයි කවුන්ටර් ටොප්ස්


ඔබ ආහාර සූදානම් කරන මුළුතැන්ගෙයි ඇති කවුන්ටර් නිතර විෂබීජවලට නිරාවරණය වනවා.. එමනිසා සතියකට වරක් බුරුසුවකින් හෝ ස්ක්‍රබ් ස්පොන්ජ් එකකින් අතුල්ලා හොඳින් ඒවා පිරිසිදු කරගත යුතුයි.


විදුලි කේතලය


ඔබ දිනපතා වතුර උණුකිරීම සඳහා විදුලි කේතලයක් භාවිතා කරන්නේ නම් එහි පිටත ඇති කහට පැල්ලම් ඉවත්කර හොඳින් පිරිසිදු කල යුතු අතර මාස දෙකකට වරක් විදුලි කේතලයේ ඇතුළත පිරිසිදුකල යුතුයි.


පාපිසි


ඔබගේ නිවසේ ඇති කාපට් සහ පාපිසිවල සුරතල් සතුන්ගේ ලෝම, දූවිලි, කුණු ආදිය තැන්පත් වනවා.. එබැවින් සතියකට වරක්වත් වැකියුම් ක්ලීනරය භාවිතයෙන් ඒවා ඉවත් කල යුතුයි. පාපිසි සෝදා හොඳින් වෙලා ගන්න.


බිම මතුපිට


නිවසේ ඇති සියලුම දැව හෝ ටයිල් මතුපිට දිනකට වරක් කොස්සක් භාවිතයෙන් අතුගා දැමුවත් අවම ලෙස සතියකට වරක්වත් නිතර භාවිතා වන සාලය, නානකාමරය, ප්‍රවේශ මාර්ගයන් විෂබීජනාශකයක් භාවිතයෙන් මොප්කල යුතුයි.


මුළුතැන්ගෙයි ඇති තුවා


මුලුතැන්ගෙයි වැඩකරමින් සිටින අතරතුර දෑත් පිසදා ගැනිමට, පිගන් / වීදුරු ආදිය පිස දැමීමට අප කුඩා මුලුතැන්ගෙයි තුවා භාවිතා කරනවා.. එබැවින් ඒවා මත විවිධ විෂබීජ තැන්පත් වීමේ ඉඩ ඇති බැවින් සතියකට වරක් හෝ ඒවා සබන් යොදා හොඳින් සෝදා වියලා ගත යුතුයි.


තුවා


බොහෝමයක් විෂබීජ තෙතමනයේ දි වේගයෙන් ක්‍රියාත්මක වනවා.. විශේෂයෙන් නාන කාමරවල ඇති තුවා නිතර තෙත්වන බැවින් ඒවාමත විෂබීජ ක්‍රියාකාරිවීම වැඩි වනවා.. එමනිසා සතියකට වරක් වත් එම තුවා සෝදා හොඳින් වේලාගැනිමට සුදුසු වනවා.

නාන කාමරය


ඔබ පිරිසිදුවීමට භාවිතා කරන නාන කාමරය සහ එහි කොටස් විෂබීජවලින් පිරී ඇතිනම් එය ඔබගේ නිවැසියන්ගේ ශාරීරික සෞඛ්‍යය කෙරෙහි අහිතකර බැලපෑම් එල්ල කරනු ලබනවා.. එබැවින් කරාම, සහ නාන කාමරයේ ඇති අනෙකුත් අංග සතියකට වරක් හොඳින් පිරිසිදු කල යුතුයි.


වැසිකිළිය


වැසිකිළිය යනු නිවසේ වඩාත් විෂබීජ සහිත ස්ථානයන්ගෙන් එකකි. එමනිසා දිනපතා පිරිසිදුකිරීමට අමතරව සතියකට වරක් ඉතා හොඳින් විෂබීජ නාශක යොදා පිරිසිදු කරගත යුතුයු.


මුළුතැන්ගෙයි සින්ක්


විවිධ ආහාර වර්ග, මස් මාලු පිරිසිදුකරන මුලුතැන්ගෙයි සින්ක් එක නිතර විවිධ විෂබීජයන්ට නිරාවරනය වන ස්ථානයක්.. එමනිසා එතුල බැක්ටීරියා සහ විෂබීජ ක්‍රියාකාරි විම වැලැක්විමට සබන් හෝ විෂබීජනාශකයක් මගින් උණුවතුර භාවිතා කර සේදීම කළ යුතුයි.


ටෝස්ටර්


විදුලි කේතලය, රයිස් කුකරය වැනි දෑ පිරිසිදු කලත් බොහෝ විට අපට ටෝස්ටරය අමතක වනවා.. පාන් ටෝස්ට් කිරීමේදි පාන් රොඩු, තෙල් ආදිය එහි තැන්පත්ව ඇති බැවින් සතියකට වරක් එහි තැටි ඉවත් කර ඔබේ ටෝස්ටරය පිරිසිදු කිරීම කල යුතුයි.


සුරතල් සතුන්ගේ ආහාර පිගන්


සුරතල් සතුන්ට ආහාර පාන ලබාදෙන පිගන් කෝප්ප සතියකට වරක් විෂබීජනාශක යොදා උණුසුම් වතුරෙන් සෝදා දමන්න.


මූණ බලන කණ්ණාඩි


නිදන කාමර, නාන කාමර හෝ සාලයේ අලංකාරය සඳහා තබා ඇති විවිධ කණ්නාඩි මත දූවිලි කුණු පහසුවෙන් තැන්පත් වනවා.. එමනිසා සතියකට වරක් හෝ ග්ලාස් ක්ලීනර් යොදා රෙදි කඩකින් එවැනි කණ්නාඩි පිස දැමිය යුතුයි.


කසළ බඳුන්


ඔබ කුණු කසළ ඉවත් කරන විට සෑම සතියකම එම බදුණට විෂබීජ නාශක යොදා පිරිසිදුකර ගත යුතුයි.


පරිගණක යතුරු පුවරුව


ඔබ නිවසේ සිට වැඩ කරන්නේ නම්, බොහෝ විට ඔබේ පරිගණකය දිනකට පැය කිහිපයක්, සෑම දිනකම පාහේ භාවිතා කරනවනේ. ඉතින් ඇඟිලිවල ඇති විෂබීජ කුණු දූවිලි ඒවා මත තැන්පත් වනවා.. එමනිසා සතියකට වරක් විෂබීජ නාශකයක් භාවිතයෙන් යතුරු පුවරුව පිස දැමිය යුතුයි.


කෝපි සාදන යන්ත්‍රය


ඔබ සෑම දිනකම කෝපි සාදන යන්ත්‍රය භාවිතයෙන් කෝපි සාදාගන්නේ නම් ඉන්පසු බඳුන සෝදා හරින්න සහ සෑම දිනකම පෙරහන මාරු කරන්න. නමුත් සෑම සතියකම එහි සියළුම කොටස් හොඳින් පිරිසිදු කල යුතුයි.

ව්‍යායාම් උපකරණ


නිවසේ අති ව්‍යායාම් යන්ත්‍ර විෂබීජනාශයක දියරයක් භාවිතාකර රෙකඩකින් හොඳින් පිසදමන්න. එවිට ඒවාමත විෂබීජ, බැක්ටීරියා තැන්පත්වීම වැළකෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Reasons and symptoms of arshas (Hemorrhoids)
   34,474
   12

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා

Latest Articles

Most Viwed